ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 12 ත් 15 ත් අතර ළමුන්ටද කොවිඩ් එන්නත ලබාගැනීමට අවසර දෙන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අද (27/08) නිවේදනය කළේය.
ප්රතිශක්තීකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම මෙය නිර්දේශ කර තිබුණි.
Highlights
- ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 12 ත් 15 ත් අතර ළමුන්ට Pfizer එන්නත ලබාගැනීමට අවසර දී තිබේ.
- සැප්තැම්බර් 13 සිට ඔවුන්ට කොවිඩ් එන්නත ලබා දීම ඇරඹේ.
- පවුලේ වෛද්‍යවරයාගෙන් හෝ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ එන්නත් සායනවලින් හෝ ඇබොර්ජීනියානු ප්‍රජා සෞඛ්‍ය සංවිධානවලින් මෙය ලබා ගැනීමට හැකිය.
අවුරුදු 12 ත් 15 ත් අතර ළමුන්ටත් කොවිඩ් එන්නත
ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 12 ත් 15 ත් අතර ළමුන්ට Pfizer එන්නත ලබාගත හැකි බවට ප්රතිශක්තීකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම සිදුකළ නිර්දේශය සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අද අවසර දුන්නේය.
කොවිඩ් එන්නත් ලබාගත හැකි වයස් ඛාණ්ඩ සහ ඒ ඒ වයස් ඛාණ්ඩ වලට ලබාගත හැකි කොවිඩ් එන්නත් පිළිබඳව ඔස්ට්‍රේලියාවේ නිර්දේශ කරනුයේ මෙම ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම මගිනි.
ඒ අනුව සැප්තැම්බර් 13 සිට වයස අවුරුදු 12 ත් 15 ත් අතර ළමුන්ට Pfizer එන්නත පහත සඳහන් ස්ථාන වලින් ලබාගත හැකිය.
- තමන්ගේ පවුලේ වෛද්‍යවරයාගෙන්
- ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ එන්නත් සායන වලින්
- ඇබොර්ජීනියානු ප්‍රජා සෞඛ්‍ය සංවිධාන වලින්
එමෙන්ම මෙම එන්නත්කරණය සඳහා ප්‍රාන්ත හා ටෙරිටරි රජයන්ගේ එන්නත් සායන සූදානම් වූ විට ඒවා පිළිබඳවද ඉදිරියේදී දැනුම් දෙනු ඇත.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App එක නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
පාසල් එන්නත්කරණ වැඩසටහන තෙක් බලා නොසිටින්න
වයස අවුරුදු 12 ත් 15 ත් අතර ළමුන්ට කොවිඩ් එන්නත ලබාදෙන ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt එම වයසේ දරුවන් සිටින සියලුම දෙමාපියන්ව උනන්දු කරයි.
ඔබේ දරුවට කොවිඩ් එන්නත ලබාදීමට හැකියාවක් ඇත්නම් පාසල් එන්නත්කරණ වැඩසටහන තෙක් බලා නොසිටින ලෙස ඔහු පැවසීය.
කැන්බරා නුවර අද (27/08) පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.
නව යොවුන් වියේ දරුවන්ට කොවිඩ් එන්නත ලබා දීමෙන් ඔවුන්ගේ අධ්‍යාපනයට ඇති බාධා අඩු වන අතර පාසල් තුළ වයිරසය සම්ප්‍රේෂණය වීමේ හැකියාව අඩු වන බව ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම (ATAGI) පවසයි.
කෙසේවෙතත්, ATAGI හි උපදෙස් අනුව මෙම වයස් මට්ටම්වලට කොවිඩ් එන්නත ලබා දීම තරුණ හා වැඩිහිටි යන දෙඅංශයට සාපේක්ෂව අඩු ප්‍රමුඛතාවක් දක්වයි.
මේ අතර ළමුන් තුළ ඇතිවන කොවිඩ් ආසාදන වැඩිහිටියන්ට සාපේක්ෂව අඩු බරපතල තත්ත්වයක් පෙන්වන බව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය Paul Kelly පැවසීය.
Minister for Health Greg Hunt at a press conference at Parliament House in Canberra. Source: AAP
නව යොවුන් දරුවන් සඳහා Moderna එන්නතත්
ඔස්ට්‍රේලියානු චිකිත්සක භාණ්ඩ පරිපාලනයේ පරීක්ෂණ හා විශ්ලේෂණ වලින් පසුව නව යොවුන් දරුවන් සඳහා Moderna එන්නත පිළිබඳ නිර්දේශ ද ATAGI විසින් ලබා දීමට නියමිතය.
මේ අතර මේ වසර අවසානයේදී පාසල් පදනම් කරගත් එන්නත්කරණ වැඩසටහන් තුළින් කොවිඩ් එන්නත් ලබා දීමට කටයුතු කරමින් සිටින බව ඔස්ට්‍රේලියාවේ COVID-19 කාර්ය සාධක බලකායේ අණ දෙන නිලධාරී ලුතිනන් John Frewen පැවසුවේය.
පාසැල් පදනම් කරගත් එම එන්නත්කරණ වැඩසටහන් සම්බන්ධව ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් සමඟ සාකච්ඡා කරන බවත් පෞද්ගලික හා ස්වාධීන පාසල්වල එම වගකීම මධ්‍යම රජය විසින් දරන බවත් ඔහු පැවසීය.
Read & Listen More
COVID 19 update 27 August: ඔක්තෝබර් සිට NSW ප්‍රාන්තයේ පාසල් යළි විවෘත කෙරේ