Northern Territory ඉන්න අයට state nominations සඳහා අවශ්‍ය සුදුසුකම් ගැන විස්තරය මෙන්න

H5N1 (10).png

Image credit: www.Pexels.com, SBS

නොදර්න් ටෙරිටරියේ වීසා වැඩසටහන හරහා 491 සහ 190 වීසා ලබාදීම 2024 වර්ෂය සඳහා ආරම්භ වී තිබෙනවා. මෙහිදී නොදර්න් ටෙරිටරියේ ජීවත්වන සහ රැකියාවල නියුතු පුද්ගලයින් සඳහා 491 සහ 190 වීසා ලබාදීමේදී සපුරාලිය යුතු සුදුසුකම් පිළිබඳව විමසා බැලීම වැදගත් වේ.


නොදර්න් ටෙරිටරියේ 491 සහ 190 වීසා වැඩසටහන හරහා ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් සඳහන් කරන අවම සුදුසුකම් සපුරාලන මෙන්ම නොදර්න් ටෙරිටරියේ ශ්‍රම හිඟය සපුරාලීමට දායකත්වය ලබාදෙන සංක්‍රමණිකයින් සඳහා වීසා ලබාදීම සිදුකරනු ලබනවා.

මෙහිදී මූලික සුදුසුකම් ලෙස,
  • වයස අවුරුදු 45ට අඩුවීම
  • කුසලතා ඇගයීම ( skills assessment) එක ලබාගෙන තිබීම.
  • IELTS 6ක ලකුණු මට්ටමක් හෝ ඊට සමාන ලකුණු මට්ටමක් වෙනත් විභාගයකින් ලබා තිබිය යුතු වේ.
  • ලකුණු මත පදනම් වූ ක්‍රමවේදය හරහා අවම ලකුණු මට්ටම වන ලකුණු 65ක ලකුණු මට්ටම සපුරාලිය යුතු වේ.
නොදර්න් ටෙරිටරියේ අධ්‍යාපනය සම්පූර්ණ කල උපාධිධාරීන්

190 වීසා කාණ්ඩය
  • නොදර්න් ටෙරිටරියේ පූර්ණ කාලීන අධ්‍යාපනය ලැබීමෙන් පසු (අවම වශයෙන් වසර දෙකක්) සුදුසුකම් එකක් හෝ කිහිපයක් සාර්ථකව සම්පූර්ණ කර තිබීම.
  • අධ්‍යාපනය අවසන් කිරීමේ දින සිට Subclass 485 හෝ Subclass 485 අයදුම් කිරීමේදී ලැබෙන bridging වීසා යටතේ මාස හයක කාලයක් නොදර්න් ටෙරිටරියේ ජීවත්වී සිට තිබීම.(කෙසේ උවත් නොදර්න් ටෙරිටරියේ අධ්‍යාපනය ලබා වයස් සීමාව හේතුවෙන් Subclass 485 වීසා සඳහා අයදුම් කල නොහැකි අය සඳහා මෙම අවශ්‍යතාවය අදාළ නොවේ.)
  • නොදර්න් ටෙරිටරිය තුල තම ක්ෂේශ්ත්‍රයේ හෝ ඊට සමාන වෙනත් නිපුනතා ක්ෂේශ්ත්‍රයක රැකියාවක් ලබාගැනීමට උත්සාහ දරා ඇති බවට සාක්ෂි ඉදිරිපත් කලයුතු වේ. මෙහිදී රැකියා සඳහා යොමුකළ අයදුම් පත්, තම ක්ෂේශ්ත්‍රයේ වුර්තීය ආයතනවල සාමාජිකත්වය ලබාගැනීම් මෙන්ම, තම ක්ෂේශ්ත්‍රයේ වුර්තිකයින්ගෙන් ලැබුණු ධනාත්මක ප්‍රතිචාර ඇතුලත් කල හැකිය.
Subclass 491 වීසා කාණ්ඩය
  • නොදර්න් ටෙරිටරියේ පූර්ණ කාලීන අධ්‍යාපනය ලැබීමෙන් පසු (අවම වශයෙන් වසර දෙකක්) සුදුසුකම් එකක් හෝ කිහිපයක් සාර්ථකව සම්පූර්ණ කර තිබීම.
  • නොදර්න් ටෙරිටරිය තුල තම ක්ෂේශ්ත්‍රයේ හෝ ඊට සමාන වෙනත් නිපුනතා ක්ෂේශ්ත්‍රයක රැකියාවක් ලබාගැනීමට උත්සාහ දරා ඇති බවට සාක්ෂි ඉදිරිපත් කලයුතු වේ. මෙහිදී රැකියා සඳහා යොමුකළ අයදුම් පත්, තම ක්ෂේශ්ත්‍රයේ වුර්තීය ආයතනවල සාමාජිකත්වය ලබාගැනීම් මෙන්ම, තම ක්ෂේශ්ත්‍රයේ වුර්තිකයින්ගෙන් ලැබුණු ධනාත්මක ප්‍රතිචාර ඇතුලත් කල හැකිය. මෙහිදී තම අධ්‍යයන කාලය තුල මෙන්ම අධ්‍යයන කාලයෙන් පසුවද නොදර්න් ටෙරිටරියේ රැකියාවක නිරතවීමට උත්සාහ දරා තිබීම හෝ රැකියාවක නිරතවී තිබීම පිලිබඳ සාක්ෂි සැපයීම සිදුකලයුතු වේ.
දැනට නොදර්න් ටෙරිටරියේ පදිංචිව සිටින, පූර්ණකාලීන රැකියා අයිතීන් සහිත තාවකාලික වීසා බලපත්‍ර මත සිටින අනෙකුත් නොදර්න් ටෙරිටරියේ සිට අයදුම් කරන අයදුම් කරුවන් සඳහා සපුරාලිය යුතු සුදුසුකම් පහත දැක්වේ.

190 වීසා කාණ්ඩය
  • අයදුම් කරන අවස්තාව වන විට නොදර්න් ටෙරිටරිය තුල අවම වශයෙන් වසර දෙකක කාලයක් ජීවත්ව සිට තිබිය යුතු වේ.
  • ඔබගේ පවුලේ අය හෝ යැපෙන්නන් ඕස්ට්‍රේලියාවේ වෙනත් ප්‍රදේශයක ජීවත්ව නොසිටින බවට සහතික වීමක් අවශ්‍ය වේ.
  • මෙහිදී ඔබ අයදුම් කරන ක්ෂේශ්ත්‍රයේ හෝ ඊට සමාන ක්ෂේශ්ත්‍රයක නොදර්න් ටෙරිටරියේ වසර දෙකක අවම රැකියා පළපුරුද්දක් තිබිය යුතු වේ. මීට අමතරව රැකියාව අයදුම් කරන අවස්තාව වනවිට අවම වශයෙන් ඉදිරි මාස 12 සඳහා එම රැකියා අවස්තාව පවතින බව සනාථ කලයුතු වේ.
Subclass 491 වීසා කාණ්ඩය
  • අයදුම් කරන අවස්තාව වන විට නොදර්න් ටෙරිටරිය තුල අවම වශයෙන් මාස 12ක කාලයක් ජීවත්ව සිට තිබිය යුතු වේ.
  • ඔබගේ පවුලේ අය හෝ යැපෙන්නන් ඕස්ට්‍රේලියාවේ වෙනත් ප්‍රදේශයක ජීවත්ව නොසිටින බවට සහතික වීමක් අවශ්‍ය වේ.
  • මෙහිදී ඔබ අයදුම් කරන ක්ෂේශ්ත්‍රයේ හෝ ඊට සමාන ක්ෂේශ්ත්‍රයක නොදර්න් ටෙරිටරියේ අවම වශයෙන් අවසාන මස හය තුල අඛණ්ඩ රැකියා පළපුරුද්දක් තිබිය යුතු වේ. මීට අමතරව රැකියාව අයදුම් කරන අවස්තාව වනවිට අවම වශයෙන් ඉදිරි මාස 12 සඳහා එම රැකියා අවස්තාව පවතින බව සනාථ කලයුතු වේ.
නොදර්න් ටෙරිටරියේ පදිංචිකරුවන් සඳහා අවශ්‍ය අමතර අවශ්‍යතා පහත පරිදි වේ.
  • අයදුම් කරුගේ රැකියාව නොදර්න් ටෙරිටරියේ පැවතිය යුතු අතර, සේවා යෝජකයාට අවම වශයෙන් මාස 12 ක් සඳහා නොදර්න් ටෙරිටරියේ ව්‍යාපාර සිදුකර තිබිය යුතු වේ.
  • මෙහිදී නිසි රැකියා ස්ථානයක් නොමැති හෝ හවුල් කාර්යාල වල පවත්වාගෙන යන රැකියා සඳහා වීසා ලබාදීමේදී වැඩි සැලකිල්ලක් නොදක්වන බව වාර්තා වේ. මෙවැනි රැකියාවල පවතින අස්ථිර ස්වභාවය හේතුවෙන් මෙවැනි රැකියා සඳහා වීසා ලබාදීමේ අඩු ප්‍රවනතාවයක් පවතී.
  • මෙහිදී අදාළ රැකියාව සඳහා වන වෙළඳපොල වටිනාකමට සරිලන වැටුපක් ලැබීම අත්‍යවශ්‍ය වේ.
  • Temporary Work (Skilled)(subclass 457) හෝ Temporary Skill Shortage visa (subclass 482) වීසා කාණ්ඩ වල සිටින අයදුම්කරුවන් තම වර්තමාන සේවා යෝජකයාගෙන් තම අයදුම් පතට සහාය දක්වන බවට ප්‍රකාශ කරන ලිපියක් ලබාදීමට අවශ්‍ය වේ.
මෙහිදී තම සේවා යෝජකයා, අයදුම්කරුගේ වීසා අයදුම්පතට සහාය දක්වන බවට සහතික කිරීම අවශ්‍ය වේ. මීට අමතරව subclass 491 / subclass 190 වීසා අනුමත වීමෙන් පසුව එම ව්‍යාපාරයට පමණක් සේවයකලයුතු බවට නීතිමය අවශ්‍යතාවයක් නොමැති බව සේවායෝජකයා අවබෝධකර සිටිනබව ලිපියක් මාර්ගයෙන් දැන්විය යුතු වේ.

මෙහිදී නොදර්න් ටෙරිටරි රජය විසින් වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා ඔබගේ සේවා යෝජකයා සම්බන්ධකර ගැනීමේ හැකියාව පවතී.



අද දින අප ඔබවෙත තොරතුරු ගෙන අවේ නොදර්න් ටෙරිටරිය තුල සිට අයදුම් කරන අයදුම් කරුවන් සඳහා නොදර්න් ටෙරිටරි සංක්‍රමණ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන ආකාරයයි. විදෙස් රටක සිට නොදර්න් ටෙරිටරිය වීසා සඳහා අයදුම් කිරීමේ දී සපුරාලිය යුතු සුදුසුකම් පිළිබඳව තොරතුරු මෙහි දෙවන කොටස ලෙස ගෙන ඒමට අපි කටයුතු කරනවා


මෙම ලිපිය මගින් මූලික තොරතුරු සපයා ඇති අතර එක් එක් අපේක්ෂකයාගේ පුද්ගලික සුදුසුකම් අනුව අදාළ වන කොන්දේසි වෙනස් විය හැක. වැඩිදුර විස්තර සඳහා කරුණාකර ඔබේ සංක්‍රමණ නියෝජිතයා ඇමතීම හෝ ලියාපදිංචි සංක්‍රමණ නියෝජිතයෙකුගෙන් විමසන්න.

********************************************************************************




ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.




*********************************************************************************



  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර 
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න 
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න 


Share