ඕස්ට්‍රේලියාවේ ආගමික ස්ථානවලින් පූජකවරුන් සහ සහාය සේවකයින්ට ඔස්ට්‍රේලියාවට එන්න sponsorships දෙන්නේ මෙහෙමයි

religouse.jpg

Image credit: king caplis/ pexels.com

විවිද ආගම්වල දේශකයින්, භික්ෂූන්, පූජකයන් සහ ආගමික උපදේශකයන් සඳහා ඕස්ට්‍රේලියාවේ වීසා සහ ස්ථිර පුරවැසිභාවය ලබාගැනීමට හැකියාව Minister of Religion Labour Agreement යටතේ සපයා තිබෙනවා . මෙම ක්‍රමවේදය හරහා පූජ්‍ය ස්ථාන හරහා සිදුකරන විවිද ආගම් වලට සම්බන්ද රැකියා 60කට අධික ප්‍රමාණයක් සඳහා වීසා ලබාගැනීමේ හැකියාව තිබෙනවා.


ඕස්ට්‍රේලියානු පූජකයින් හෝ ආගමික ස්ථාන සඳහා වන සේවකයින් සොයාගැනීමට නොහැකි අවස්ථාවල ආගමික ආයතනවලට පූජක වරුන්, ස්වාමීන්වහන්සේලා ඇතුළු විදේශීය සේවකයින් බඳවා ගැනීමට Minister of Religion Labour Agreement (MORLA) ක්‍රමවේදය හරහා අවස්තාව සැලසෙනවා. මේ හරහා බඳවා ගන්නා කම්කරුවන්ට තාවකාලිකව හෝ ස්ථිර පදිංචිකරුවන් ලෙස ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමේ හැකියාව පවතිනවා.

ආගමික වතාවත් සිදුකරන පූජක වරයකු ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවශ්‍ය සුදුසුකම් මොනවාද?

  • මෙහිදී අදාළ ආගම සම්බන්දයෙන් ඕස්ට්‍රේලියානු නිර්දේශිත සුදුදුකම් රාමුව එනම් Australian Qualifications Framework සඳහා ඇතුලත්වන උපාධියක් හෝ ඊට සමාන වෙනත් උපාධියක් ලබා තිබිය යුතු වනවා.
  • එසේ නොමැතිනම් පූජක වරයකු හෝ ස්වාමීන්වහන්සේ නමක් ලෙස කටයුතු කිරීමට අවම වශයෙන් වසර 5ක් පුරා පූර්ණ කාලීන පුහුණුවක් ලබා තිබිය යුතු වනවා.
  • ඉහත අවස්ථා දෙකේ සඳහන් ලෙස නිසි අධ්‍යාපනයක් ලබා නොමැතිනම් අවමය වසර 5ක් වන දර්මය දේශනා කිරීම ඇතුළු ආගම සම්බන්දව වුර්තීයමය පළපුරුද්දක් තිබීම අවශ්‍ය වේ.

ආගමික ස්ථානවල සේවකයින් සහ අත් උදව් කරුවන් ලෙස පැමිණීමට අවශ්‍ය සුදුසුකම් මොනවාද ?

  • අදාළ ආගම සම්බන්දයෙන් ඕස්ට්‍රේලියානු නිර්දේශිත සුදුසුකම් රාමුව එනම් Australian Qualifications Framework සඳහා ඇතුලත්වන සහතික පත්‍ර 2 වන කාණ්ඩයේ හෝ 3 වන කාණ්ඩයේ පාඨමාලා සපුරා තිබියයුතු වීම හෝ,
  • අදාළ රැකියාව සම්බන්දයෙන් වසර දෙකක පුහුණුවක් ලබා තිබීම හෝ,
  • අදාළ රැකියාවේ වසර දෙකක පළපුරුද්ද අවශ්‍ය වේ.

ආගමික පූජක වරුන් හෝ ආගමික ස්ථාන සඳහා සේවකයින් විදෙස් රටවලින් ගෙන්වා ගැනීමේදී අදාළ ආගමික ආයතනය සේවා යෝජකයා ලෙස සැලකෙන අතර ඒ සඳහා පහත සුදුසුකම් සපුරාලිය යුතු වනවා.

  • පුණ්‍ය ආයතනයක් ලෙස ඔස්ට්‍රේලියාව තුල ස්ථාපිත වී ඇති බවට සාක්ෂි ඉදිරිපත් කලයුතු වනවා.
  • ආගමික පූජක වරුන් ඔස්ට්‍රේලියාවට ගෙන්වීම සඳහාවන ක්‍රමවේදය එනම් Minister of Religion Labour Agreement (MoRLA) වල ඇති නීති පිළිපැදිය යුතු වනවා.
  • පූජකවරුන් හෝ සහාය සේවකයින් සඳහාවන අදාළ සම්මත වැටුප් ගෙවීම සිදුකල යුතු වනවා.
  • අයදුම් කරුගේ අයදුම්පත්‍ර ගාස්තු ගෙවිය යුතු වනවා.

මෙහිදී ආගමික ස්ථාන වලට මෙම පූජකයින් සහ සහාය සේවකයින් වසර දෙකක් තම ආයතනය සඳහා සේවය කර ඇත්නම් ස්ථිර පදිංචිය ලබාදෙන Employer Nomination Scheme (subclass 186) visa – Labour Agreement stream කාණ්ඩය යටතේ හෝ වසර දෙකක තාවකාලික වීසා ලබාදෙන Temporary Skill Shortage or Skills In Demand (Subclass 482) වීසා කාණ්ඩය සඳහා අයදුම් කිරීම සිදු කල හැක.

 

මේ සම්බන්ද වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු වෙත පිවිසෙන්න.

මෙම ලිපිය හරහා SBS සිංහල නාලිකාව විසින් මෙම වීසා අයදුම් කිරීම සම්බන්දයෙන් වන මූලික තොරතුරු සපයා ඇති අතර එක එක පුද්ගලයාගේ සුදුසුකම් අනුව මෙය වෙනස්විය හැකියි. ලියාපදිංචි සංක්‍රමණ උපදේශකයකු සම්බන්ධ සම්බන්දකර ගැනීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකියි.

Share

Recommended for you