ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසන නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවට (Skilled Migration List) අදාළ 2021 ඔක්තෝබර් මාසයේ ආරාධනා පත්‍ර වටයේ තොරතුරු මේ වන විට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ ජාතික මට්ටමින් Skilled වීසා සඳහා ආරාධනා පත්‍ර නිකුත් කරන මෙහි ඔක්තෝබර් වටය ක්‍රියාත්මක වුයේ ඔක්තෝබර් 29 වනදාය.
Highlights
- 2021 ඔක්තෝබර් මාසයේ ආරාධනා පත්‍ර වටයේ දී Skilled Independent වීසා (subclass 189) සඳහා ආරාධනා පත්‍ර 200 ක් නිකුත් කර තිබේ.
- Skilled Work Regional (Provisional) – Family Sponsored වීසා (subclass 491) සඳහා ආරාධනා පත්‍ර 200 ක් ද නිකුත් කර ඇති
- මෙවර ආරාධනා පත්‍ර වටයේදී 189 වීසා සඳහා ආරාධනා පත්‍ර නිකුත් කළ අවම ලකුණු සංඛ්‍යාව 90 ක් බවත් 491 වීසා සඳහා ආරාධනා පත්‍ර නිකුත් කළ අවම ලකුණු සංඛ්‍යාව 80 ක් බවත් සඳහන්.
2021 ඔක්තෝබර් මාසයේ ආරාධනා පත්‍ර වටය
2021 ඔක්තෝබර් මාසයේ ආරාධනා පත්‍ර වටයේ දී Skilled Independent වීසා (subclass 189) සඳහා ආරාධනා පත්‍ර 200 ක් ද Skilled Work Regional (Provisional) – Family Sponsored වීසා (subclass 491) සඳහා ආරාධනා පත්‍ර 200 ක් ද නිකුත් කර ඇති බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වාර්තා කරයි.
මෙවර ආරාධනා පත්‍ර වටයේදී 189 වීසා සඳහා ආරාධනා පත්‍ර නිකුත් කළ අවම ලකුණු සංඛ්‍යාව 90 ක් බවත් 491 වීසා සඳහා ආරාධනා පත්‍ර නිකුත් කළ අවම ලකුණු සංඛ්‍යාව 80 ක් බවත් සඳහන්.
කොවිඩ් වසංගතයට පෙර සාමන්‍යයෙන් මසකට ආරාධනා පත්‍ර 2500 ක් නිකුත් කෙරුණු නමුත් ඉන් අනතුරුව එම සංඛ්‍යාව බොහෝ සෙයින් කප්පාදු කෙරිණි.
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් 189 වීසා ඛාණ්ඩයෙන් නිපුණතා සංක්‍රමණික වීසා (Skilled Migration Visa) සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තුවන අයදුම්කරුවන්ට මේ හේතුවෙන් විශාල කාලයක් බලා සිටීමට සිදුව තිබේ.
Source: Getty Images
ප්‍රාන්ත හා ටෙරිටරි මට්ටමින් ඔක්තෝබර් මාසයේදී 190 සහ 491 වීසා සඳහා nominations
2021 ඔක්තෝබර් මාසයේදී ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන්ගෙන් 190 සහ 491 වීසා සඳහා nominations ලබා ගත් ප්‍රමාණය පහත පරිදි වේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
190 වීසා - 248
491 වීසා - 112
වික්ටෝරියා ප්‍රාන්තය
190 වීසා - 122
491 වීසා - 46
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය
190 වීසා - 126
491 වීසා - 236
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය
190 වීසා - 188
491 වීසා - 29
ටස්මේනියා ප්‍රාන්තය
190 වීසා - 132
491 වීසා - 221
Northern Territory
190 වීසා - 37
491 වීසා - 68
Australian Capital Territory
190 වීසා - 51
491 වීසා - 121
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
190 වීසා - 0
491 වීසා - 0
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
190 වීසා ඛාණ්ඩය සෘජුව ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමිකරදෙන වීසා ඛාණ්ඩයක් වන අතර 491 වීසා ඛාණ්ඩය ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපයක පූර්ණ කාලීනව රැකියා කිරීමට ඉඩ සලසන වසර 5 ක වීසා එකකි.