ලෝකයේ ඉතා දක්ෂ ඉංජිනේරු වෘත්තිකයින් බව සනාථ කරන අයදුම්කරුවන්ව ඔස්ට්‍රේලියාවේ Global Talent Independent (GTI) වීසා වැඩසටහන සඳහා සලකා බැලීමට දැන් Engineers Australia ආයතනයට බලය ලැබී තිබේ.
ලොව සිටින හොඳම සහ බුද්ධිමත් වෘත්තිකයින් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමේ අරමුණින් මෙම Global Talent Independent වැඩසටහන ක්‍රියාත්මක වේ.
Highlights
- ඉංජිනේරු ක්ෂේත්රයේ තමන්ගේ විශිෂ්ටතාව පිළිබඳ සාක්ෂි ලබා දිය හැකි අයදුම්කරුවන්ව මේ සඳහා නිර්දේශ කිරීමට Engineers Australia ආයතනයට හැකියාව ඇත.
- ඒ සඳහා ඔබේ ප්‍රවීණතා ක්ෂේත්රය තුළ ඔබ ඔස්ට්‍රේලියාවට වත්කමක් වන බවට සනාථ කළ යුතුය.
- සුවිශේෂී කුසලතා සහ ජාත්‍යන්තර පිළිගැනීම් නිරුපණය කළ හැකි ඇතැම් ආචාර්ය උපාධිධාරීන් සඳහා ද මේ සඳහා අවස්ථාව තිබේ.
Engineers Australia ආයතනයට නිර්දේශ කළ හැක්කේ කවුරුන්වද?
මේ වන විට ඔස්ට්‍රේලියාවට අවශ්‍ය වෘත්තීය ක්ෂේත්‍ර වල ඉලක්ක ලැයිස්තුවක් (Target sectors) ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව අදාළ අවශ්‍යතා සපුරාලන සහ තමන්ගේ විශිෂ්ටතාව පිළිබඳ සාක්ෂි ලබා දිය හැකි මෙම ඉලක්කගත අංශ සඳහා අයදුම්කරුවන් නිර්දේශ කිරීමට Engineers Australia ආයතනයට හැකියාව ඇත.
මෙම ලිපිය SBS සිංහල ගුවන් විදුලිය සතුවන ලිපියක් වන බැවින් මෙහි ඇති තොරතුරු හෝ කොටස් පිටපත් කරගැනීමේදී හෝ උපුටා ගැනීමේදී හෝ SBS සිංහල ගුවන් විදුලිය වෙත කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
ඔබ මීට අදාළ self-assessment හෙවත් ස්වයං ඇගයීම සම්පූර්ණ කර Global Talent Independent වැඩසටහනේ නිර්දේශිත ඇගයීම සඳහා සුදුසුකම් ලබන්නේ නම්, ඔබේ nomination හෙවත් නිර්දේශ කිරීම සඳහා සහාය වන ලෙස ඔබට Engineers Australia ආයතනයට දන්වා අයදුම් කළ හැකිය.
Young female engineers working with helicopters Source: Getty Images
මේ සඳහා සුදුසු කවුරුන්ද?
මෙම Global Talent Independent (GTI) වීසා වැඩසටහන සඳහා පහත සුදුසුකම් සහ අවශ්‍යතා සැපිරිය යුතුවේ:
- කැපී පෙනෙන ජයග්‍රහණ පිළිබඳ සාක්ෂි සහිතව ඔබ ජාත්‍යන්තරව පිළිගත් බව ඔප්පු කළ යුතුය.
- ඔබ ප්‍රවීණතා දක්වන ක්ෂේත්රයේ තවමත් ඔබ ප්‍රමුඛයකු විය යුතුය.
- ඔබේ ප්‍රවීණතා ක්ෂේත්රය තුළ ඔබ ඔස්ට්‍රේලියාවට වත්කමක් වන බවට සනාථ කළ යුතුය.
- ඔස්ට්‍රේලියාවේ රැකියාවක් ලබා ගැනීමට හෝ ඔබේ ක්ෂේත්රය තුළ ස්ථාපිත වීමට ඔබට අපහසු නොවිය යුතුය.
- ගෝලීය කුසලතාවන් සහිත වෘත්තිකයකු ලෙස ඔබව අනුමත කරන ඔස්ට්‍රේලියාවේ පිළිගත් ආයතනයක් හෝ පුද්ගලයෙක් සිටිය යුතුය.
- සුවිශේෂී කුසලතා සහ ජාත්‍යන්තර පිළිගැනීම් නිරුපණය කළ හැකි ඇතැම් ආචාර්ය උපාධිධාරීන් සඳහා ද මේ සඳහා අවස්ථාව තිබේ.
Source: Getty Images
නිර්දේශ සඳහා අයදුම් කරන්නේ කෙසේද?
GTI නිර්දේශ සඳහා වූ ඇගයීමට පියවර තුනක් ඇත:
- GTI සඳහා සුදුසුද යන්න සනාථ කරගැනීම පිණිස වන ස්වයං ඇගයීම
- අයදුම්පත යොමු කිරීම
- අයදුම්පත ඇගයීම සහ නිර්දේශ නිකුත් කිරීම
ඔබ ඉහත දක්වා ඇති නිර්ණායක සපුරාලන්නේ නම් සහ අවශ්‍ය සියලු ලියකියවිලි තිබේ නම්, GTI නිර්දේශ ඇගයීමක් සඳහා ඉල්ලුම් කළ හැකිය.
Source: Pexels
අවශ්‍ය ලියකියවිලි
ඔබේ අයදුම්පත සමඟ ඉදිරිපත් කිරීමට අවශ්‍ය ප්‍රධාන ලිපි ලේඛන ඛාණ්ඩ හතරක් ඇත:
- අදාළ නම් ආගමන කටයුතු සඳහා සහය දක්වන බවට අනුමැතිය
- පුද්ගලික තොරතුරු
- අධ්‍යාපන සුදුසුකම්
- තමන්ගේ වෘත්තියේ අත්කරගත් සාර්ථකත්වය පිළිබඳ ප්‍රකාශයක් සහ එම ඉලක්ක අත්කරගත් බවට වූ සාක්ෂි
මේ සඳහා වැඩිදුර තොරතුරු
මේ සඳහා යන වියදම
GTI නිර්දේශ සඳහා වන ඇගයීමට විදේශ රටක සිටින අයදුම්කරුවන් GST රහිතව ඩොලර් 810 ක් ගෙවිය යුතු අතර දැනට ඔස්ට්‍රේලියාවේ සිටින අයදුම්කරුවන් GST සහිතව $891 ක් ගෙවිය යුතු වේ.
ඔබගේ අයදුම්පත ඉදිරිපත් කිරීමෙන් පසු එම මුදල ගෙවිය යුතුය.
ඔබේ GTI නිර්දේශ සඳහා වන අයදුම්පත අසාර්ථක වුවහොත් මෙම ගාස්තුව ආපසු නොගෙවන බවද Engineers Australia ආයතනය පවසයි.
Global Talent Independent වැඩසටහන
ලොව සිටින හොඳම සහ බුද්ධිමත් සේවකයින් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමේ අරමුණින් Global Talent Independent වැඩසටහන ක්‍රියාත්මක වේ.
ඒ අනුව මෙම වැඩසටහන යටතේ ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් හට ඉතා ඉක්මණින් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි කර දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය කටයුතු යොදා ඇත.
මේ වැඩසටහන යටතේ ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් හට අදාළ ක්ෂේත්‍ර වල රැකියාවක යෙදෙමින් වාර්ෂිකව $149,000 ට වඩා වැඩි ආදයමක් ලැබීමට හැකි වනු ඇතැයිද රජය ප්‍රකාශ කරයි.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App එක නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.