අපවහන ජලය පිරිසිදු කර බීමට ගැනීමට ඔස්ට්‍රේලියාවේ අවධානය

An image of a woman pouring a glass of water from a tap.

With water security a challenge globally, around 60 cities are exploring the idea of recycled wastewater. Source: Getty / Nico De Pasquale Photography

දේශගුණික විපර්යාස සහ ජනගහන වර්ධනය වැනි කාරනා හේතුවෙන් පානීය ජාල හිඟයක් ඇතිවීමේ අවදානමක් ඔස්ට්‍රෙලියාවටද පවතිනවා. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවද අපවහන ජලය පිරිසිදුකර නැවත බීමට ගැනීම සඳහා යොමුවිය යුතු බවට ඇතැම් විශේෂඥයන් යෝජනා කර සිටිනවා.


LISTEN TO
14012025_podcast_house_prices image

2025 වසරේදී ඕස්ට්‍රේලියාවේ නිවාස මිල තීරණය කෙරෙන ප්‍රධාන සාධක මෙන්න

SBS Sinhala

14/01/202505:27
පිරිසිදු කරන ලද අපවහන ජලය භාවිතා කිරීම ලොව පුරා විවද නගරවල දශක 5කට ආසන්න කාලයක සිට සිදුවනවා. කෙසේ උවත් ඔස්ට්‍රේලියාවට මෙය තරමක් නුහුරු අත්දැකීමක් වී තිබෙනවා. වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල ඉතා සීග්‍රයෙන් ජනගහනය ඉහල යාම මෙන්ම දේශගුණික විපර්යාස වලද ප්‍රථිපලයක් ලෙස ඔස්ට්‍රේලියාව තුලද මෙම ක්‍රමය ප්‍රචලිත කිරීමට ඇතැම් විශේෂඥයන් යෝජනා කර සිටිනවා.
අපවහන ජලය පිරිසිදු කර බීමට ගැනීම සම්බන්දයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් සිඩ්නි නුවර මේ වනවිටත් ක්‍රියාත්මක වෙනවා

අපවහන ජලය පිරිසිදු කර බීමට ගැනීමට සිඩ්නි නුවරින් ආරම්භයක්

සිඩ්නි නුවර භාවිතා වන මුළු ජල අවශ්‍යතාවයෙන් 85%ක් සඳහාම වර්ෂාවෙන් ලැබෙන ජලය භාවිතා වන අතර ලවණ ඉවත්කරන ලද ජලය භාවිතාව 15%ක් වනවා. කෙසේ උවත් 2017 වසරේ සිට 2020 වසර දක්වා ඇති වී ඇති නියං තත්වයන් හේතුවෙන් ජලාශ වල පැවති ජල මට්ටම් 50%කින් පමණ අඩුවී ඇති බවට වාර්තා වනවා. මේ හේතුවෙන් අනාගතයේ සිඩ්නි නුවර පානීය ජල අවශ්‍යතා සපුරාගැනීම සඳහා විකල්ප ක්‍රම වෙත යොමුවීමේ දැඩි අවශ්‍යතාවයක් ඇති බව Sydney Water ආයතනයේ ව්‍යපෘති කළමනාකාර James Harrington පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් අපවහන ජලය පිරිසිදු කර බීමට ගැනීම සම්බන්දයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් මේ වනවිටත් ආරම්භ කර තිබෙනවා

අපවහන ජලය පිරිසිදු කර බීමට ගැනීමේ හැකියාව සම්බන්දයෙන් මේවන විටත් සිඩ්නි නුවර Quakers Hill හි පිහිටා ඇති අපවහන ජලය පිරිපහදු කිරීමේ මධ්‍යස්ථානයෙදී පර්යේෂණ සිදුකරමින් පවතිනවා. පිරිපහදු කරන ලද අපවහන ජලය සම්බන්දව පර්යේශ සිදුකරන මෙම මධ්‍යස්ථානය 2023 වසරේදී ආරම්භ කරනු ලැබුවා. මෙම පිරිසිදු කරන ලද අපවහන ජලය පානය කර බලන ලෙසත් උසස් තත්වයෙන් පානීය ජලය පිරිසිදු කිරීම සඳහා වන තාක්ෂණය පිළිබඳව අවබෝදයක් ලබාගැනීමට කටයුතු කරන ලෙසත් James Harrington ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පර්ත් නුවර ද පානීය ජලය සඳහා ජලය පිරිපහදු කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වනවා. එහිදී අපවිත්‍ර ජලය පිරිසිදුකිරීමේ අධි තාක්ෂනකික ක්‍රියාවලියක් හරහා පිරිසිදු කිරීමකට ලක් කරනවා. ඉන් අනතුරුව එම ජලය ස්වභාවික භූගත ජලප්‍රභාවයන් සමග මිශ්‍ර කිරීමක් සිදුකරනවා.

ඇඩිලේඩ් සහ කුවීන්ස්ලන්ත ප්‍රන්තද පිරිපහදු කරන ජලය පානීය නොවන වෙනත් ජල අවශ්‍යතා සඳහා භාවිතා කිරීමක් සිදු කරනවා.

අපවහන ජලය පිරිසිදු කර නැවත බීමට ගැනීමට සිංගප්පූරුව විශාල වශයෙන් කටයුතු කරන අතර මෙම ක්‍රමවේදය සාර්ථකව භාවිතා වන ලොව රටවල් අතරින් ප්‍රමුඛ ස්ථානයක් ගන්නා රටක් වනවා. ඔවුනට ඇති ඉතා සීමිත ස්වභාවික ජලසම්පත් හේතුවෙන් සිංගප්පූරුව තුල මෙම ක්‍රමය බහුලවශයෙන් භාවිතාවනු දක්නට ලැබෙනවා.

අපද්‍රව්‍ය මිශ්‍රවී ඇති ජලය පිරිසිදු කර නැවත භාවිතාව සම්බන්දයෙන් මේ වන විට සිඩ්නි නුවර Quakers Hill අපවහන ජලය කළමනාකරණ මධ්‍යස්තානයේදී පර්යේෂණ කටයුතු මෙන්ම ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක වනවා. මෙම ජලය පානය කිරීමට ඉතාමත්ම සුදුසු උසස් තත්වයේ පානීය ජලය බවට පත්කිරීමට ඔවුන් කටයුතු කරමින් සිටිනවා.

පිරිසිදු කරන ලද අපවහන ජලය පානීය ජලය සඳහා භාවිතා කිරීම අනාගත පානීය ජල සුරක්ෂිතතාව සඳහා වන බුද්ධිමත් සහ ආරක්ෂාකාරී ක්‍රියාමාර්ගයක් බව විශේෂඥයන් පෙන්වා දෙනවා.

********************************************************************************


ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.


********************************************************************************

Share

Recommended for you