Highlights
- ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට හෝ පවුල් ප්‍රචණ්ඩත්වයට ලක් වූ තාවකාලික වීසා හිමියකුට ඒ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේදී ගත හැකි මූලික ක්‍රියාමාර්ග
- ගෘහස්ත හෝ පවුල් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ තාවකාලික වීසා හිමි පුද්ගලයෙකුට මෙරටදී නීතියෙන් තිබෙන පිළිසරණ
- ගෘහස්ත සහ පවුල් ප්රචණ්ඩත්වය සම්බන්ධයෙන් චෝදනා ලබන තාවකාලිකවීසා හිමියන් හට ඔස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක වන නීතීන්
- ගෘහස්ත සහ පවුල් ප්‍රචණ්ඩත්වයට ලක් වූ තාවකාලික වීසා හිමියන් හට මෙරට දී පවතින අයිතීන්
ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට හෝ පවුල් ප්‍රචණ්ඩත්වයට ලක් වූ තාවකාලික වීසා හිමියකුට ඒ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේදී ගත හැකි මූලික ක්‍රියාමාර්ග
ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට හෝ පවුල් ප්‍රචණ්ඩත්වයට ලක් වන තාවකාලික වීසා හිමියන් බොහෝ පිරිසක් ඔස්ට්‍රේලියාව තුල ජීවත් වේ.
මෙම ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන තාවකාලික වීසා හිමියන් කොටස් දෙකක් සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙන අතර ඒවා
- Partner visa බලපත්‍රයේ dependant ලෙස සිටින පිරිස
- තාවකාලික වීසා මත සිටින Primary applicant ගේ dependant ලෙස සිටින පිරිස
ලෙස දැක්විය හැක
Partner visa බලපත්‍රයේ dependant ලෙස සිටින පිරිස
මෙම වීසා කාණ්ඩයේ සිටින, ගෘහස්ත හෝ පවුල් ප්‍රචණ්ඩත්වයට ලක්වූ පිරිසට ස්ථිර පදිංචිය සඳහා යාමට ඕස්ට්‍රේලියානු රජයෙන් නීතිමය ක්‍රියාමාර්ගයන් පවතී.
ඒ අනුව එම පුද්ගලයින් හට සිය Partner visa බලපත්‍රයෙන් ඉවත්ව, ඔස්ට්‍රේලියාව තුල ස්ථිර පදිංචිය කරා යාමට වෙනත් වීසා මාර්ගයන් වෙත යොමු විය හැකි වේ.මේ සඳහා ප්‍රථමයෙන්ම තමන් මුහුණ දුන් හිංසනය සම්බන්දයෙන් ඕස්ට්‍රේලියානු පොලිසියට පැමිණිලි කල යුතු අතර එහිදී පොලිසිය මගින් Intervention order ලෙසින් හැඳින්වෙන උසාවි නියෝගයක් ලබාගත හැකි වේ. ඉන් පසුව මෙම නියෝගය සහ තමන් මුහුණ දුන් හිංසන සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් කිරීම මත ඔස්ට්‍රේලියාව තුල ස්ථිර පදිංචිය සඳහා වෙනත් වීසා කණ්ඩයක් ඔස්සේ අයදුම් කිරීමට එම පුද්ගලයාට හැකියාව හිමි වේ.
Source: Getty Images/Mark Andersen
තාවකාලික වීසා මත සිටින Primary applicant ගේ dependant ලෙස සිටින පිරිස
මෙම වීසා කාණ්ඩයේ සිටින ගෘහස්ත හෝ පවුල් ප්‍රචණ්ඩත්වයට ලක්වූ පිරිස සඳහා මෙහිදී යම් අභියෝගාත්මක තත්වයකට මුහුණ දීමට සිදු විය හැකි බව SBS සිංහල සේවයත් සමග සාකච්චාවට එක්වූ වික්ටෝරියා ප්‍රන්තයේ මෙල්බර්න් හි සොලිසිටර්වරයකු ලෙස කටයුතු කරන කීත් ජේම්ස් මහතා සඳහන් කොට සිටී.ඒ , මෙහිදී Dependant ලෙස සිටින පුද්ගලයා පොලිසිය වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව, තමන් දික්කසාද වීමට තීරණය කරන බවට Primary applicant සඳහන් කළහොත් එහිදී පැමිණිලි සිදු කල Dependant ලෙස සිටින පුද්ගලයා හට වෙනත් වීසා කාණ්ඩයක් සඳහා යොමුවීම පිළිබඳව තමන්ටම තීරණය කිරීමට සිදු වීමයි.
Solicitor Keith James - VIC Source: Supplied by Keith James
මේ සඳහා එම තාවකාලික වීසා මත සිටින Primary applicant හෝ Dependant යන දෙපාර්ශවය හටම ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය නොමැති වීම හේතු වේ.
මෙම ගැටලුව සම්බන්ධයෙන් කීත් ජේම්ස් මහතා සඳහන් කොට සිටින්නේ, ගෘහස්ත හෝ පවුල් ප්‍රචණ්ඩත්වයට ලක්වූ Dependant ලෙස සිටින පුද්ගලයා ප්‍රථමයෙන්ම Student වැනි ස්වාධීන වීසා කාණ්ඩයක් වෙත යොමු වීම සිදු කල යුතු බවයි.
එසේත් නොමැතිව එම පුද්ගලයා නැවතත් තම රට බලා යාමට සුදානම් වන්නේ නම්, ඕස්ට්‍රේලියානු ආගමන දෙපාර්තමේන්තුව වෙත "Notice of intention to consider cancellation of visa" යන දැනුම් දීම සිදු කිරීමෙන් අනතුරුව තම රට බලා යනතුරු නීත්‍යනුකුලව ඔස්ට්‍රේලියාව තුල රැඳී සිටීමට අවසර ලබාගත හැකි වේ.
ගෘහස්ත හෝ පවුල් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ තාවකාලික වීසා හිමි පුද්ගලයෙකුට මෙරටදී නීතියෙන් තිබෙන පිළිසරණ
මෙවැනි තත්වයකදී ඔස්ට්‍රේලියාව තුල ස්ථිර පදිංචිකරුවකු හෝ තාවකාලික පදිංචිකරුවකු වශයෙන් කිසිදු වෙනසක් ඕස්ට්‍රේලියානු නීතියෙන් සිදු නොකරන බව කීත් ජේම්ස් මහතා පවසයි.
මෙහිදී ගෘහස්ත හෝ පවුල් හිංසනය සිදු කරන පුද්ගලයා සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දීම මත Intervention order යන උසාවි නියෝගයක් නොමිලයේ ලබාගත හැකි වේ.
මෙම උසාවි නියෝගය අනුව ගෘහස්ත හෝ පවුල් හිංසනය සිදු කල පුද්ගලයා හට, එම ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ පුද්ගලයා අසලට ලං වීමට නොහැකි අතර එම උසාවි නියෝගයේ තත්වය මත හිංසනය සිදු කරන පුද්ගලයා හට නිවසින් පිටත්වීමට පවා සිදු වේ.කීත් ජේම්ස් මහතා මෙහිදී SBS සිංහල සේවය වෙත අවධාරණය කොට සිටියේ බොහෝ තාවකාලික වීසා හිමියන් මෙහිදී තම දරුවන් සම්බන්ධයෙන් බියකින් පසුවන නමුත් මෙම උසාවි නියෝගය සඳහා එම දරුවන්ද ඇතුලත් කල හැකි බවයි.
Source: Getty Images/RichLegg
මෙම උසාවි නියෝගය වසරකට පමණ කාලයක් හිමිවන අතර එය අවශ්‍යනම් තවත් වසරක් පමණ දීර්ග කල හැකි බවද ඔහු සඳහන් කොට සිටි.
ගෘහස්ත සහ පවුල් ප්රචණ්ඩත්වය සම්බන්ධයෙන් චෝදනා ලබන තාවකාලිකවීසා හිමියන් හට ඔස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක වන නීතීන්
මෙවැනි චෝදනාවක් එල්ල වී තිබේ නම් ඒ සම්බන්ධයෙන් තාවකාලික වීසා හිමියන් ඉතා දැඩි ලෙස අවධානයක් යොමු කල යුතු බව ජේම්ස් මහතා SBS සිංහල සේවය වෙත පැවසීය.
මෙහිදී ලැබෙන උසාවි නියෝගය සිවිල් නියෝගයක් වීම මත බොහෝ තාවකාලික වීසා හිමියන් මේ සම්බන්ධයෙන් සුළු කොට තකන අතර එහි පවතින නීති නිසි ලෙස පිළිපැදීම සිදු නොකරන බව ද ඔහු පෙන්වා දෙයි.
මෙම සිවිල් නියෝගයට අනුව ගෘහස්ත සහ පවුල් ප්රචණ්ඩත්වය සම්බන්ධයෙන් චෝදනා ලබන පුද්ගලයා, එම තත්වයට ගොදුරු වූ පුද්ගලයා වෙත වෙනත් පුද්ගලයින් හරහා පීඩාවක් සිදු කිරීම හෝ පීඩාවට ගොදුරු වූ පුද්ගලයා සිටින ස්ථානයට මීටර 50කට වඩා ලංවීම සිදු නොකළයුතු වේ.නමුත් බොහෝ විට තාවකාලික වීසා හිමියන් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු නොකිරීම මත තම මිතුරන් හරහා හෝ තම රටේ සටින දෙමාපියන් හරහා ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ පුද්ගලයා සමග සම්බන්ධ වීමට තැත් කරන අතර, එවැනි තත්වයකදී සිවිල් නියෝග නීති කඩකිරීමක් සිදු වන බව කීත් මහතා පෙන්වා දෙයි.
Source: Getty Images/Fertnig
මෙම සිවිල් නියෝග නීති කඩ කිරීම ඔස්සේ එය ඔස්ට්‍රේලියාව තුල "අපරාධයක්" බවට පත් වන අතර, ගෘහස්ත සහ පවුල් ප්රචණ්ඩත්වය සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයා පසුකාලීනව වෙනත් වීසා කාණ්ඩයකට යොමු වීමේදී ලබාදිය යුතු ජාතික පොලිස් පරීක්ෂා සහතිකයේ (National Police Check) එය පිළිබිඹු වීම සිදු වේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
මෙම තත්වය , එම පුද්ගලයා ඉල්ලුම් කරන වීසා අවලංගු වීමට පවා හේතු විය හැකි බව කීත් මහතා SBS සිංහල සේවයට අවධාරණය කොට සිටී.
ගෘහස්ත සහ පවුල් ප්‍රචණ්ඩත්වයට ලක් වූ තාවකාලික වීසා හිමියන් හට මෙරට දී පවතින අයිතීන්
ඔස්ට්‍රේලියාව තුල ගෘහස්ත සහ පවුල් ප්‍රචණ්ඩත්වයට ලක් වූ තාවකාලික වීසා හිමියන් හට ද සෙසු පිරිසට මෙන්ම සමාන ලෙස නීතිමය රැකවරණය ලැබේ.
මෙවැනි ප්රචන්ඩත්වයන්ට මුහුණ දුන් පුද්ගලන් හට අන්තර්ජාලය ඔස්සේද ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයන් සහ මධ්‍යම රජය මගින් ලබාදෙන සේවාවන් සම්බන්ධයෙන් තොරතුරු සොයා ගත හැකි වේ.
ගෘහස්ත සහ පවුල් ප්‍රචණ්ඩත්වයට ලක් වූ පිරිසට ලබාදෙන සේවාවන් සඳහා කාන්තා පුරුෂ හෝ ස්ථිර පදිංචිය හිමි හෝ අහිමි ලෙස වෙනස්කම් නොපවතින බවද කීත් මහතා පෙන්වා දෙයි.තමන් ජීවත් වන ස්ථානයෙන් යාමට සිදුවිය හැකි බවට යන බිය මත බොහෝ තාවකාලික වීස හිමියන් මෙවැනි තත්වයන් පිළිබඳව දැනුම් දීමට මැලි කමක් දක්වන නමුත් ඔවුන් සඳහා Womens shelters වැනි සේවාවන් ඔස්ට්‍රේලියාව තුල පවතින බවද කීත් මහතා අවසාන වශයෙන් SBS සිංහල සේවයට පැවසීය.
Source: Getty Images/Kittisak Jirasittichai/EyeEm