ඔස්ට්‍රේලියානු දේශ සීමා තවමත් වසා දමා ඇති බැවින් ඔස්ට්‍රේලියානු පුරවැසියන් නොවන හෝ ස්ථිර පදිංචි ලාභීන් නොවන පුද්ගලයින්ට තවමත් ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර නොමැත.
මේ හේතුවෙන් ජාත්‍යන්තර සිසුන්ට සහ තාවකාලික වීසා ලාභීන්ට තවමත් ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිව ඇත.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
නමුත් එවැනි සිසුන්ගෙන් ඇතැමුන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා අවසර ලබාදෙන ලෙස ඉල්ලීම් සිදු කිරීමට හැකි බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු පිළිබඳ දෙපාර්තම්න්තු වෙබ් අඩවිය වාර්තා කරයි.
Highlights
- කොරෝනා වසංගතය හේතුවෙන් යළි ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිව සිටින ජාත්‍යන්තර සිසුන් විශාල ප්‍රමාණයක් සිටින බව වාර්තා වේ.
- ඔස්ට්‍රේලියානු දේශසීමා ආරක්ෂණ බලකායේ කොමසාරිස් සහ අදාළ තීරණ ගන්නන් මෙම අවසර දීම පිළිබඳ තීරණය කරනු ඇත.
- ඒ සඳහා විශේෂ අවශ්‍යතා කිහිපයක් සැපිරිය යුතුය.
ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා අවසර ඉල්ලිය හැකි ජාත්‍යන්තර සිසුන්
ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා අවසර ඉල්ලිය හැකි ජාත්‍යන්තර සිසුන් ඛාණ්ඩ කිහිපයක් ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු පිළිබඳ දෙපාර්තම්න්තුව සඳහන් කරයි.
ඔස්ට්‍රේලියානු දේශසීමා ආරක්ෂණ බලකායේ කොමසාරිස් සහ අදාළ තීරණ ගන්නන් එම අවසර දීම පිළිබඳ තීරණය කරනු ඇත.
ඒ සඳහා විශේෂ අවශ්‍යතා කිහිපයක් සැපිරිය යුතුය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
පෙරවරු 11 සිට , 93.1fm, 97.7fm, 105.5fm
SBS Radio APP එකෙන් (Free download)
තම උසස් අධ්‍යාපන කටයුතු අතරේ ඔස්ට්‍රේලියාවෙන් තම මව් රටවලට ගොස් කොරෝනා වසංගතය හේතුවෙන් යළි ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිව සිටින ජාත්‍යන්තර සිසුන් විශාල ප්‍රමාණයක් සිටින බව වාර්තා වේ.
මේ හේතුවෙන් ඔවුන්ට තම අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරගැනීමට නොහැකිව සිටින බවද සඳහන්.
Source: Getty Images/WANDER WOMEN COLLECTIVE
ජාත්‍යන්තර සිසුවෙකු ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා අවසර ඉල්ලීමට නම්
ජාත්‍යන්තර සිසුවෙකු ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා අවසර ඉල්ලීමට නම් පහත අවශ්‍යතා සැපිරිය යුතුවේ.
- අදාළ ප්‍රාන්ත හෝ ටෙරිටරි රජයන් විසින් මෙන්ම අධ්‍යාපන, නිපුණතා සහ රැකියා දෙපාර්තමේන්තුව විසින් අනුමත කර ඇති International Student Arrivals Plan හෙවත් ජාත්‍යන්තර සිසුන් යළි ගෙන්වා ගැනීමේ වැඩසටහනට තෝරාගෙන ඇති සිසුවෙකු වීම.
- ඔස්ට්‍රේලියානු රෝහලක හෝ වෛද්‍ය සායනයක confirmed work placement එකක් කිරීමට ඇති බවට සාක්ෂි සහිත වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශ්ව විද්‍යාල උපාධියක අවසන් වසර තුනේ ඉගෙනුම ලබන සිසුවෙකු වීම.
මෙහිදී ඉදිරි මාස දෙක ඇතුළත අදාළ placement එක ආරම්භ කළ යුතු අතර ඒ හරහා ඔස්ට්‍රේලියානු ජනතාවට වෛද්‍ය සේවා සැපයිය යුතුවේ.
- දන්ත, හෙද හෝ ඊට අනුබද්ධ සෞඛ්‍ය වෘත්තියක විශ්ව විද්‍යාල උපාධියක අවසන් වසර දෙකේ ඉගෙනුම ලබන සිසුවෙකු වීම.
මෙහිදී ඉදිරි මාස දෙක ඇතුළත උපාධියට අදාළ placement එක ඔස්ට්‍රේලියානු රෝහලක හෝ වෛද්‍ය සායනයකදී ආරම්භ කළ යුතු බවට සාක්ෂි ඉදිරිපත් කළ යුතුවේ.
- අධ්‍යාපන, නිපුණතා සහ රැකියා දෙපාර්තමේන්තුවේ අනුමැතිය මෙන්ම අදාළ ප්‍රාන්ත හෝ ටෙරිටරි රජයන් විසින් අනුමැතිය ලබන පාසලේ 11 සහ 12 වසර සම්පූර්ණ කරන සිසුවෙකු වීම.