HIGHLIGHTS
- බලශක්ති අර්බුදය තවදුරටත් තිවර කරමින් ඕස්ට්‍රේලියානු බලශක්ති අධිකාරියට වෙළඳපොල විදුලි සමාගම් වලට විදුලිය නිකුත් කිරීම අවහිර කෙරේ.
- ඔස්ට්‍රේලියාවේ අවම වැටුප සියයට 5.2 කින් ඉහල දැමීමට Fair work කොමිසම තීරණය කරයි.
- ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 120 ක ආධාරයක්
- රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත සහ මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙක් ඇප මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කොට තිබේ.
- බ්‍රිතාන්‍ය අනවසර සංක්‍රමණිකයින් රුවන්ඩාව වෙත රැගෙන යන ගුවන් යානයක් ගුවන් ගතව මිනිත්තු කිහිපයකදී නවතා දැමීමට මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණය කටයුතු කරයි.
- ආබාධයක් හේතුවෙන් අද ආරම්භ වන ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා දෙවන එක්දින තරඟයට වනිඳු හසරංග සහභාගී නොවේ.
- ඕස්ට්‍රේලියා කණ්ඩායමෙන් ද ස්ටෝයිනිස් සහ ඇෂ්ටන් ඇගා සහභාගී නොවන බවට තහවුරු වේ.