ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන යටතේ නිකුත් කරන 190 සහ 491 වීසා නාමයෝජනා සඳහා නවතම තොරතුරු යාවත්කාලීන කර තිබේ.
ඒ අනුව වික්ටෝරියානු 190 සහ 491 වීසා සඳහා 2022 පෙබරවාරි මාසයේදී ලැබුණු Registrations of Interest හෙවත් ROI ප්‍රමාණය සහ ඒවායින් වීසා නාමයෝජනා සඳහා ආරාධනා පත්‍ර නිකුත් කිරීමේදී සලකා බැලු අවම ලකුණු මට්ටම පිළිබඳ තොරතුරු වික්ටෝරියානු ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මේ වන විට නිකුත් කර ඇත.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
2022 පෙබරවාරි - වික්ටෝරියා ප්‍රාන්තයේ 190 වීසා නාම යෝජනා
2021/22 මුල්‍ය වර්ෂය උදෙසා වික්ටෝරියානු ප්‍රාන්තයට වෙන් කර ඇති 190 වීසා කෝටාව 3,500 කි.
190 වීසා යනු සෘජුවම ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමිකරදෙන ස්ථිර වීසා බලපත්‍රයකි.
2022 පෙබරවාරි 28 වන විට වික්ටෝරියා 190 වීසා සඳහා ROI 10,557 ක් ලැබී ඇති අතර වික්ටෝරියානු වීසා නාමයෝජනා සඳහා අයදුම්පත් 1,924 ක් ඉදිරිපත් කර ඇත.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
2022 පෙබරවාරි - වික්ටෝරියා ප්‍රාන්තයේ 491 වීසා නාම යෝජනා
2021/22 මුල්‍ය වර්ෂය උදෙසා වික්ටෝරියානු ප්‍රාන්තයට වෙන් කර ඇති 491 වීසා කෝටාව 500 කි.
2022 පෙබරවාරි 28 වන විට වික්ටෝරියා 491 වීසා සඳහා ROI 1,636 ක් ලැබී ඇති අතර වික්ටෝරියානු වීසා නාමයෝජනා සඳහා අයදුම්පත් 418 ක් ඉදිරිපත් කර ඇත.
491 වීසා යනු ඔස්ට්‍රේලියාවේ පූර්ණ කාලීන රැකියා කිරීමට අවසර ලබාදෙන වීසා බලපත්‍රයක් වන අතර එය වසර 5 ක කාලයකට වලංගු වේ.
මේ හරහා 191 වීසා නමැති ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සෘජුව ලබාදෙන වීසා සඳහා අයදුම් කළ හැකිවේ.
Empresários australianos pedem ajuda aos imigrantes elegíveis para o visto de Escassez Temporária de Habilidades (subclasse 482) Source: Getty Images
Target sectors වලට අනුව ලැබී ඇති ROI සහ සලකා බැලූ අවම ලකුණු
වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන යටතේ නිකුත් කරන 190 සහ 491 වීසා නාමයෝජනා සලකා බලනුයේ Target sectors හෙවත් ඉලක්කගත අංශ 8 ක් යටතේය.
ඒ ඒ ඉලක්කගත අංශ වෙත පෙබරවාරි මාසය වන විට ලැබුණු ROI සහ ඒවා සඳහා වීසා නාම යෝජනා දීමට සලකා බැලූ අවම ලකුණු ප්‍රමාණය පහත පරිදි වේ.
01. Advanced Manufacturing
190 වීසා සඳහා ලැබුණු ROI - 980
190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 85
491 වීසා සඳහා ලැබුණු ROI - 118
491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 90
02. Agri-food
190 වීසා සඳහා ලැබුණු ROI - 395
190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 80
491 වීසා සඳහා ලැබුණු ROI - 107
491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 80
03. Creative Industries
190 වීසා සඳහා ලැබුණු ROI - 60
190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - සඳහන් නොවේ
491 වීසා සඳහා ලැබුණු ROI - 06
491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - සඳහන් නොවේ
04. Digital
190 වීසා සඳහා ලැබුණු ROI - 2,382
190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 95
491 වීසා සඳහා ලැබුණු ROI - 306
491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 85
05. Health
190 වීසා සඳහා ලැබුණු ROI - 3,865
190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 80
491 වීසා සඳහා ලැබුණු ROI - 410
491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 65
06. Life Sciences
190 වීසා සඳහා ලැබුණු ROI - 385
190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 90
491 වීසා සඳහා ලැබුණු ROI - 43
491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 75
07. Medical Research
190 වීසා සඳහා ලැබුණු ROI - 234
190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 75
491 වීසා සඳහා ලැබුණු ROI - 05
491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - සඳහන් නොවේ
08. New Energy, Emissions Reduction and Circular Economy
190 වීසා සඳහා ලැබුණු ROI - 966
190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 90
491 වීසා සඳහා ලැබුණු ROI - 89
491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 80
Read & Listen More
COVID 19 update 22 March: ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත පහක කොවිඩ් මරණ 25ක්