මෙල්බර්න් නුවර වෘත්තීය සූපවේදිනියක් වන ශානිකා දිසානායක මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට විස්තර කරයි.....
Roast Turkey
ඔස්ට්‍රේලියාවේ නත්තල ග්‍රීෂ්ම සෘතුවේ පැමිණෙන නිසා Turkey Cold හෝ Hot ලෙස ආහාරයට ගන්න පෙළඹෙනවා.
Turkey Roast කර ගන්නේ කුකුළෙක් Roast කරගන්නා ආකාරයටමයි.
ඒ සඳහා ගත යුතු අමු ද්‍රව්‍ය හෝ කුළු බඩු කියලා නීතියක් නැහැ.
මේ සඳහා Rosemary, Thyme බොහෝ වෙලාවට පාවිච්චි කරනවා.
Turkey ඇතුළට Stuffed කරන්න සුදු ළුණු, තුනපහ යොදාගෙන ලංකාවේ විදියට Stuffed එකක් හදාගන්නත් පුළුවන්.
නැත්නම් ඔස්ට්‍රේලියානු විදියට පාන් කුඩුවලින් හදාගත්ත Stuffed එකක් හදලා පුරවලා roast කරගන්න පුළුවන්.
මේක හොඳට marinate කරලා Foil එකකින් ආවරණය කරලා Oven එකට දැමිය යුතුයි.
පැයක් එකයි කාලක් වගේ ගතවන විට මේ Turkey එක හොඳට තැම්බෙනවා.
ඊට පස්සේ foil එක විවෘත කරලා යළි oven එකේ තබන්න. එවිට Turkey සම Crispy විදියට ගන්න පුළුවන්.
Roast Ham Source: Getty Images/igor Jovanovic
Ham
වෙළෙඳපොළේ මිලදී ගන්න තියෙන Ham, preserve කරලා තියෙන්නේ.
නමුත් නැවත එය පිස ගත යුතුයි.
Cold හෝ Hot ලෙස Ham ආහාරයට ගන්න පුළුවන්.
බොහෝ වෙලාවට Ham එක උඩින් මී පැණි, මාමලේඩ් හෝ මේපල් සිරප් හොඳින් තවරා ගන්නවා.
ඒ අතරේ අපි හොඳටම දන්නා කරාබු නැටි කිහිපයකුත් මේ Ham එකේ තැනින් තැන ගසා ගන්නවා.
එයින් මිහිරි සුවඳක් වගේම රැසකුත් ලැබෙනවා.
ඊට පස්සේ oven එකේ දාලා පිසගන්න පුළුවන්.
Roast Pork Source: Getty Images/Diana Miller
Roast Pork
නත්තල් මේසෙට Roast Pork හදන විට සමත් එක්ක තමයි බොහෝ දෙනා මෙම ඌරු මස් ගන්නේ.
Pork Belly එක තමයි මේකට කදිමට ගැලපෙන්නේ.
තරමක් විශාල රෝල් කරලා නවන්නට පුළුවන් Pork කැබැල්ලක් අරගෙන ඒකෙ මැද්දට හදාගන්න ෆිලින් එකක් පුරවලා රෝල් කරලා නූලකින් බැඳලා oven එකේ දාලා roast කරගන්න පුළුවන්.
ක්‍රීම් චීස්, Pistachio, Pine nuts, Macadamia වගේ nuts වර්ග, herbs වර්ග එකතු කරලා blender කරගෙන මේ ෆිලින් එක හදාගන්න පුළුවන්.
මද උෂ්ණත්වයේ තමයි මේක ඔවෙන් කරන්නේ.
ෆිලින් එකක් නැතුව ආහාරයට ගන්න කැමති අයට නිකන්ම roast කරලත් Roast Pork හදාගන්න පුළුවන්.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.