පෙබ: 15දා SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියානු රජය ප්‍රචණ්ඩකාරී හෝ ලිංගික අපරාධ චෝදනා ලත් සංක්‍රමණිකයින් පිටුවහල් කිරීමට සැරසෙයි

Tullamarine Airport, Melbourne

Tullamarine Airport, Melbourne Source: AAP Image/James Ross

පෙබරවාරි 15 වන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න


HIGHLIGHTS
  • රජයේ රෝහල්වල කාර්ය මණ්ඩල අර්බුදය විසඳන ලෙසට බල කරමින් අද නිව් සවුත් වේල්ස්හි හෙද සහ වින්නඹු වරු දහස් ගණනක් ප්‍රාන්ත පාර්ලිමේන්තු මන්දීරය අභියසදී උද්ඝෝෂණයක
  • ප්‍රචණ්ඩකාරී හෝ ලිංගික අපරාධ චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් වන සංක්‍රමණික පසුබිමක් සහිත පුද්ගලයින් මෙරටින් පිටුවහල් කිරීමට අවශ්‍ය නීති ගෙන ඒමට මධ්‍යම රජය සැරසෙයි.
  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට සිය ප්‍රාන්ත දේශසීමා විවෘත කරන ලෙසට යලිත් දැඩි ඉල්ලීම්
  • මෙවර ඕස්ට්‍රේලියානු මහ මැතිවරණය ඉලක්ක කොට, ඔත්තු බැලීම් සහ විදේශ මැදිහත්වීම් වැඩි වීමේ අවධානමක් පවතින බවට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිස් කොමසාරිස් අනතුරු අඟවා සිටී.
  • ශ්‍රී ලංකාවේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කෙරේ. ළඟදීම විවාදයට
  • යුක්‍රේන දේශසීමාවේ යොදන ලද මිලිටරි බලය අඩු කර රාජ්‍ය තාන්ත්‍රික මාවත තෝරා ගන්නා ලෙස රුසියාවෙන් නැවතත් ඉල්ලා සිටින බව, නේටෝ සංවිධානය පවසයි.
  • කොවිඩ් වෛරසය ආසාදනය වීම නිසා තරඟ බිමෙන් ඉවත්ව සිටි කුසල් මෙන්ඩිස් අද පැවැත්වෙන ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා 3න වන 20 යි 20 තරඟයට සහභාගී වන ලකුණු.

Share