තම මව ඩයනා කුමරියගේ ජීවිතය බිඳ දැමීම සහ සහ චාල්ස් කුමරු සමඟ ඇති විවාහ සම්බන්ධය පළුදු කළ බවට විලියම් කුමරු සහ හැරී කුමරු BBCයට චෝදනා කර තිබේ.
1995 වසරේදී BBC සේවයේ මාධ්‍යවේදියෙකු ඩයනා කුමරිය සමග රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක් රැවටිලිකාර ලෙස ලබාගත් බවට නැගුනු චෝදනාවක් පිළිබඳ සිදුකළ විමර්ශනයකින් පසුව ඔවුන් මේ බව සඳහන් කර ඇත.
Highlights
- BBC මාධ්‍යවේදී Martin Bashir 1995 වසරේදී ඩයනා කුමරිය සමඟ සිදුකළ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව ලබාගැනීමට වංචා සහගත උපායක් භාවිත කළ බවට ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී හෙළිවී තිබේ.
- මෙම රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවේදී චාල්ස් කුමරු සමඟ විවාහය අසාර්ථක වීම පිළිබඳ සමීප තොරතුරු ඩයනා කුමරිය විසින් හෙළි කළාය.
- මෙම රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව එවකට බ්‍රිතාන්‍යයේ මිලියන 20 කට අධික ජනතාවක් නැරඹු බව සඳහන්.
විලියම් කුමරු සහ හැරී කුමරුගෙන් BBCයට චෝදනා
BBC මාධ්‍යවේදී Martin Bashir 1995 වසරේදී ඩයනා කුමරිය සමඟ සිදුකළ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව ලබාගැනීමට වංචා සහගත උපායක් භාවිත කළ බවට ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී හෙළිවී තිබේ.
මේ සමගම තම මවගේ ජීවිතයට අනියත බලපෑමක් එල්ල කළ බවටත් පියා වන චාල්ස් කුමරු සමග තිබූ විවාහ සම්බන්ධය පළුදු කළ බවටත් ඩයනා කුමරියගේ වැඩිමහල් පුත් විලියම් කුමරු BBCයට චෝදනා කර සිටියි.
1995 වසරේදී BBC මාධ්‍යවේදී Martin Bashir ඩයනා කුමරිය සමග සිදුකළ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවේදී චාල්ස් කුමරු සමඟ විවාහය අසාර්ථක වීම පිළිබඳ සමීප තොරතුරු ඇය විසින් හෙළි කළාය.
මෙම රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව "Panorama" සාකච්ඡා මාලාව යටතේ විකාශය වුවකි.
ඩයනා කුමරිය සමග සිදුකළ මෙම රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව එවකට බ්‍රිතාන්‍යයේ මිලියන 20 කට අධික ජනතාවක් නැරඹු බව ABC පුවත් සේවය වාර්තා කරයි.
තමාගේ ප්‍රේම සම්බන්ධයක් පිළිබඳ තොරතුරු මෙන්ම චාල්ස් කුමරු සමග විවාහය අසාර්ථක වීම පිළිබඳ සමීප තොරතුරු එහිදී ඩයනා කුමරිය හෙළි කිරීමෙන් සමස්ත බ්‍රිතාන්‍යයම දැඩි කම්පනයකට පත් විය.
1997 වසරේ දී වයස අවුරුදු 36 ක්වූ ඩයනා කුමරිය ප්‍රංශයේ පැරිස් නුවර උමං මාර්ගයකදී සිදුවූ මාරක රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වුවාය."මගේ මව එම BBC සම්මුඛ සාකච්ඡාවේදී පැවසූ දෙයට එම සම්මුඛ සාකච්ඡාව ලබාගත් රැවටිලිකාර ආකාරය සැලකිය යුතු ලෙස බලපා ඇති බව මගේ අදහසයි. මෙම සම්මුඛ සාකච්ඡාව මගේ දෙමව්පියන්ගේ සම්බන්ධතාවය වඩාත් නරක අතට හැරවීමට විශාල බලපෑමක් කළ අතර එතැන් පටන් තවත් බොහෝ දෙනෙකුට සිත් රිදවීම් සිදුකරන්නට ද සමත් විය." යනුවෙන් විලියම් කුමරු පවසා තිබේ.
Prince Philip, left, talks to his grandsons, Prince William, center, and Prince Harry, right. Source: AP
මෙම BBC සම්මුඛ සාකච්ඡාව ඩයනා කුමරියගේ බිය, මානසික ආතතිය සහ හුදකලාව සඳහා ප්‍රබල ලෙස බලපෑ බව ඇයගේ අවසන් වසර කිහිපයේ තමා ඇය සමග සමීපව සිටිය නිසා මතක බවත් එය විස්තර කළ නොහැකි දුකක් ලෙසත් විලියම් කුමරු පවසා ඇත.
මෙම ගැටලුව BBCයට වඩා විශාල බව ඩයනා කුමරියගේ බාල පුතු හැරී කුමරුද පවසා තිබේ.
"සූරාකෑමේ හා සදාචාර විරෝධී ක්‍රියාවන්හි බලපෑම අවසානයේ ඇගේ ජීවිතය ගෙන ගියා" යනුවෙන් ද ඔහු සඳහන් කර ඇත.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
BBC විමර්ශනය
ඩයනාගේ සහෝදරයා වන Charles Spencer ව රවටා ඔහු විසින් ඩයනා කුමරියව BBC මාධ්‍යවේදී Martin Bashir ට හදුන්වා දීමට කටයුතු කළා යයි BBC යට එල්ල වූ චෝදනාවලින් පසුව පසුගිය නොවැම්බර් මාසයේදී BBCය විසින් හිටපු ජ්‍යෙෂ්ඨ විනිසුරු John Dysonගේ ප්‍රධානත්වයෙන් මෙම විමර්ශනය ආරම්භ කරන ලදී.
ඩයනාට ආරක්ෂක සේවාවන් විසින් බලපෑම් කර ඇති බවත්, ඇය පිළිබඳ තොරතුරු සැපයීම සඳහා ජ්‍යෙෂ්ඨ සහායකයින් දෙදෙනෙකුට මුදල් ගෙවූ බවත් අඟවමින් BBC මාධ්‍යවේදී Martin Bashir, Charles Spencerගේ ව්‍යාජ බැංකු ප්‍රකාශ පෙන්වූ බව අදාළ වාර්තාවෙන් අනාවරණය විය.
සම්මුඛ සාකච්ඡාව විකාශය කිරීමෙන් පසු BBC මාධ්‍යවේදී Martin Bashir සම්මුඛ සාකච්ඡාව ලබා ගත් ආකාරය පිළිබඳ තම ප්‍රධානීන්ට නැවත නැවතත් බොරු කී බව එම වාර්තාවේ දැක්වේ.
මෙම සිදුවීම නිසියාකාරව විමසා බැලීමට BBC කළමනාකරුවන් අසමත් වූ අතර BBC මාධ්‍යවේදී Martin Bashir ඩයනා කුමරිය සමග සම්මුඛ පරීක්ෂණය ලබා ගත් ආකාරය පිළිබඳ කරුණු දිගින් දිගටම වසන් කළේය.BBCයේ අවංකභාවය සහ විනිවිදභාවය පිළිබඳ ඉහළ ප්රමිතීන් කඩා වැටී ඇති බව ද මෙම විමර්ශනයෙන් අනාවරණය කෙරිණි.
Prince Charles and Princess Diana toured Australia in 1983, which Diana found overwhelming. (AAP) Source: AAP
විලියම් සහ හැරී කුමාරවරුන්ගෙන් මෙන්ම චාල්ස් කුමරු සහ ඩයනාගේ සහෝදරයා වන Charles Spencer ගෙන්ද BBCය ලිඛිතව සමාව අයැද තිබේ.
ව්‍යාජ ප්‍රකාශ සම්බන්ධයෙන් BBC මාධ්‍යවේදී Martin Bashir සමාව අයැද සිටියද, ඔහු මීට වසර 25 කට පෙර සිට තම සාක්ෂි වෙනුවෙන් පෙනී සිටි බවත් සම්මුඛ පරීක්ෂණය ලබා ගැනීමට ඔහු ඩයනාව පෙලඹවූ බව විශ්වාස නොකරන බවත් පැවසීය.
1995 දී මෙම ගැටලුව පළමු වරට මතු වූ විට BBCය නිසි ලෙස මෙය විමර්ශනය කළ යුතුව තිබූ බව විලියම් කුමරු පවසා තිබේ.