ලොව බලවත්ම Passports අතර ඕස්ට්‍රේලියාවේ Passport එකට හිමිවූ අලුත්ම තැන මෙන්න.

H5N1 (2).png

The Australian passport has climbed global rankings. Source: Getty, AFP / Patrick T. Fallon

ඕස්ට්‍රේලියානු ගුවන් ගමන් බලපත්‍රය එනම් ඕස්ට්‍රේලියානු Passport එක ලොව බලවත්ම ගුවන් ගමන් බලපත්‍ර අතරින් 5 වන ස්ථානය ලබා ගෙන ඇත. මෙම ගුවන් ගමන් බලපත්‍ර හිමියන්ට වීසා රහිතව ගමන් කළහැකි රටවල් සංඛ්‍යාව අනුව මෙම ස්ථාන ලබා දීම සිදුකර ඇත.


LISTEN TO
sinhala_23072024_house_vancies_podcast.mp3 image

ඕස්ට්‍රේලියාවේ නිවාස අර්බුදය අතරතුර මෙල්බර්න් නුවර නිවාස 100,000ක් හිස් ව තබාගෙන ඇති බව හෙළිවේ

SBS Sinhala

23/07/202403:28
2024 Henley Passport දර්ශකය විසින් ලොව ප්‍රබලතම මෙන්ම ලොව දුබලතම ගුවන් ගමන් බලපත්‍ර එනම් Passports නම්කර තිබේ. මේ අනුව ඕස්ට්‍රේලියානු Passport එකට ලොව ප්‍රබලතම Passport අතරින් 5 වන ස්ථානය හිමිවී ඇත.

මේ අනුව ඔස්ට්‍රේලියාව පෘතුගාලය සමගින් සම ස්ථානයේ පසුවේ. පසුගිය වසරේ ඔස්ට්‍රේලියාව මෙම දර්ශකයේ 8 වන ස්ථානයේ පසුවූ අතර මේ වසරේ වීසා රහිතව ගමන් කළහැකි රටවල් ප්‍රමාණය ඉහළයාමත් සමග පස්වන ස්ථානය ලබා ගැනීමට හැකිවී ඇත.

ඕස්ට්‍රේලියානු Passport එක ඇමරිකානු Passport එකටත් වඩා ප්‍රබල තත්වයක පවතී. ලොව ප්‍රබලතම Passport එකක් ලෙස පැවති ඇමරිකානු Passport එක මේවන විට අට වන ස්ථානය දක්වා පසු බැස ඇත. මේ අනුව ඕස්ට්‍රේලියානු Passport හිමියෙකුට වීසා රහිතව හෝ On arrival වීසා හරහා ගමන් කල හැකි රටවල් ප්‍රමාණය 189 ක් වී ඇත. ලොව ප්‍රභලත පස්ස්පෝර්ට් එක ලෙස මේ වසරේ නම් කර ඇති සිංගප්පූරු Passport හිමි අයෙකුට රටවල් 195කට වීසා රහිතව ගමන් කිරීමේ හැකියාව පවතී.
Child's Australian Passport
Australian Passport. Source: Moment RF / Laura Reid/Getty Images
පසුගිය වසරේ අංක එක ස්ථානයේ රැඳී සිටි ජපානය මේ වසරේ දෙවන ස්ථානයට පත් වී ඇත.

ඒ අනුව දෙවන ස්ථානය රටවල් 192 කට වීසා රහිතව ගමන් කිරීමේ හැකියාව ඇති ජපානය, ප්‍රංශය, ජර්මනිය සහ ඉතාලිය අතරේ සම ලෙස බෙදී ගොස් ඇත.

තුන්වන ස්ථානය ඔස්ට්‍රියාව, පින්ලන්තය, අයර්ලන්තය, ලක්සම්බර්ග්, නෙදර්ලන්තය, දකුණු කොරියාව සහ ස්වීඩනයට හිමිවී ඇත. මෙම රටවල් වල පස්ස්පෝර්ට් සඳහා රටවල් 191කට වීසා රහිතව ගමන් කිරීමේ හැකියාව ඇත.

ඕස්ට්‍රේලියාවේ අසල්වැසි නවසීලන්තයට වීසා රහිතව ගමන් කල හැකි රටවල් ප්‍රමාණය 190ක් වන අතර මෙම දර්ශකයේ 4 වන ස්ථානය හිමි වී ඇත. ඩෙන්මාර්කය, බෙල්ජියම, නොර්වේ, ස්විස්ටර්ලන්තය සහ එක්සත් රාජධානිය සමග නවසීලන්තය 4 වන ස්ථානයේ පසුවේ.

ශ්‍රී ලංකා Passport එකට හිමි ස්ථානය කුමක්ද?

මෙහිදී ශ්‍රී ලංකාවේ Passport එකට 93 වන ස්ථානය හිමි වී ඇත. මෙම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව දකුණු සූඩානය සමග සම මට්ටමේ සිටින අතර වීසා රහිතව ගමන් කල හැකි රටවල් සංඛ්‍යාව 44ක් පමණක් වේ.

ලොව දුර්වලම Passport එක කුමක්ද?

ඇෆ්ගනිස්තානය ලොව දුර්වලම පස්ස්පෝර්ට් එක ලෙස නම්කර ඇත. ඇෆ්ගනිස්තාන Passport එකෙන් වීසා රහිතව ගමන් කළහැකි රටවල් ප්‍රමාණය 26ක් පමණක් වන අතර මෙය මෙම දර්ශකය විසින් වාර්තා කල අඩුම වීසා රහිතව ගමන් කළහැකි රටවල් සංඛ්‍යාව වේ.

********************************************************************************


ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.


*********************************************************************************
  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර 
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න 
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න 

Share