Australian Capital Territory (ACT) හි 190 සහ 491 වීසා සඳහා 2021 වසරේ අගෝස්තු මාසයේ අවසන් ආරාධනා පත්‍ර වටයේ (Invitation round) තොරතුරු මේ වන විට නිකුත් කර තිබේ.
අගෝස්තු 25 වන දින නිකුත් කළ එම ආරාධනා පත්‍ර වටයේ තොරතුරු පහත පරිදි වේ.
Highlights
- Critical Skill Occupations ලැයිස්තුවේ තිබෙන රැකියා හරහා අයදුම්කළ අයදුම්කරුවන් 44 දෙනෙකුට 190 වීසා ආරාධනා පත්‍ර නිකුත් කර ඇත.
- මෙහිදී Accountants වෘත්තීය මත ජුනි මාසයට පෙර ලකුණු 105 ක් සහිතව යොමු කළ EOI සඳහා ආරාධනා පත්‍ර නිකුත් කර ඇත.
- ඊට අමතරව Critical Skill Occupations ලැයිස්තුව හරහා 491 වීසා උප ඛාණ්ඩය සඳහා මෙවර ආරාධනා පත්‍ර වටයේ ආරාධනා පත්‍ර 60 ක් නිකුත් කර ඇති බව සඳහන්.
ACT අගෝස්තු මාසයේ අවසන් ආරාධනා පත්‍ර වටය
ACT හි අගෝස්තු මාසයේ අවසන් ආරාධනා පත්‍ර වටය 2021 අගෝස්තු 25 වන දින ක්‍රියාත්මක විය.
මෙම වටයේදී 457 සහ 482 යන වීසා ඛාණ්ඩ වල සිට 190 වීසා සඳහා අයදුම් කළ අයදුම්කරුවන් දෙදෙනෙකුට ආරාධනා පත්‍ර නිකුත් කර තිබේ.
එමෙන්ම Critical Skill Occupations ලැයිස්තුවේ තිබෙන රැකියා හරහා අයදුම්කළ අයදුම්කරුවන් 44 දෙනෙකුට 190 වීසා ආරාධනා පත්‍ර නිකුත් කර ඇත.
ඒ සඳහා සලකා බැලූ Canberra Matrix අවම ලකුණු ප්‍රමාණය 85 කි.
මෙහිදී Accountants වෘත්තීය මත ජුනි මාසයට පෙර ලකුණු 105 ක් සහිතව යොමු කළ EOI සඳහා ආරාධනා පත්‍ර නිකුත් කර ඇත.
ඊට අමතරව Critical Skill Occupations ලැයිස්තුව හරහා 491 වීසා උප ඛාණ්ඩය සඳහා මෙවර ආරාධනා පත්‍ර වටයේ ආරාධනා පත්‍ර 60 ක් නිකුත් කර ඇති බව සඳහන්.
ඒ සඳහා සලකා බැලූ Canberra Matrix අවම ලකුණු ප්‍රමාණය 65 කි.
මෙහිදී Accountants වෘත්තීය මත අගෝස්තු මාසයට පෙර ලකුණු 95 ක් සහිතව යොමු කළ EOI සඳහා ආරාධනා පත්‍ර නිකුත් කර ඇත.
ACT ආගමන පද්ධතිය තුළ සක්‍රිය අයදුම්පතක් තිබෙන අයදුම්කරුවන්ට හෝ මීට පෙර ACT නාම යෝජනා ලැබී තිබෙන අයදුම්කරුවන්ට ආරාධනා පත්‍ර නිකුත් නොකරන බවද ACT ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.
ACT හි මීළඟ ආරාධනා පත්‍ර වටය සැප්තැම්බර් මාසයේ මුල සතියේදී ක්‍රියාත්මක කරන බව වාර්තා වේ.
Greens to introduce legislation to extend Australian visas for people stuck overseas Source: SBS
2021/22 මුල්‍ය වර්ෂය සඳහා ACT හි Skilled වීසා කෝටාව
2021/22 මුල්‍ය වර්ෂය සඳහා ACT හි 190 හා 491 වීසා කෝටාව පහත පරිදි වේ.
- Skilled Nominated (subclass 190) visa - 600
- Skilled Work Regional (subclass 491) visa - 1,400
මාසික කෝටාව සපුරා ඇත්නම් අදාළ වෘත්තීය සඳහා ආරාධනා පත්‍ර නිකුත් නොකරන බවද ACT ප්‍රාන්ත රජය පවසයි.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App එක නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
ACT Critical Skills List
ACT Critical Skills ලැයිස්තුව ACT 190 හා 491 වීසා සඳහා අදාළ වේ.
ACT Critical Skills ලැයිස්තුව සෑම සිව් මසකට වරක්ම සමාලෝචනය කර යාවත්කාලීන කරනු ලැබේ.
ඒ අනුව 2021 මැයි 03 වන දින අවසන් වරට යාවත්කාලීන කළ මෙම ලැයිස්තුව එළඹෙන සැප්තැම්බර් මාසයේදී යළි සමාලෝචනය කිරීමට නියමිතය.
මේ වන විට ක්‍රියාත්මක වන ACT Critical Skills List එක