ඖෂධවේදීන්ගේ වීසා අයදුම්පත් ඉක්මණින් සලකා බැලීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වේ.
ඔස්ට්‍රේලියාවේ COVID-19 එන්නත ලබාදීමේ ක්‍රියාවලියට උපකාර කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ.
Highlights
- ඔස්ට්‍රේලියාවේ COVID-19 එන්නත ලබා දීමේ ක්‍රියාවලිය සඳහා ඖෂධවේදීන්ද දායක කරගැනීමේ අරමුණින් ඖෂධවේදීන්ගේ වීසා අයදුම්පත් ඉක්මණින් සලකා බැලීමට තීරණය කර ඇත.
- ඒ අනුව Hospital pharmacist, Retail pharmacist, Industrial pharmacist යන වෘත්තීන් තුළ අලුතින් Priority Migration Skilled Occupation ලැයිස්තුවට එකතු කර තිබේ.
- අලුතින් එකතු කළ වෘත්තීන් 3 ත් සමග නව Priority Migration Skilled Occupation ලැයිස්තුවේ වෘත්තීන් සංඛ්‍යාව 44 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඖෂධවේදීන්ගේ වීසා අයදුම්පත් ඉක්මණින් සලකා බැලීමට පියවර
ඖෂධවේදීන්ගේ වීසා අයදුම්පත් ඉක්මණින් සලකා බැලීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර ඇත.
මේ හේතුවෙන් ඖෂධවේදී වෘත්තීය ඔස්ට්‍රේලියාවේ Priority Migration Skilled Occupation ලැයිස්තුවට (PMSOL) එක් කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke අද (27/07) නිවේදනය කළේය.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
ඔස්ට්‍රේලියාවේ COVID-19 එන්නත ලබා දීමේ ක්‍රියාවලිය සඳහා ඖෂධවේදීන්ද දායක කරගැනීමේ මධ්‍යම රජයේ වැඩපිළිවෙලට පිටිවහලක් ලෙස මෙම තීරණය ගෙන ඇත.
පවුලේ වෛද්‍යවරුන්ට අමතරව ඖෂධවේදීන්ට ද ඔස්ට්‍රේලියාව තුළ COVID-19 එන්නත ලබා දීමට මධ්‍යම රජය අවසර ලබා දී තිබේ.
Staff preparing COVID-19 vaccines in the pharmacy area of the NSW Vaccination Centre in Homebush, Sydney. Source: NCA NEWSWIRE POOL
Priority Migration Skilled Occupation ලැයිස්තුවට අලුතින් එක් කළ වෘත්තීන්
ඔස්ට්‍රේලියාවේ Priority Migration Skilled Occupation ලැයිස්තුවට ඖෂධවේදීන්ගේ වෘත්තීන් 3 ක් අලුතින් එක් කර තිබේ.
ඒවා පහත පරිදි වේ.
- Hospital pharmacist (Occupation ID: 251511)
- Retail pharmacist (Occupation ID: 251513)
- Industrial pharmacist (Occupation ID: 251512)
ඒ අනුව රෝහල්, සිල්ලර සහ කර්මාන්ත යන ක්ෂේත්රවලට සම්බන්ධ සියලුම ඖෂධවේදීන්ගේ වීසා අයදුම්පත් වේගයෙන් සලකා බැලීමට මේ හරහා අවකාශය සැලසෙනු ඇත.
මේ වන විට ඔස්ට්‍රේලියානු ජනගහනයෙන් කොවිඩ් එන්නතේ මාත්‍රා ද්විත්වයම ලබාගෙන ඇත්තේ 16% ක පමණි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
නව Priority Migration Skilled Occupation ලැයිස්තුව
අලුතින් එකතු කළ වෘත්තීන් 3 ත් සමග නව Priority Migration Skilled Occupation ලැයිස්තුවේ වෘත්තීන් සංඛ්‍යාව 44 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඒවා පහත පරිදි වේ.
- Chief Executive or Managing Director (111111)
- Construction Project Manager (133111)
- Accountant (General) (221111)
- Management Accountant (221112)
- Taxation Accountant (221113)
- External Auditor (221213)
- Internal Auditor (221214)
- Surveyor (232212)
- Cartographer (232213)
- Other Spatial Scientist (232214)
- Civil Engineer (233211)
- Geotechnical Engineer (233212)
- Structural Engineer (233214)
- Transport Engineer (233215)
- Electrical Engineer (233311)
- Mechanical Engineer (233512)
- Mining Engineer (excluding Petroleum) (233611)
- Petroleum Engineer (233612)
- Medical Laboratory Scientist (234611)
- Veterinarian (234711)
- Hospital Pharmacist (251511)*
- Industrial Pharmacist (251512)*
- Retail Pharmacist (251513)*
- Orthotist or Prosthetist (251912)
- General Practitioner (253111)
- Resident Medical Officer (253112)
- Psychiatrist (253411)
- Medical Practitioners nec (253999)
- Midwife (254111)
- Registered Nurse (Aged Care) (254412)
- Registered Nurse (Critical Care and Emergency) (254415)
- Registered Nurse (Medical) (254418)
- Registered Nurse (Mental Health) (254422)
- Registered Nurse (Perioperative) (254423)
- Registered Nurses nec (254499)
- Multimedia Specialist (261211)
- Analyst Programmer (261311)
- Developer Programmer (261312)
- Software Engineer (261313)
- Software and Applications Programmers nec (261399)
- ICT Security Specialist (262112)
- Social Worker (272511)
- Maintenance Planner (312911)
- Chef (351311)