LISTEN TO
විදෙස් රටක සිට Northern Territory nominations සඳහා අයදුම් කරන අයට අවශ්‍ය සුදුසුකම් මෙන්න
SBS Sinhala
23/09/202405:38
නිව්සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා පවතින නිපුණතා හිඟයට වඩාත් තිරසාර විසඳුම් සෙවීමේ අරමුණින් එක් එක් රැකියා අංශ කේන්ද්‍ර කරගත් ක්‍රමවේදයක් වෙත යොමුවීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. මේ අනුව ප්‍රාන්තය තුල දැඩි නිපුනතා හිඟයක් පවතින ක්ෂේශ්ත්‍ර හඳුනාගෙන ඒ සඳහා ප්‍රමුඛතාවය ලබාදීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. මේ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මින් පෙර පැවති ANZSCO රැකියා ලැයිස්තුවෙන් බැහැරව මෙම නව රැකියා අංශ වෙත අවධානය යොමුකිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
නිව්සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා පවතින නිපුණතා හිඟය වැඩි වශයෙන් බලපාන රැකියා ක්ෂේශ්ත්‍ර ලෙස හඳුනාගෙන ඇති ක්ෂේශ්ත්‍ර පහත පරිදි වේ.
- සෞඛ්‍ය ක්ෂේශ්ත්‍රය
- අධ්‍යාපන ක්ෂේශ්ත්‍රය
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) ක්ෂේශ්ත්‍රය
- යටිතල පහසුකම් ක්ෂේශ්ත්‍රය
- කෘෂිකර්මය ක්ෂේශ්ත්‍රය
මෙහිදී මෙම ක්ෂේශ්ත්‍ර සඳහා වැඩි ප්‍රමුඛතාවයක් දීමෙන් ANZSCO රැකියා ලැයිස්තුවට සීමා නොවී අදාල ක්ෂේශ්ත්‍ර වල රැකියා හිඟයට දිගුකාලීන විසඳුම් ලබා දීමට ප්‍රාන්ත රජය බලාපොරොත්තු වනවා.
මීට අමතරව මෙම රැකියා ක්ෂේශ්ත්‍ර වලින් බැහැරව අනෙකුත් රැකියා ක්ෂේශ්ත්‍ර සඳහා සිදුකෙරෙන ඉහල ලකුණු මට්ටම් සහිත අයදුම්පත් සලකා බැලීමද සිදුකෙරෙන බව ප්‍රාන්ත රජය නිවේදනය කර සිටිනවා. කෙසේඋවත් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය සඳහා පවතින ඉහල ඉල්ලුම සහ සීමා සහිත අවස්ථා ප්‍රමාණය හේතුවෙන් මෙම අයදුම් කරුවන්ට විකල්ප සංක්‍රමණ අවස්ථා වෙත යොමුවන ලෙස ප්‍රාන්ත රජය දැනුම් දී තිබෙනවා.
නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ state nominations සඳහා අයදුම්පත් කැඳවීමේ වට පිලිබඳ තොරතුරු
- අයදුම්පත් වට මූල්‍ය වර්ෂය පුරාවටම සිදුවන අතර එක් එක් වට සඳහා නිශ්චිත දින ප්‍රකාශ කිරීමක් සිදු නොවේ.
- NSW ප්‍රමුඛතා අංශ වලින් ඉදිරිපත් කරන ලද EOI අයදුම්පත් සඳහා මෙහිදී ප්‍රමුඛත්වය හිමිවේ. මීට අමතරව ඔබේ ලකුණු මට්ටම, ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය සහ ඔබේ සේවා පළපුරුද්ද මෙහිදී සලකා බලනු ලබයි.
- NSW නාමයෝජනා සඳහා ආරාධනය කිරීමේ පූර්ණ අයිතිය NSW රජයේ අභිමතය පරිදි සිදුවේ.
- ඔබ අයදුම්පත් යොමුකරන දිනය ඔබගේ අයදුම්පත සාර්ථක වීමට බලනොපානු ඇත.
ප්‍රාදේශීය ප්‍රදේශ සංවර්ධනය (Regional development) නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රමුඛතම කාර්යයක් සේ සැලකෙනවා. මේ අනුව ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශ වෙත සංක්‍රමණිකයින්ට වීසා ලබාදීමේ වැඩපිළිවෙල ඉදිරියේදී නැවත ආරම්භ කිරීමට ප්‍රාන්ත රජය බලාපොරොත්තු වනවා. මෙහිදී පෙර මූල්‍ය වර්ෂයේ අයදුම්පත් සලකා බැලීම අවසන්වීමෙන් පසු නව මූල්‍ය වර්ෂය සඳහා වීසා ලබාදීමේ වැඩපිළිවෙල ආරම්භ කිරීමට කටයුතු කරන බව ප්‍රාන්ත රජය පවසා සිටිනවා.
මෙම ලිපිය මගින් මූලික තොරතුරු සපයා ඇති අතර එක් එක් අපේක්ෂකයාගේ පුද්ගලික සුදුසුකම් අනුව අදාළ වන කොන්දේසි වෙනස් විය හැක. වැඩිදුර විස්තර සඳහා කරුණාකර ඔබේ සංක්‍රමණ නියෝජිතයා ඇමතීම හෝ ලියාපදිංචි සංක්‍රමණ නියෝජිතයෙකුගෙන් විමසන්න.
********************************************************************************
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.
*********************************************************************************