ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 190 වීසා සඳහා වන අවශ්‍යතා සංශෝධනය කර තිබේ.
මේ බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පසුගියදා දැනුම් දුන්නේය.
Highlights
- NSW ප්‍රාන්තයේ 190 වීසා සඳහා අයදුම් කිරීමට ඇතැම් වෘත්තීන් සඳහා ඔබට දැන් අවම වශයෙන් වසර තුනක සේවා පළපුරුද්දක් තිබිය යුතුය.
- මෙම සංශෝධනය Accounting, IT සහ ඇතැම් වෘත්තීය පුහුණු ක්ෂේත්‍ර සඳහා බහුලව බලපා තිබේ.
- ඇතැම් වෘත්තීන්හි නිපුණතා සහිත ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන්ට ද දැන් NSW ප්‍රාන්තයේ 190 වීසා සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලබා දී ඇත.
NSW ප්‍රාන්තයේ 190 වීසා සඳහා සිදුකළ සංශෝධන
රැකියා පළපුරුද්ද
NSW ප්‍රාන්තයේ 190 වීසා සඳහා රැකියා පළපුරුද්දේ අවශ්‍යතාව සංශෝධනය කර තිබේ.
ඒ අනුව ඇතැම් ANZSCO ඒකක කණ්ඩායම් තුළ ඇති සියලුම වෘත්තීන් සඳහා ඔබේ nominated රැකියාවෙහි ඔබට අවම වශයෙන් වසර තුනක සේවා පළපුරුද්දක් තිබිය යුතුය.
මෙම ලිපිය SBS සිංහල ගුවන් විදුලිය සතුවන ලිපියක් වන බැවින් මෙහි ඇති තොරතුරු හෝ කොටස් පිටපත් කරගැනීමේදී හෝ උපුටා ගැනීමේදී හෝ SBS සිංහල ගුවන් විදුලිය වෙත කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
මෙම සංශෝධනය Accounting, IT සහ ඇතැම් වෘත්තීය පුහුණු ක්ෂේත්‍ර සඳහා බහුලව බලපා තිබේ.
ඒ අනුව එම ක්ෂේත්රවල අයදුම්කරුවන්ට NSW ප්‍රාන්තයේ 190 වීසා සඳහා අයදුම් කිරීම බොහෝ අසීරු වනු ඇත.
යොමු කළ දිනය කෙදින වුවත් මෙම සංශෝධනය නිව් සවුත් වේල්ස් 190 වීසා සඳහා යොමු කළ සියලුම SkillSelect EOIs වලට අදාළ වේ.
Source: Getty Images
රැකියා පළපුරුද්ද වසර 3ක් අවශ්‍ය වෘත්තීන්
ANZSCO Unit Group | Occupation |
1351 | ICT Managers |
1399 | Other Specialist Managers |
1411 | Cafe and Restaurant Managers |
1413 | Hotel and Motel Managers |
2211 | Accountants |
2212 | Auditors |
2611 | ICT Business and Systems Analysts |
2613 | Software and Applications Programmers |
2621 | Database and Systems Administrators, and ICT Security Specialists |
2631 | Computer Network Professionals |
2632 | ICT Support and Test Engineers |
3212 | Motor Mechanics |
3222 | Sheetmetal Trades Workers |
3223 | Structural Steel and Welding Trades Workers |
3232 | Metal Fitters and Machinists |
3241 | Panelbeaters |
3311 | Bricklayers and Stonemasons |
3312 | Carpenters and Joiners |
3322 | Painting Trades Workers |
3331 | Glaziers |
3333 | Roof Tilers |
3334 | Wall and Floor Tilers |
3341 | Plumbers |
3411 | Electricians |
3421 | Airconditioning and Refrigeration Mechanics |
3422 | Electrical Distribution Trades Workers |
3423 | Electronics Trade Workers |
3511 | Bakers and Pastrycooks |
3512 | Butchers and Smallgoods Makers |
3513 | Chefs |
3514 | Cooks |
4114 | Enrolled Nurses |
4117 | Welfare Support Workers |
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන්ට
ඇතැම් ANZSCO ඒකක කණ්ඩායම් තුළ ඇති වෘත්තීන්හි නිපුණතා සහිත Offshore හෙවත් ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන්ට ද දැන් NSW ප්‍රාන්තයේ 190 වීසා සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලබා දී ඇත.
ඒ සඳහා ඔබ පහත සඳහන් අවශ්‍යතා සපුරා තිබිය යුතුය.
- පසුගිය මාස තුන පුරාවට නොකඩවා ඔස්ට්‍රේලියාවෙන් පිටත පදිංචිව සිටිය යුතුය.
- වයස අවුරුදු 45 ට අඩු විය යුතුය.
- ඉංග්‍රීසි භාෂා ප්රවීණත්වයක් තිබිය යුතුය.
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ target sector එකකින් හෙවත් ඉලක්කගත වෘත්තීය ක්ෂේත්රයකට අදාළ වලංගු Skills Assessment එකක් තිබිය යුතුය.
- අවම වශයෙන් සංක්‍රමණික ලකුණු 65 ක් තිබිය යුතුය.
ඔස්ට්‍රේලියාවෙන් පිටත අයදුම්කරුවන්ට 190 වීසා සඳහා අයදුම් කිරීමට ඉඩ සලසන වෘත්තීන් ලැයිස්තුව