ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොලේ සංක්‍රමණිකයන් ඉටු කරන කාර්යභාරය දුර්වල ලෙස වටහාගෙන ඇති බව අනාවරණය කර තිබේ.
සංක්‍රමණිකයන් සහ ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොල පිළිබඳ සිදුකළ සමීක්ෂණයක් ඇසුරෙන් ප්‍රකාශයට පත් කළ නවතම වාර්තාවක් මේ බව පවසා ඇත.
Highlights
- ඔස්ට්‍රේලියාවේ ශ්‍රමිකයින් තිදෙනෙකුගෙන් එක් අයෙකු විදේශයන්හි උපත ලබා ඇති අතර පස් දෙනෙකුගෙන් එක් අයෙකු තාවකාලික හෝ ස්ථිර වීසා බලපත්‍රයක් දරයි.
- පසුගිය වසර පහ තුළ ඔස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයින් වසර 10කට පෙර ලබාගත් පැය ගණනට වඩා අඩු පැය ගණනක් වැඩ කිරීමටත් අඩු ආදායමක් ලැබීමටත් නැඹුරු වී ඇත.
- ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපයකින් තමන්ගේ වීසා ලබාගත් පසු එම කලාපවල බොහෝ කාලයක් වාසය නොකරන බව ද මෙම වාර්තාව සොයා ගත්තේය.
මෑතකාලීන සංක්‍රමණිකයන් අඩු ආදායමක් ලබයි
අධ්‍යාපනය සහ පළපුරුද්ද ඉහළ මට්ටමක තිබියදීත් ඕස්ට්‍රේලියාවේ මෑතකාලීන සංක්‍රමණිකයන් දශකයකට පෙර ලැබූ ආදායමට වඩා අද උපයන ආදායම අඩු බව වාර්තා වේ.
Grattan ආයතනය විසින් නිකුත් කරන ලද නව මාර්ගෝපදේශ වාර්තාවකට අනුව මෙය සඳහන්.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
COVID-19 අර්බුදය ඔස්ට්‍රේලියානු ආර්ථිකයට සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ වැදගත්කම ඉස්මතු කර ඇති අතර ඔස්ට්‍රේලියානු රැකියා වෙළඳපොලේ ඔවුන් ඉටු කරන කාර්යභාරය දුර්වල ලෙස වටහාගෙන ඇති බව එම මාර්ගෝපදේශ වාර්තාව පවසයි.
'Migrants in the Australian workforce: A guidebook for policy makers' නමැති මෙය මේ සතියේ නිකුත් කෙරුණි.
සංක්‍රමණිකයන්ගේ වීසා බලපත්‍ර මොනවාද, ඔවුන් සතුව ඇති කුසලතා මොනවාද, ඔවුන් රැකියා කරන ස්ථානය සහ ඔවුන් උපයන ආදායම පිළිබඳ තොරතුරු එය සිතියම් ගත කරයි.
ඔස්ට්‍රේලියානු රැකියා වෙළඳපොලේ සංක්‍රමණික සේවකයින්ගේ භූමිකාව පිළිබඳ ඇති 'knowledge gap' හෙවත් දැනුමෙහි හිඩැස පිරවීම සඳහා මෙම මාර්ගෝපදේශ වාර්තාව උත්සාහ කරන බව එහි කතුවරු පැවසුහ.
එබැවින් ප්‍රතිපත්ති සම්පාදකයින්ට ඔස්ට්‍රේලියාව වෙත සංක්‍රමණය වීමේ ආර්ථික ප්රතිලාභ අතික්‍රමණය කිරීමට මෙම පද්ධතිය ප්‍රතිසංස්කරණය කළ හැකි බවද ඔවුහු පැවසුහ.
ඔස්ට්‍රේලියාවේ ශ්‍රමිකයින් තිදෙනෙකුගෙන් එක් අයෙකු විදේශයන්හි උපත ලබා ඇති අතර පස් දෙනෙකුගෙන් එක් අයෙකු තාවකාලික හෝ ස්ථිර වීසා බලපත්‍රයක් දරයි.![Jobs skilled migrants](https://images.sbs.com.au/drupal/yourlanguage/public/podcast_images/architect_pixa.jpg?imwidth=1280)
![Jobs skilled migrants](https://images.sbs.com.au/drupal/yourlanguage/public/podcast_images/architect_pixa.jpg?imwidth=1280)
Source: Pixabay
2000 න් පසු ස්ථිර වීසා ලැබූ පුද්ගලයින් ඔස්ට්‍රේලියානු ශ්‍රම බලකායෙන් 12% ක්
වසර 2000 න් පසු ස්ථිර වීසා බලපත්‍රයක් ලැබූ පුද්ගලයින් ඔස්ට්‍රේලියානු ශ්‍රම බලකායෙන් 12% ක් වන බවත් ඔස්ට්‍රේලියාවේ ස්ථිර සංක්‍රමණ වැඩසටහන මෑත දශක කිහිපය තුළ කුසලතා මත වඩාත් පදනම් වී ඇති බවත් Grattan ආයතනයේ මෙම නවතම වාර්තාව පවසයි.
විශේෂයෙන් දක්ෂ සංක්‍රමණිකයන් සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවන්ට වඩා තරුණ, ඉහළ නිපුණතා සහ ඉහළ ආදායමක් උපයා ගැනීමට නැඹුරු වන බවද එම වාර්තාව පවසයි.
"සංක්‍රමණිකයන් ද ඉහළ අධ්‍යාපනයක් ලැබීමට වැඩි ඉඩක් තිබෙනවා. සංක්‍රමණිකයන්ගෙන් අඩක් පමණ ඔවුන් පැමිණෙන විට උපාධියක් හෝ පශ්චාත් උපාධි අධ්‍යාපනයක් ලබා ඇති අතර තවත් බොහෝ දෙනෙක් ඔස්ට්‍රේලියාවේ සිටින කාලය තුළ විශ්ව විද්‍යාල මට්ටමේ සුදුසුකම් ලබා ගන්නවා." යනුවෙන්ද එය පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, පසුගිය වසර පහ තුළ ඔස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයින් වසර 10කට පෙර ලබාගත් පැය ගණනට වඩා අඩු පැය ගණනක් වැඩ කිරීමටත් අඩු ආදායමක් ලැබීමටත් නැඹුරු වී ඇති බව මෙම වාර්තාව අනාවරණය කරයි.
මෑතක සිට ඔස්ට්‍රේලියාවට පැමිණි විශාල පිරිසක් අධ්‍යාපනය ලැබීමට පැමිණි බව මෙයින් පිළිඹිබු වන බව සඳහන්.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
සංක්‍රමණිකයින් සහ රැකියා ක්ෂේත්‍ර
ස්ථීර නිපුණතා සහ පවුල් වීසා බලපත්‍රලාභීන් විශාල සංඛ්‍යාවක් වෘත්තීය සහ සෞඛ්‍ය සේවයේ යෙදී ඇති අතර ඔවුන් සාමාන්‍යයෙන් ඉහළ නිපුණතා සහිත ඉහළ රැකියා තනතුරු සමග ඉහළ වැටුප් උපයා ඇත.
Hospitality වැනි අංශ, අඩු වැටුප් යටතේ අඩු නිපුණතා සහිත රැකියා පිරවීම සඳහා තාවකාලික සංක්‍රමණිකයන්, විශේෂයෙන්ම ජාත්‍යන්තර සිසුන් මත බොහෝ දුරට රඳා පවතින බව ද වාර්තාව පවසයි.
ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපයකින් තමන්ගේ වීසා ලබාගත් පසු එම කලාපවල බොහෝ කාලයක් වාසය නොකරන බව ද මෙම වාර්තාව සොයා ගත්තේය.
වසර 2011 දී ප්‍රාදේශීය සහ දුරස්ථ ප්‍රදේශවල ජීවත් වූ මෑත කාලීනව පැමිණි සංක්‍රමණිකයින්ගෙන් හතරෙන් එකකට වැඩි ප්‍රමාණයක් 2016 වන විට ප්‍රධාන නගරවලට සංක්‍රමණය වී ඇත.
එම ප්‍රමාණය ඔස්ට්‍රේලියාවේ උපන් පුද්ගලයින් සඳහා 10 ක් පමණ වේ.
ඔස්ට්‍රේලියානු ශ්‍රම බලකායෙන් 7% ක් තාවකාලික සංක්‍රමණිකයන් වේ.
working holiday makers සහ බොහෝ ජාත්‍යන්තර සිසුන් ඇතුළු ඇතැම් තාවකාලික වීසා බලපත්‍රලාභීන් අඩු වැටුප් ලබන අඩු කුසලතා සහිත රැකියා වල නිරත වීමට නැඹුරු වන බවද මෙම වාර්තාව පවසයි.