LISTEN TO
උදෑසන අවදීවූ විගස ජංගම දුරකථනය වෙත යොමුවීමෙන් සිදුවන බලපෑම ගැන තොරතුරු මෙන්න
SBS Sinhala
24/01/202504:31
Australian of the Year සම්මානයෙන් 2025 වසරේදී පිදුම් ලැබීමට Neale Daniher සමත්වී තිබෙනවා. මාරාන්තික රෝගයක් වන මෝටර් නියුරෝන් රෝගයට ප්‍රතිකාර සෙවීම සඳහා වන තම උත්සාහයට මෙම සම්මානය තත්වත් පිටුවහලක් වන බව ඔහු පවසා සිටිනවා. ඕස්ට්‍රේලියානු ෆුටී ලීගයේ එනම් AFL තරඟාවලියේ ක්‍රීඩාකළ ක්‍රීඩකයකු වූ ඔහු 2013 වසරේදී මෝටර් නියුරෝන් රෝගයට (MND) ගොදුරුවී ඇති බව සොයා ගැනුනා.
ඔලිම්පික් රන් පදක්කම්ලාභී කැතී ෆ්‍රීමන්, ක්ලීන් අප් ඕස්ට්‍රේලියා වැඩසටහනේ නිර්මාතෘ ඉයන් කීර්නන් සහ අක්ෂි වෛද්‍ය ෆ්‍රෙඩ් හොලෝස් වැනි මින් පෙර Australian of the Year සම්මානයෙන් පිදුම් ලද ජයග්‍රාහකයින් සමඟ Neale Daniher ද මේ වසරේදී එකතු වනවා.
Motor neurone disease එනම් MND ලෙස හැඳින්වෙන මෙම රෝගී තත්වය හේතුවෙන් කාලයත් සමග රෝගීන්ට අත් පා භාවිතාකිරීමට නොහැකි තත්වයක් උද්ගතවන අතර ක්‍රමක් ක්‍රමයෙන් ආහාර ගැනීම කතා කිරීම සහ හුස්මගැනීම වැනි ක්‍රියා සිදුකරගැනීමට නොහැකි තත්වයක් උදා වේ. මේ වනවිට Neale Daniher ඇස් චලනය කිරීම් සිදුකර පරිගණකයක් හරහා අන් අය සමග සන්නිවේදන කටයුතු සිදු කරනවා. මෙම සම්මානය ලැබීම මහත් ගවුරවයක් සේ සලකන අතර මේ හරහා මෙම රෝගයට ප්‍රතිකාරයක් සොයා තමන් සිදුකරන කාර්යයටද මනා පිටුවහලක් වනු ඇති බව Neale Daniher පවසා සිටිනවා.r
1979ත් 1990ත් අතර කාලය පුරාවට ෆුටී තරඟ 80 කට පමණ Neale Daniher සහභාගී වී ඇති අතර ඉන් අනතුරුව Essendon, Fremantle සහ Melbourne යන ක්‍රීඩා සමාජ වල පහුණු කරු ලෙසද කටයුතු කර ඇත. MND රෝගය සඳහා ප්‍රතිකාර සෙවීම සඳහා වන මතය සමාජගතකර ඒ වටා පිරිස් එක්රැස්කර ගැනීමට ක්‍රීඩා දිවියේ මෙම අත්දැකීම් උපකාර වූ බව ඔහු පවසනවා. Fight MND අරමුදල පිහිටුවීමේ සම නිර්මාතෘ වරයකු වන ඔහු එම සංවිධානය හරහා මෙම රෝගය සඳහා ප්‍රතිකාර සෙවීමට ඩොලර් මිලියන 115කට අධික මුදලක් මේ වනවිට එක්රැස් කිරීමට සමත් වී තිබෙනවා. මේ සඳහා ප්‍රතිකාරයක් සොයාගැනීමේ තම අරමුණ ජයග්‍රහණය කිරීමට හැකිබවට තමාට හොඳටම විශ්වාස බව ඔහු පවසා සිටිනවා.
Senior Australian of the Year
Senior Australian of the Year සම්මානය දිනා ගැනීමට බටහිර ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්තියානු සහෝදරතුමකු වන Thomas Oliver Pickett සමත්වී තිබෙනවා. හිටපු පූජක තුමකු වන ඔහු Wheelchairs for Kids නම් වූ අරමුදලේ සම නිර්මාතෘ වන අතර 1996 වසරේ සිට මේ වනතෙක් රටවල් 80ක ළමුන් 60 000කට පමණ ඔවුන්ගේ අවශ්‍යතාවයට අනුව නිර්මාණය කල රෝදපුටු පරිත්‍යාග කිරීමට සමත් වී ඇත. මෙම කාර්යය කිරීමට ස්වෙච්චාසේවකයින්ගේ සහයෝගය ඔහු මෙහිදී අගය කර සිටියා.
Young Australian of the Year
Young Australian of the Year සම්මානය දිනාගැනීමට ස්වදේශික පසුබිමක් සහිත කාන්තාවක් වන ආචාර්ය Katrina Wruck සමත් වී තිබෙනවා. ජලයට මිශ්‍රවී ඇති හානිකර ද්‍රව්‍ය ඉවත්කලහැකි නව සංයෝග සොයාගැනීම සඳහා පර්යේෂණ සිදුකිරීමට ආචාර්ය Katrina Wruck කටයුතු කරනවා. Nguki Kula Green Labs ලෙස හැඳින්වෙන ඇයගේ ව්‍යාපාරය හරහා පරිසර හිතකාමී පාරිභෝගික භාණ්ඩ නිපදවීම සඳහා පර්යේෂණ සිදු කරනවා. සාමාන්‍ය පරිසරයේ ඇති ගල් වර්ග රෙදිසේදුම් ඩිටර්ජන්ට් වර්ගයක් බවට පරිවර්තනය කිරීමේ ක්‍රමවේදය වැනි දෑ මේ සඳහා උදාහරණ වනවා. තම ස්වදේශික දැනුම් පද්ධතීන් මෙම නව නිර්මාණ සඳහා සිදුකෙරෙන පර්යේෂණ වෙනුවෙන් යොදාගැනීමටද ඇය කටයුතු කරනවා.
ස්වදේශික ළමුන්ට තම අනාගත ඉලක්ක වෙනුවෙන් සිහින දැකීමට දිරිගැන්වීමක් සිදුකිරීමටද සම්මානය ලබාගනිමින් ඇය කටයුතු කළාය.
Australia’s Local Hero
තමා ජීවත්වන ප්‍රදේශයේ ප්‍රජාවන්ට සිදුකල සේවය වෙනුවෙන් පිරිනමන Australia's Local Heroes award සම්මානය ලබා ගැනීමට Hannah Costello and Vanessa Brettell සමත්වී තිබෙනවා. Cafe Stepping Stone ලෙස හැඳින්වෙන කැන්බරා නුවර ඇති ඔවුන්ගේ ව්‍යාපාරය හරහා ඔස්ට්‍රේලියාවට අලුතින් පැමිණෙන සංක්‍රමණික සහ සරණාගත කාන්තාවන්ට රැකියා සොයා ගැනීමට උපකාර ලබාදීම සිදුකරනවා. මෙවැනි බොහෝ කාන්තාවන් ඉංග්‍රීසි භාෂා දැනුම අඩු මෙන්ම රැකියා සඳහා නිපුනතා මට්ටම් අඩු පිරිස් වනවා. විවිද ආයතන සමග එක්ව මෙවැනි කාන්තාවන් පුහුණු කිරීමේ වැඩසටහන් ඔවුන් විසින් සිදු කරනවා.
සමාජ සාදාරණත්වය සහ සබඳතා ගොඩනැංවීම වෙනුවෙන් පෙනී සිටින ප්‍රජා මධ්‍යස්ථානයක් බවට වර්තමානය වන විට Cafe Stepping Stone පත්ව ඇති අතර මෙහි ශාඛා දෙකක් මේ වනවිට පවතිනවා. සමාජය වෙනුවෙන් මෙහෙවරක් සිදුකිරීමට හැකිවීම සම්බන්දයෙන් ඉතා සතුතට පත්වන බව මෙම ව්‍යවසායකයින් දෙදෙනා පවසා සිටිනවා
********************************************************************************
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.
********************************************************************************