ඔස්ට්‍රේලියාව තුල යුදෙව් විරෝධී ක්‍රියාවලට සම්බන්දවන පිරිස් පිටුවහල් කිරීමට විපක්ෂනායකගෙන් නව යෝජනාවක්

2024-12-09_17-53-53.png

The Coalition's plan to combat antisemitism and extremism includes a range of new policy measures, such as a dedicated taskforce led by the Australian Federal Police. Source: AAP / Lukas Coch

පසුගියදා මෙල්බර්න් නුවර පිහිටා ඇති ඊශ්‍රායල යුදෙව් දේවස්ථානයකට ගිනි තැබීමේ සිදුවීම පක්ෂ විපක්ෂ දේශපාලකයින්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වී තිබෙනවා. මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස හැඳින්වීමට ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී අල්බනීසි විසින් පසුගියදා කටයුතු කළා. අල්බනීසි රජයයේ ඇති දුර්වලතා මෙම තත්වය උග්‍ර කිරීමට හේතුවී ඇති බවට විපක්ෂ නායක පීටර් ඩටන් විසින් චෝදනා එල්ල කර සිටින අතර තම රජයක් යටතේ මෙම තත්වය මැඩලීමට විශේෂ සැලසුමක් ඉදිරිපත්කිරීමටද ඔහු කටයුතු කරනු ලැබුවා.


ඔස්ට්‍රේලියාව තුල පැන නැගී ඇති යුදෙව් විරෝදී මෙන්ම අන්තවාදී මත දරන්නන්ගේ නීති විරෝධී ක්‍රියාකලාපයන් මැඩපැවැත්වීමට විශේෂ වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට විපක්ෂ නායක පීටර් ඩටන් කටයුතු කළා. පසුගියදා යුදෙව් දේවස්ථානයකට එල්ලවූ ප්‍රහාරයත් සමග මෙම නව වැඩපිළිවෙල යෝජනාවී තිබෙනවා.

  • මෙම වැඩපිළිවෙල හරහා ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය හරහා ක්‍රියාත්මක වන නව කාර්ය සාධක බලකායක් පිහිටුවීමට යෝජනා වී තිබෙනවා.මේ හරහා 2023 ඔක්තෝම්බර් 7 වනදා සිට යුදෙව් ජාතිකයින්ට එරෙහිව එල්ල වන ප්‍රහාර සම්බන්දයෙන් පැමිණිලි භාර ගැනීමක් සිදුවනවා.

  • මෙවැනි අන්තවාදී ක්‍රියාවන්ට සම්බන්දවන ඔස්ට්‍රේලියාව තුල සිටින විදෙස් ජාතිකයින්ගේ වීසා අවලංගු කර ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමටද මෙම කාර්ය සාධක බලකාය හරහා සිදු කිරීමට යොජංආඅ කර ඇත.

  • සංක්‍රමණ පනතේ 501 විධිවිධාන ද යුදෙව් විරෝධී හැසිරීම නීතිය මගින් ග්‍රහණය කර ගැනීම සහතික කිරීම සඳහා සංශෝධනය කරනු ලබන අතර 2023 ඔක්තෝබර් 7 සිට යුදෙව් ප්‍රජාවට එරෙහිව සිදුවන සියලු වෛරී ක්‍රියාවන්" සඳහා මෙම නව නීති අදාළ වේ.

  • මීට අමතරව යුදෙව් ජාතිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඩොලර් මිලියන 32.5ක මුදලක් වෙන් කිරීමටද යෝජනා වී තිබෙනවා. මෙහිදී යුදෙව් දේවස්ථාන සහ යුදෙව් ජාතිකයින් එක්රැස් වන ස්ථාන සඳහා ආරක්ෂාව සැපයීමට මෙම මුදල් වෙන් කිරීමට බලාපොරොත්තු වනවා.

යුදෙව් විරෝධී සහ අන්තවාදී ක්‍රියාවලට සම්බන්ද මෙවැනි පිරිස් වෙත ප්‍රභල පණිවිඩයක් යැවිය යුතු බව පීටර් ඩටන් පවසා සිටිනවා. මෙවැනි ක්‍රියා වලට සම්බන්ධ වන්නන්ට ඒ සඳහා දැඩි ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවන බව ඔවුන් අවබෝධ කරගත යුතු බව විපක්ෂ නායක පීටර් ඩටන් වැඩිදුරටත් පවසා සිටිනවා.


********************************************************************************


ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.


*********************************************************************************


Share

Recommended for you