ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ රැඳවුම් මධ්‍යස්ථාන සඳහා වන නීති ළඟදීම වෙනස් වෙයි

A sign along a fence reads "RESTRICTED AREA. NO UNAUTHORISED ACCESS".

Signage is seen along the perimeter fence of the Melbourne Immigration Transit Accommodation complex in Broadmeadows, Melbourne, Saturday, July 13, 2019. Source: AAP / James Ross

ඕස්ට්‍රේලියාව මගින් පාලනය වන එක් සංක්‍රමණ රැඳවුම් මධ්‍යස්ථානයක ආරක්ෂාව සහ රැකවරණය පිළිබඳ බරපතල කනස්සල්ල පළ කළ වාර්තාවකින් පසුව ඕස්ට්‍රේලියානු රජය මෙම තීරණය ගෙන තිබේ.


Immigration detention හෙවත් "සංක්‍රමණ රැඳවුම්" මධ්‍යස්ථානවල පැවති තත්වය වෙනස් කිරීම ඔස්සේ මත්ද්‍රව්‍ය සම්බන්ධ සිදුවීම් සහ ප්‍රචණ්ඩත්වය ඉහල යාමට හේතු වී ඇති බව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

ස්වදේශ කටයුතු පිලිබඳ අමාත්‍ය Tony Burke පවසන්නේ දළ වශයෙන් අනවසර සංක්‍රමණ රැඳවියන් ගෙන් 90%කටම සාපරාධී ක්‍රියා පිළිබඳව චෝදනා ඇති බවයි.

නව නීති මගින් එම මධ්‍යස්ථාන වල තිබෙන "තහනම් සහ යම් පාලනයක් සහිත භාණ්ඩ" සෙවීමට සහ අල්ලා ගැනීමට රැඳවුම් මධ්‍යස්ථාන සඳහා බලතල වැඩි කරනු ඇත.


නව ෆෙඩරල් නීති යටතේ, සංක්‍රමණ රැඳවුම් මධ්‍යස්ථානවල කාර්ය මණ්ඩලයට එම මධ්‍යස්ථාන වල මේ වනවිට උගතව තිබෙන තිබෙන බන්ධනාගාර හා සමාන වූ සංස්කෘතියකට එරෙහිව සටන් කිරීම සඳහා ශක්තිමත් බලතල ලැබිය හැක.

ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය Tony Burke පැවසුවේ මෑත වසරවල මෙම මධ්‍යස්ථානවල විකාශනයේ වෙනස්වීම් වලින් අදහස් වන්නේ දළ වශයෙන් රැඳවියන්ගෙන් 90% ක් පමණ සාපරාධී ක්‍රියා සඳහා වරදකරුවන් වී ඇති බවයි.

අත්අඩංගුවට ගෙන මෙම රැඳවුම් මධ්‍යස්ථාන වෙත යොමු කල පිරිස අතර මත්ද්‍රව්‍ය සම්බන්ධ සිද්ධීන් සහ ප්‍රචණ්ඩත්වය ඇතුළුව ඉහළ අස්ථාවරත්වය සහ සංවිධානාත්මක අපරාධ ඕස්ට්‍රේලියානු සමාජ පද්ධතියට ගෙන එන නීති විරෝධී යතුරුපැදි කල්ලි සාමාජිකයින් ද ඇතුළත් වන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

ඊට ප්‍රතිචාර වශයෙන්, වරෙන්තුවක් නොමැතිව සහ රැඳවුම් මධ්‍යස්ථාන තුළ නිල සුනඛයන් භාවිත කරමින් තහනම් සහ පාලනයක් සහිත භාණ්ඩ සෙවීමට එම රැඳවුම් මධ්‍යස්ථාන සඳහා බලතල වැඩි කිරීමට Tony Burke නීති සම්පාදනය කරයි.

Villawood immigration detention centre in Sydney (AAP)
Villawood immigration detention centre in Sydney (AAP)
නීති අනුව, රැඳවුම් මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් සන්තකයේ ඇති භාණ්ඩ වර්ගීකරණය ද පැහැදිලි කෙරේ.

ඒ අනුව නීතිවිරෝධී මත්ද්‍රව්‍ය, නීති විරෝධී භාණ්ඩයක් ලෙස නීති මගින් ප්‍රකාශ කරනු ලබන අතර, යම් පාලනයක් සහිත භාණ්ඩයක් ලෙස නීති විරෝධී මත්පැන්, අන්තර්ජාල පහසුකම් සහිත උපාංග සහ SIM කාඩ්පත් ඇතුලත් වේ.

රැඳවුම් මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් සඳහා ආරක්‍ෂාව පවතින බව අමාත්‍යවරයා පවසයි.

රැඳවියන්ට ඔවුන් සතු අනවසර ජංගම දුරකථන උපාංග අත් අඩංගුවට ගෙන ඇති විට පවා ඔවුනට පවුලේ සාමාජිකයන් සහ නීතිමය නියෝජනයන් සමඟ සන්නිවේදනය කිරීමේ හැකියාව රඳවා තබා ගත යුතු බවට නීති සම්පාදනය කරන බවත් අමාත්‍යවරයා කියා සිටී.


පසුගිය අප්‍රේල් මාසයේදී ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිෂන් සභා වාර්තාවක් අනුගමනය කරමින්, නැගෙනහිර පර්ත්හි Northam හි Yongah Hill (යොන්ගා හිල්) ආගමන රැඳවුම් මධ්‍යස්ථානයේ ආරක්ෂාව සහ රැකවරණය පිළිබඳ බරපතල කනස්සල්ල පළ කල වාර්තාවකින් අනතුරුව මෙම ප්‍රතිපත්ති නිවේදනය කිරීම සිදුවිය.

මත්ද්‍රව්‍ය සහ වෙනත් තහනම් ද්‍රව්‍ය, ස්ථාවර උපක්‍රම සහ ප්‍රචණ්ඩත්වය ඇතුළුව "බන්ධනාගාර" තුල ක්‍රියාත්මක වන දේ හා සමාන වූ හැසිරීම් වල වැඩිවීමක් එම මධ්‍යස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂකවරු වාර්තා කොට තිබේ.

මේ හේතුවෙන් ඒ සම්බන්ධයෙන් වූ කොමිසම, ඔස්ට්‍රේලියාව පුරා ඇති සියලුම සංක්‍රමණ රැඳවුම් මධ්‍යස්ථානවල තත්ත්වය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් නිර්දේශ 33ක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම සිදු විය.


ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව මෙම නිර්දේශවලින් 20ක් සඳහා පිළිගැනීම හෝ අර්ධ වශයෙන් එකඟ වීම සිදුකොට ඇති අතර නිර්දේශ 07ක් සමඟ එකඟ නොවී තිබේ.

එමෙන්ම ඉතිරි නිර්දේශ 06 සම්බන්ධයෙන් රජයේ සලකා බැලීම අවශ්‍ය බව සඳහන් වේ.

2023 වසරේ මැයි මාසයේදී පවත්වන ලද එම පරීක්‍ෂණය, දින නියමයක් නොමැතිව අනවසර සංක්‍රමණිකයින් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් වූ නීති, නීති විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී බවට තීන්දු කළ සුවිශේෂී මහාධිකරණ තීන්දුවට මාස හයකට පෙර සිදු විය.

ඔස්ට්‍රේලියාව තුල තිබෙන රැඳවුම් මධ්‍යස්ථාන වල සිටින asylum-seekers හෙවත් "රැකවරණ පතන්නන්" සාමාන්‍යයෙන් දින 565ක් සංක්‍රමණ රැඳවුම් භාරයේ ගත කරයි.

මෙය සාමාන්‍යයෙන් කැනඩාවේ දින 30ක් සහ ඇමරිකාවේ දින 48ක් වැනි කාලයක් පමණක් වේ.

මේ අනුව ඕස්ට්‍රේලියාවේ මෙලෙස රඳවා සිටීමේ කාලය එම රටවලට වඩා සැලකිය යුතු ලෙස ඉහල අගයක් ගනී.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************

Share