ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය මැන බැලීමේ ලොව ප්‍රකට පරීක්ෂණයක් වන PTE Academic පරීක්ෂණයේ වෙනස්කම් කිහිපයක් පසුගිය නොවැම්බර් 16 වනදින සිට සිදු කෙරුණි.
එම වෙනස්කම් පිළිබඳ මෙන්ම ඒවා PTE Academic පරීක්ෂණයට මුහුණ දෙන පුද්ගලයින්ට බලපාන අයුරු පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.
Highlights
- පැය 3 ක් පැවති PTE Academic පරීක්ෂණය පැය 2 ක් දක්වා 2021 නොවැම්බර් 16 සිට අඩු කර තිබේ.
- සමස්තයක් වශයෙන් මීට පෙර ඉදිරිපත් කරන ලද ප්‍රශ්න පරාසය 70-82 ක් වූ නමුත් දැන් එය 52-64 දක්වා අඩු කර ඇත.
- පරීක්ෂණය අතරේ ලබාගැනීමට හැකියාවක් තිබූ අනිවාර්ය නොවන මිනිත්තු 10 ක විවේකය ද ඉවත් කර තිබේ.
PTE Academic පරීක්ෂණයේ වෙනස්කම්
2021 නොවැම්බර් 16 සිට PTE Academic පරීක්ෂණයේ පහත සඳහන් වෙනස්කම් සිදුකර තිබේ.
- පැය 3 ක් පැවති PTE Academic පරීක්ෂණය පැය 2 ක් දක්වා අඩු කිරීම.
- ඇතැම් ප්‍රශ්න වර්ග සඳහා ඉදිරිපත් කරන ප්‍රශ්න සංඛ්‍යාව ඒ අනුව අඩු කර තිබේ.
- සමස්තයක් වශයෙන් මීට පෙර ඉදිරිපත් කරන ලද ප්‍රශ්න පරාසය 70-82 ක් වූ නමුත් දැන් එය 52-64 දක්වා අඩු කර ඇත.
- පරීක්ෂණය අතරේ ලබාගැනීමට හැකියාවක් තිබූ අනිවාර්ය නොවන මිනිත්තු 10 ක විවේකය ද ඉවත් කර තිබේ.
- PTE Academic පරීක්ෂණය Speaking, Writing, Reading සහ Listening යනුවෙන් කොටස් 4 කින් සමන්විත වේ.
- පැය 2 ක කාලයකට අඩු කළ මෙම නව PTE Academic පරීක්ෂණයේ එම කොටස් සඳහා ලබා දී ඇති කාලය Pearson ආයතනය විසින් පහත පරිදි විස්තර කර තිබේ.
PTE new test format timing Source: pearsonpte
ප්‍රශ්න වර්ගවල වෙනසක් නොමැත
PTE Academic පරීක්ෂණයේ තිබෙන ප්‍රශ්න වර්ගවල කිසිදු වෙනස්කමක් සිදු කර නැති බව Pearson ආයතනය පවසයි.
ඒ අනුව PTE Academic පරීක්ෂණයේ මෙතෙක් තිබූ ප්‍රශ්න වර්ග 20 ම මෙම පැය දෙකේ පරීක්ෂණයේ ද තිබෙන බව එම ආයතනය පවසයි.
කෙසේවෙතත්, ඇතැම් ප්‍රශ්න වර්ග වල පැමිණෙන ප්‍රශ්න සංඛ්‍යාව අඩු කර ඇති බව වාර්තා වේ.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
කොටස් හතරේ පැමිණෙන ප්‍රශ්න සංඛ්‍යාවේ සිදු කෙරුණු අඩු කිරීම්
2021 නොවැම්බර් 16 සිට PTE Academic පරීක්ෂණය පැය 2 කට කාලය අඩු කිරීමත් සමග Speaking, Writing, Reading සහ Listening යන කොටස් හතරේ පැමිණෙන ප්‍රශ්න සංඛ්‍යාව අඩු කර ඇති ආකාරය Pearson ආයතනය විසින් පහත පරිදි විස්තර කර තිබේ.
Speaking & Writing
Source: pearsonpte
Reading
Source: pearsonpte
Listening
Source: pearsonpte