Key Points
- 'Stop it at the Start' යනු ඕස්ට්‍රේලියානු රජය විසින් අරමුදල් සපයන මුල් අවස්ථාවේදීම ගෘහස්ථ හිංසනය වැළැක්වීම සඳහා වන වැඩසටහනක් වේ.
- දෙමව්පියන් විසින් ඔවුන් සන්නිවේදනය කරන ආකාරය සහ ගෞරවනීය සබඳතා ළමුන් ඉදිරියේදී පෙන්නුම් කරන ආකාරය පිළිබඳව දැනුවත් විය යුතුය.
- ගෘහස්ථ හිංසනය සිදුවීමට පෙර මුල් අවස්ථාවේදීම එය වැළැක්වීම සඳහා කටයුතු කිරීම ඉතා වැදගත් වේ.
ගෘහස්ත හිංසනය හේතුවෙන් සිදුවූ ඝාතනයක් පිලිබඳ සංවේදී තොරතුරු මෙම ලිපියේ ඇතුලත් වන බව කරුණාවෙන් සලකන්න.
ගෘහස්ත හිංසනය මුල් අවස්තාවේදී ශාරීරික හිංසන තත්වයක් ලෙස වාර්තා නොවන අතර එය අනෙකුත් පුද්ගලයාට නිසි ගෞරවය ලබා නොදීම, පාලනය කිරීමට තැත්කිරීම, මානසික වශයෙන් හිංසනයන් සිදුකිරීම වැනි ක්‍රියා හරහා ආරම්භ වේ. මෙය මුල් අවස්තාවේදී බොහෝවිට ගෘහස්ත හිංසන තත්වයක් ලෙස නොහැඟෙන අතර මෙම තත්වයන් බොහෝ විට නොසලකා හැරීමක් සිදුවේ. ගෘහස්ත හිංසනය පිටු දැකීමටනම් එවැනි තත්වයන් හටගන්නා මුල් අවස්ථාවේදීම එය සිදු නොවීමට ඉඩ ලබා නොදිය යුතු වේ.
Arman Abrahimzadeh යනු ඇඩිලේඩ් හි ගෘහස්ත හිංසනයට එරෙහි ක්‍රියාකාරිකයකු සහ ගෘහස්ථ ප්රචණ්ඩත්වය වැළැක්වීම පිළිබඳව උපදේශකවරයකු වනවා. ඔහු ලද පුද්ගලික අත්දැකීමක් හේතුවෙන් ඔහු මේ සඳහා යොමුවී තිබෙනවා.
තම පියාගේ හිංසන කාරී ක්‍රියාකලාපය හේතුවෙන් කුඩා කල සිට තමන් ඇතුළු පවුලේ ය දැඩි භීතියකින් කාලය ගත කල බව ඔහු සඳහන් කර සිටිනවා. තම පියාගේ හිංසන කාරී ක්‍රියාකලාපය හේතුවෙන් කුඩා කල සිට තමන් ඇතුළු පවුලේ අය දැඩි භීතියකින් කාලය ගත කල බව ඔහු සඳහන් කර සිටිනවා. මේ හේතුවෙන් ඔවුන් තම නිවසින් පලායාමට කටයුතු කල බවද ඔහු පවසා සිටියා.
අපේ පියාගේ හිංසන තත්වයන් දරාගත නොහැකිව නිවසෙන් පලායාමට මව ඇතුළු අප සියලුදෙනා කටයුතු කළා. ඉන් පසුව අපට මෙම තත්වයෙන් මිදීමට හැකි වෙතයි සිතුවත් එය එසේ වුනේ නෑ .Arman Abrahimzadeh
කෙසේ උවත් නිවසින් පලාගොස් නව ජීවිතයක් ආරම්භ කලත් ඔවුනට එම ප්රචණ්ඩ කාරී තත්වයෙන් මිදීමට නොහැකි වී තිබෙනවා. ඔහු ගේ මව ඇඩිලේඩ් නුවර උත්සවයකට සහභාගී වී සිටියදී එහි පැමිණ සිටි ඔහුගේ පියා විසින් පිහි ඇනුමක් සිදුකර ඇයව ඝාතනය කල බව ඔහු පවසා සිටිනවා.
Arman Abrahimzadeh with his late mother Zahra Abrahimzadeh. Credit: Arman Abrahimzadeh
අනතුරු ඇඟවීමේ ලකුණු
ඔහු පවසන අකාරයට වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල වාර්තා වන ගෘහස්ත හිංසන තත්වයන්ගේ ප්‍රමාණය ඉතා ඉහල ගොස් තිබෙනවා. මෙහිදී මෙම හිංසන තත්වයන් බොහෝ විට වර්තමාන හෝ පෙර සහකරු අතින් සිදුවන බව ඔහු පෙන්වා දෙනවා. මේ හේතුවෙන් මෙම හිංසන තත්වයන් ඇතිවීමට බලපාන මූලික හේතු විමර්ශනය කර ඒවා මුල් අවස්ථාවේදීම මර්ධනය කිරීමට කටයුතු කිරීම ඉතා වැදගත් වනවා.
අනෙකාට නිසි ගෞරාවය ලබා නොදීම, හැසිරීම් පාලනය කිරීමට තැත් කිරීම, බිය ගැන්වීමට කටයුතු කිරීම වැනි ලක්ෂණ මුලවස්තාවෙදී දක්නට ලැබෙන අතර අන්තර්ජාලයේ දක්නට ලැබෙන විවිද මතවාද හරහාද මෙවැනි තත්වයන් තවත් වර්දනය වීම සිදුවන බව ඔහු පෙන්වා දෙනවා.
එකිනෙකාට ගෞරව දැක්වීම සම්බන්ධයෙන් ආදර්ශවත් වීම
Arman Abrahimzadeh ට තමා මුහුණ දුන් අත්දැකීමේ අඳුරු මතක හරහා වර්තමානයේ ගෘහස්ත ප්රචණ්ඩත්වය පිටුදැකීම සඳහා ක්‍රියාකරන පුද්ගලයකු දක්වා ගොඩනැගීමට වසර ගණනාවක් ගතවී තිබෙනවා. අනෙකාට ගරු කරන සහකරුවකු හෝ සහකාරියක බවට පත්වීමේ ඇති වැදගත් කම පිළිබඳව දැනුවත් කිරීම කුඩා කාලයේදීම අපගේ දරුවන්ට අවබෝධ කර දිය යුතු බව ඔහු පවසා සිටිනවා. මෙම වෙනස්කම් අප සමාජය තුල සිදුකිරීමටනම් ඒ සඳහා කටයුතු කිරීම අප නිවෙස් තුලින්ම ආරම්භ කල යුතු බව ඔහු පෙන්වා දෙනවා.
තරුණ දරුවන් තම දෙමාපියන්ගේ හැසිරීම් රටා අනුගමනය කරන අතර වැඩිවියට පත්වීමේදී එම හැසිරීම් සාමාන්‍ය හැසිරීම් ලෙස සලකා කටයුතු කරන බවද ඔහු පවසා සිටිනවා. අනෙකා පිළිබඳව සංවේදී වීම, ගෞරවය දැක්වීම සහ සමානාත්මතාවය පිළිබඳ සංවාද අපගේ එදිනෙදා ජීවිතයේ කොටසක් විය යුතු වනවා. තම පියා නිවසේදී මවට කතාකල ආකාරය, ඇයට සැලකූ ආකාරය යන මේ සියල්ල තම මගේ ඝාතනයට පසුකාලීනව හේතුවූ බව තමාට වැටහී ගිය බව Arman Abrahimzadeh පවසා සිටිනවා.
Parents and carers should be aware of how they communicate and demonstrate respectful relationships. Source: iStockphoto / Jacob Wackerhausen/Getty Images
සමාජය මාද්‍ය තුල දරුවන් අතකින් සිදුවීම්ද දරුවන් ගේ චර්යා සහ ආකල්ප වෙනස් කිරීමට දැඩි ලෙස බලපාන බව ඇය පවසා සිටිනවා. සමාජ මාධ්‍ය තුල සැරිසරන හානිකර මතවාද හේතුවෙන් තරුණ මනසට දැඩි බලපෑමක් එල්ල වන බව ඇය මෙහිදී අවධාරණය කර සිටිනවා.
Young people tend to mimic the behaviour they see in their family homes, adopt it, and consider it normal. Credit: Phynart Studio/Getty Images
ළමා මනසට සිදුවන බලපෑම
Danny Mikati යනු NSW පොලිස් බලකායේ හිටපු සැරයන්වරයෙකි. වසර ගණනාවක සේවයෙන් පසු ඔහු ගෘහස්ථ හිංසනය පිලිබඳ ඒකකයේ වැඩ කිරීමට පටන් ගෙන තිබෙනවා. ගෘහස්ථ ප්රචණ්ඩත්වය හේතුවෙන් ප්‍රජාවට ඇති කරන බලපෑම ඔහුට අත්දැකීමට මේ කාලයතුල හැකියාව ලැබෙනවා.
සැබෑ ජීවිතයේ මෙන්ම සමාජ මාධ්‍ය හරහා අන් ය සමග ගනුදෙනු කිරීමේදී එකිනෙකාට ගෞ රාවයෙන් සැලකීමේ ඇති වැදගත්කම ඩැනී මිකාටි අවධාරණය කර සිටිනවා. වර්තමාන ලෝකයේ ළමුන් සමාජ මාද්‍ය සමග විශාල වශයෙන් ගනුදෙනු කරන බැවින් දෙමාපියන් වශයෙන් මේ පිළිබඳව ඉතා හොඳ දැනුවත් භාවයකින් පසුවිය යුතු බව ඔහු අවධාරණය කර සිටිනවා. විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ ළමුන් වැඩි වශයෙන් සමාජ මාධ්‍ය භාවිතා කරන බවත් ඔවුන් ගෙන් බොහෝ දෙනෙක් අවම වශයෙන් සමාජමාධ්‍ය ජාලා එකක හෝ දෙකක සාමාජිකයින් වන බවත් ඔහු පෙන්වා දෙනවා.
වර්තමාන තාක්ෂණික දියුණුව ඉතා සීග්‍රයෙන් ළමා මනසට හානිකර මතවාද සමාජගත කිරීමට අවකාශ සලසන බව ඔහු පෙන්වා දෙනවා.
වර්තමාන ලෝකයේ ළමුන් සමාජ මාද්‍ය සමග විශාල වශයෙන් ගනුදෙනු කරන බැවින් දෙමාපියන් වශයෙන් මේ පිළිබඳව ඉතා හොඳ දැනුවත් භාවයකින් පසුවිය යුතුයි.Danny Mikati
මෙවැනි තත්වයන් ඇතිවීම වලක්වා ගැනීම මූලිකම කාර්යය බව ඔහු පවසනවා. විශේෂයෙන්ම ළමුන්ට සාර්ථක පවුල් සබඳතාවයන යනු මොනවාදැයි අවබෝද කර දීම ඉතා වැදගත් බව ඔහු පවසා සිටිනවා.
Parents, teachers, guardians, and carers should become better equipped to recognise and address signs of disrespect and guide their children towards understanding healthy relationships. Source: iStockphoto / dusanpetkovic/Getty Images/iStockphoto
"Stop it at the Start" වැඩසටහන
මෙහිදී ගෘහස්ථ හිංසනයට එරෙහිව සටන් කිරීමට සහ ගෘහස්ථ හිංසනයට හේතුවන මූලයන් ඇතිවීම වැළැක්වීම සඳහා ඕස්ට්‍රේලියානු රජය විසින් ක්‍රියාත්මක කරන ලද ඇතැම් ක්‍රමවේද ඔහු ඉස්මතු පෙන්වා සිටිනවා. විශේෂයෙන්ම රජය විසින් ක්‍රියාවට නැංවුණු Stop it at the Start වැඩසටහන ඔහු මෙහිදී ඇගයීමට ලක් කරනවා. මේ හරහා සමාජ මාධ්‍ය හරහා සංසරණය වන හානිකර මතවාද මැඩලීම සඳහා කටයුතු කරන බව ඔහු පවසා සිටිනවා.
Jatinder Kaur මෙම වැඩසටහනට තම සහාය පලකරන අතර විශේෂයෙන්ම සංක්‍රමණිකයන් සහ සරණාගතයින් ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමේ දී ඔවුන්ගේ සංස්කෘතික සම්මතයන් පිළිබඳව අවබෝධ කර ගැනීම ඉතා වැදගත් බව ඇය පවසා සිටිනවා. ඔවුන් ඉතා සාම්ප්‍රදායික පවුල් පසුබිමකින් පැවත එන අයනම් ඕස්ට්‍රේලියාවේ සමාජ සම්මතයන් සමග යම් පරස්පර විරෝධීතා දැකගත හැකිවනු ඇතිබව ඇය පවසා සිටිනවා
මෙවැනි පසුබිමක් පවතින තුල සාර්ථක පවුල් සබඳතා ගොදනගීමටනම් ඒ පිළිබඳව විවුර්තව සංවාද කළහැකි වාතාවරණයක් පවුල් පරිසරය තුල ඇතිවිය යුතු බව Jatinder Kaur පවසා සිටිනවා. මෙහිදී සම්ප්‍රදායික මතවාද දරන සංක්‍රමණිකයින් ගේ දරුවන් බොහෝ විට දෙමාපියන් සමග සංවාදයක් ඇතිකර ගැනීම පිළිබඳව ගැටළු පවතින බව ඇය වැඩිදුරටත් පවසා සිටිනවා.
මෙවැනි තත්වයන් පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටිමින් එම තත්වයන් මැඩලීමට ක්‍රියාකිරීම හරහා ගෘහස්ථ ප්රචණ්ඩත්වය නැවත්වීමට සහ එය ආරම්භ වීමට පෙර එම තත්වයන් මුලිනුපුටා දැමීමට හැකියාව ලැබෙන බව ඇය වැඩිදුරටත් පවසා සිටිනවා.
තම මවගේ ඝාතනයත් සමග Arman Abrahimzadeh ට ගෘහස්ත ප්රචණ්ඩත්වය පිලිබඳ ඉතා නරක අත්දැකීමකට මුහුණ දීමට සිදුවී තිබෙනවා. කෙසේ උවත් මෙම සිදුවීම හරහා ගෘහස්ත ප්රචණ්ඩත්වය මැඩලීමට ඔහුට කල හැකි දෑ සම්බන්දයෙන් ඔහු ඉහල දැනුවත් භාවයකින් පසුවනවා. තමාගේ බිරිඳ සමග ඇති සම්බන්දතාවය තමාගේ දරුවන් දෙදෙනාට බලපෑම් කරන බව තමා දන්නා බැවින් ආදර්ශමත් පියෙකු සහ සැමියකු ලෙස ජීවත් වීමට සැමවිටම වගබලා ගන්නා බව ඔහු පවසා සිටිනවා.
Stop it at the Start ප්‍රචාරණ වැඩ පිළිවෙල හරහා ඉංග්‍රීසි භාෂාවට අමතරව වෙනත් භාෂාවලින්ද තොරතුරු සැපයීම සිදු කරනවා. මේ සඳහා respect.gov.au/translated වෙත පිවිසීමෙන් වැඩිදුර විස්තර ලබා ගැනීමේ හැකියාව ඔබට තිබෙනවා.
ඔබ හෝ ඔබ දන්නා කෙනෙකු ලිංගික හිංසනයෙන් හෝ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙන් පීඩා විඳින්නේනම් , 1800 737 732 අංකයෙන් 1800RESPECT හෝ 13 11 14 හරහා ලයිෆ්ලයින් අමතන්න.
මෙම විශේෂ Australia explained වැඩසටහ රජයේ 'Stop it at the Start' වැඩසටහන හා ඒකාබද්දව ඉදිරිපත් කෙරුණු විශේෂාංගයක් වනවා.