ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ දහස් ගණනක් ප්‍රාන්ත වැසියන්ට ඔස්ට්‍රේලියාවේ විශාලතම සමාගම් කිහිපයක් සමඟ රැකියා කටයුතු කිරීමේ අවස්ථාව ලැබීමට නියමිතය.
වික්ටෝරියානුවාසීන්ගේ වෘත්තීය ජීවිතය ඉහළ නැංවීමේ සහ ව්‍යාපාර සඳහා අත්‍යවශ්‍ය ඩිජිටල් සේවකයින් ලබා දීමේ වැඩසටහනක් ලෙස එය ක්‍රියාත්මක වනු ඇත.
Highlights
- වික්ටෝරියානු ප්‍රාන්ත වැසියන් 5,000 ක් දක්වා නව ඩිජිටල් කුසලතා ඉගැන්වීම මෙහිදී සිදු කෙරේ.
- මෙම වැඩසටහනට සහභාගිවන්නන් සඳහා data analytics, web development, digital marketing, cloud computing සහ cyber security වැනි ක්ෂේත්රයන්හි පුහුණුව ලබාදෙයි.
- 450 දෙනෙකුගෙන් යුත් මෙහි පළමු කණ්ඩායම ඔක්තෝබර් මාසයේදී industry placements ආරම්භ කිරීමට නියමිතය.
වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ ඩිජිටල් රැකියා වැඩසටහන
වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ ඩිජිටල් රැකියා වැඩසටහනේ පිරිවැය ඩොලර් මිලියන 64 ක් බව වාර්තා වේ.
වික්ටෝරියානු ප්‍රාන්ත වැසියන් 5,000 ක් දක්වා නව කුසලතා ඉගැන්වීම මෙහිදී සිදුවන අතර ඒ සඳහා සහභාගිවන්නන්ට කර්මාන්ත ආශ්රිත පුහුණුව ලබා දීමෙන් පසුව ඩිජිටල් රැකියාවල ස්ථානගත කෙරේ.
ඩිජිටල් කුසලතා සොයන ව්‍යාපාර සඳහා මෙම වැඩසටහනට ලියාපදිංචි වන ලෙස මේ වන විට දන්වා තිබේ.
මෙවැනි අන්දමේ වැඩසටහනක් ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වන ප්‍රථම අවස්ථාව මෙය වන අතර සෑම අංශයකින්ම වර්ධනය වන තාක්ෂණික කුසලතාවන් සඳහා මෙයින් ප්‍රතිචාර දක්වයි.
Source: Getty Images/ dowell
දැනට සම්බන්ධ වී ඇති ආයතන
මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ ඩිජිටල් රැකියා වැඩසටහන සඳහා ඔස්ට්‍රේලියාවේ ප්රමුඛ පෙළේ සමාගම් කිහිපයක්ම ලියාපදිංචි වී තිබෙන බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
ඒවා අතර පහත සඳහන් ඒවා ප්රමුඛ තැනක් ගනී.
- ANZ
- Amazon Web Services
- Carsales
- Infosys
- MYOB
- NCS
- Salesforce
- Siemens
- Swisse
- SYPAQ
- Zendesk
Source: Getty Images/Evgenia Siiankovskaia
සහාභාගීවන්නන්ට ලැබෙන දේ
මෙම වැඩසටහනට සහභාගිවන්නන් data analytics, web development, digital marketing, cloud computing සහ cyber security වැනි ක්ෂේත්රයන්හි ප්රමුඛ වික්ටෝරියානු පුහුණු සැපයුම්කරුවෙකුගෙන් සති 12 ක නිපුණතා පුහුණුවක් සම්පූර්ණ කළ යුතුය.
එම පුහුණුවෙන් පසුව අදාළ සහභාගිවන්නන් ඔවුන්ගේ නව කුසලතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා වික්ටෝරියානු ව්‍යාපාරයක් සමඟ සති 12 ක වැටුප් සහිත සීමාවාසික පුහුණුවක් ලබා ගත යුතුය.
සහභාගිවන්නන් 450 දෙනෙකුගෙන් යුත් මෙහි පළමු කණ්ඩායම ඔක්තෝබර් මාසයේදී industry placements ආරම්භ කිරීමට නියමිතය.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
වික්ටෝරියානුවාසීන්ගේ මෙම ඩිජිටල් කුසලතා වර්ධනය කිරීමට ප්‍රාන්ත රජය විසින් වික්ටෝරියානු ව්‍යාපාරවලට ආරාධනා කරන අතර ඩොලර් 5,000 ක වැටුප් සහනාධාරයක්ද එහිදී ලබාදේ.
එමෙන්ම පුළුල් පරාසයක ඩිජිටල් ශ්‍රමිකයින් විශාල සංඛ්‍යාවකටද මේ හරහා ව්‍යාපාරවලට පුළුල් ප්‍රවේශයක් ලබා දෙයි.
ANZ විසින් වික්ටෝරියා ප්‍රාන්තය පුරා සිටින ඔවුන්ගේ කණ්ඩායම් සමග මෙම වැඩසටහනට සහභාගීවන්නන් 30 දෙනෙකු සඳහා පුහුණුව ලබාදෙනු ඇත.
වික්ටෝරියා ප්‍රාන්තයේ පහත සඳහන් ඉහළ පෙළේ පුහුණු සැපයුම්කරුවන් මෙහිදී පාඨමාලා ලබා දෙන බව ද වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.
- RMIT Online
- General Assembly
- Generation Australia
- Cyber CX
- University of Melbourne
- Victoria University Polytechnic
- Federation University
- La Trobe University
- Monash College
- Bendigo TAFE
- Kangan Institute
- Goanna Education
- Academy Xi
- DDLS