මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පනවා ඇති Lockdown කාලය සැප්තැම්බර් 02 වනදා බ්‍රහස්පතින්දා රාත්‍රී 11:59 දක්වා තවත් සති දෙකකින් දීර්ග කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය අද (16/08) තීරණය කළේය.
එමෙන්ම අද (16/08) සිට සෑම දිනකම රාත්‍රී 9 සිට පසුදා අලුයම 5 දක්වා සැප්තැම්බර් 02 තෙක් මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට ඇඳිරි නීතියද පැනවීමට ප්‍රාන්ත රජය කටයුතු කර තිබේ.
ඒ අනුව සැප්තැම්බර් 02 වන දින මධ්‍යම රාත්‍රිය වනතෙක් මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පැනවෙන නව Lockdown නීති මෙසේය.
Highlights
- මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පනවා ඇති Lockdown කාලය සැප්තැම්බර් 02 වනදා බ්‍රහස්පතින්දා රාත්‍රී 11:59 දක්වා තවත් සති දෙකකින් දීර්ග කර තිබේ.
- සෑම දිනකම රාත්‍රී 9 සිට පසුදා අලුයම 5 දක්වා සැප්තැම්බර් 02 තෙක් මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට ඇඳිරි නීතිය පැනවේ.
- අත්‍යවශ්‍ය රාජකාරී කරන පුද්ගලයින්ට පමණක් සේවා සඳහා පිටව යා හැකි නමුත් හෙට (17/08) මධ්‍යම රාත්‍රියේ සිට ඔවුන්ට ඊට අදාළ වික්ටෝරියානු අත්‍යවශ්‍ය සේවක බලපත්‍රය තිබිය යුතුය.
රාත්‍රී ඇඳිරි නීතිය
- සෑම දිනකම රාත්‍රී 9 සිට පසුදා අලුයම 5 දක්වා සැප්තැම්බර් 02 තෙක් මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට ඇඳිරි නීතිය පැනවේ.
- මෙල්බර්න් කලාපයේ වැසියන්ට අත්‍යවශ්‍ය හේතුවකට හැර නිවසින් බැහැරව යා නොහැකිය.
ඔබේ අත්‍යවශ්‍ය සේවක බලපත්‍රය ළඟ තබා ගන්න
- අත්‍යවශ්‍ය රාජකාරී කරන පුද්ගලයින්ට පමණක් සේවා සඳහා පිටව යා හැකි නමුත් හෙට (17/08) මධ්‍යම රාත්‍රියේ සිට ඔවුන්ට ඊට අදාළ වික්ටෝරියානු අත්‍යවශ්‍ය සේවක බලපත්‍රය තිබිය යුතුය.
- පසුගිය වසරේ ක්‍රියාත්මක වූ පරිදි මෙය මෙවරද ක්‍රියාත්මක වේ.
- තම අධ්‍යාපන ආයතනය තුළ අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය ඇතැම් උසස් අධ්‍යාපන සිසුන්ට ද වලංගු බලපත්‍ර අවශ්‍ය වේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
ව්‍යායාම් නීති තවත් දැඩි කෙරේ
- අද (16/08) මධ්‍යම රාත්‍රියෙන් පසුව ඔබට ව්‍යායාම කළ හැක්කේ වෙනත් එක් පුද්ගලයෙකු සමඟ පමණි.
- නිවසේ දමා යාමට නොහැකි පුද්ගලයින් සිටී නම් ඔවුන්වද ඔබ ව්‍යායාම් කිරීමට යන විට රැගෙන ය හැකිය.
- ව්‍යායාම් කිරීමට නිවසින් බැහැරව සිටිය හැක්කේ පැය දෙකක උපරිම කාලයකට පමණි.
- එළිමහන් ක්‍රීඩා පිටි, skateparks, basketball courts සහ එළිමහනේ කාය වර්ධන උපකරණ භාවිතය තහනම් වේ.
ඉදිකිරීම් සහ ආගමික සේවා විකාශන සේවකයින් සීමා කෙරේ
- මහා පරිමාණ ඉදිකිරීම් පරිශ්‍රවල සේවය කරන සේවකයින් 25% දක්වා හෝ සේවකයින් පස් දෙනෙකු දක්වා හෝ අඩු කළ යුතුය.
- ආගමික ස්ථාන වල රැස්වීම තහනම් නමුත් ආගමික ප්‍රජාවන් සඳහා විකාශනයන් සංවිධානය කිරීම උදෙසා පුද්ගලයින් පස් දෙනෙකුට රැස්විය හැකිය.
- නමුත් එම පුද්ගලයින් පස් දෙනා සෑම අවස්ථාවකම එකම පුද්ගලයින් පස්දෙනා විය යුතුය.
මුව ආවරණ නීති තවත් දැඩි කෙරේ
- නිවසින් බැහැරව ඕනෑම ස්ථානයක ඕනෑම අවස්ථාවක මුව ආවරණ පැළඳීම අනිවාර්ය වේ.
- නිවසින් බැහැර පරිසරයක ආහාර ගන්නා විට හෝ ඇල්කොහොල් නොවන පාන පානය කරන විට පමණක් ඔබට මුව ආවරණ ඉවත් කළ හැකිය.