ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වීසා උප ඛාණ්ඩ වල වීසා අයදුම්පත් සලකා බැලීමේ කාලය සහ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ අයදුම්පත් සලකා බැලීමේ නවතම කාල සීමාවන් මේ වන විට ප්‍රකාශ කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හරහා මෙය සෑම මාසයකටම වරක්ම යාවත්කාලීන කරයි.
ඒ අනුව 2021 අගෝස්තු 20 වන දිනට සිදුකළ නවතම යාවත්කාලීන කිරීමේ තොරතුරු මෙම ලිපියේ දැක්වේ.
Highlights
- Skilled Independent (subclass 189) වීසා අයදුම්පත් සලකා බැලීමට මාස 17 ත් 28 ත් අතර දීර්ග කාලයක් ගතවන බව වාර්තා වේ.
- ශිෂ්‍ය වීසා අයදුම්පත් සලකා බැලීමට මාස 4 ත් මාස 5 ත් අතර කාලයක් ගතවන බව සඳහන්.
- Temporary Graduate (subclass 485) වීසා ඛාණ්ඩයේ අයදුම්පත් සලකා බැලීමේ කාලය මාස 8 ත් මාස 10 ත් අතර කාලයක් දක්වා දීර්ග වී තිබේ.
සංචාරක වීසා
Tourist ඛාණ්ඩයේ (subclass 600) වීසා අයදුම්පත් සලකා බැලීමට මාස 6 ත් 9 ත් අතර කාලයක් ගතවන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය පවසයි.
එමෙන්ම Sponsored Family ඛාණ්ඩයේ (subclass 600) වීසා අයදුම්පත් සලකා බැලීමට මාස 4 ත් 10 ත් අතර කාලයක් ගතවන බව සඳහන්.
මෙම ලිපිය SBS සිංහල ගුවන් විදුලිය සතුවන ලිපියක් වන බැවින් මෙහි ඇති තොරතුරු හෝ කොටස් පිටපත් කරගැනීමේදී හෝ උපුටා ගැනීමේදී හෝ SBS සිංහල ගුවන් විදුලිය වෙත කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
රැකියා සහ Skilled වීසා
Employer Nomination Scheme (subclass 186) වීසා ඛාණ්ඩයේ අයදුම්පත් සලකා බැලීමට මේ දිනවල මාස 7 ත් 11 ත් අතර කාලයක් ගතවන බව වාර්තා වේ.
එමෙන්ම Skilled Work Regional (provisional) (subclass 491) වීසා ඛාණ්ඩයේ අයදුම්පත් සලකා බැලීමට මාස 11 ත් 14 ත් අතර කාලයක් ගතවන බව සඳහන්.
මේ අතර Temporary Graduate (subclass 485) වීසා ඛාණ්ඩයේ අයදුම්පත් සලකා බැලීමේ කාලය මාස 8 ත් මාස 10 ත් අතර කාලයක් දක්වා දීර්ග වී තිබේ.
Skilled Independent (subclass 189) වීසා ඛාණ්ඩයේ අයදුම්පත් සලකා බැලීමට මාස 17 ත් 28 ත් අතර දීර්ග කාලයක් ගතවන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය පවසයි.
එමෙන්ම Skilled Nominated (subclass 190) වීසා ඛාණ්ඩයේ අයදුම්පත් සලකා බැලීමට මාස 4 ත් මාස 15 ත් අතර කාලයක් ගතවන බව සඳහන්.
Source: Getty Images
ශිෂ්‍ය වීසා
Higher Education Sector Student (subclass 500) ඛාණ්ඩයේ වීසා අයදුම්පත් සලකා බැලීමට මාස 4 ත් මාස 5 ත් අතර කාලයක් ගතවන බව 2021 අගෝස්තු 20 දිනට යාවත්කාලීන කළ දත්ත අනාවරණය කරයි.
එමෙන්ම Vocational Education and Training Sector හෙවත් වෘත්තීය අධ්‍යාපන හා පුහුණු ඛාණ්ඩයේ ශිෂ්‍ය වීසා අයදුම්පත් සලකා බැලීමට මාස 4 ත් මාස 6 ත් අතර කාලයක් ගතවන බව සඳහන්.
Source: Getty Images/Pollyana Ventura
Partner වීසා
Partner (Migrant) visa (subclass 100) ඛාණ්ඩයේ වීසා අයදුම්පත් සලකා බැලීමට මේ දිනවල මාස 18 ත් 30 ත් අතර කාලයක් ගතවන බව වාර්තා වේ.
එමෙන්ම 801 - Partner (subclass 801) ඛාණ්ඩයේ වීසා අයදුම්පත් සලකා බැලීමට මාස 12 ත් 20 ත් අතර කාලයක් ගතවන බව සඳහන්.
ඔස්ට්‍රේලියානු පුරවැසිභාව අයදුම්පත් සලකා බැලීමේ කාලය
75% ක අයදුම්පත් සලකා බැලීමේ කාලය | 90% ක අයදුම්පත් සලකා බැලීමේ කාලය | |
---|---|---|
සාමාන්‍ය ධාරාව හරහා ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා යොමු කළ අයදුම් පත්‍ර | මාස 12 | මාස 14 |
සම්භවය අනුව ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා යොමු කළ අයදුම් පත්‍ර | මාස 04 | මාස 06 |
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App එක නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.