LISTEN TO
Northern Territory ඉන්න අයට state nominations සඳහා අවශ්‍ය සුදුසුකම් ගැන විස්තරය මෙන්න
SBS Sinhala
16/09/202407:18
නොදර්න් ටෙරිටරියේ වීසා වැඩසටහන හරහා ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් සඳහන් කරන අවම සුදුසුකම් සපුරාලන මෙන්ම නොදර්න් ටෙරිටරියේ ශ්‍රම හිඟය සපුරාලීමට දායකත්වය ලබාදෙන සංක්‍රමණිකයින් සඳහා වීසා ලබාදීම සිදුකරනු ලබනවා. මෙහිදී විදේශයක සිට අයදුම් කරන පිරිස් සඳහා 491 වීසා කාණ්ඩය සඳහා පමණක් අයදුම් කිරීමේ හැකියාව පවතිනවා.
මෙහිදී මූලික සුදුසුකම් ලෙස,
- වයස අවුරුදු 45ට අඩුවීම
- කුසලතා ඇගයීම ( skills assessment) එක ලබාගෙන තිබීම.
- IELTS 6ක ලකුණු මට්ටමක් හෝ ඊට සමාන ලකුණු මට්ටමක් වෙනත් විභාගයකින් ලබා තිබිය යුතු වේ.
- ලකුණු මත පදනම් වූ ක්‍රමවේදය හරහා අවම ලකුණු මට්ටම වන ලකුණු 65ක ලකුණු මට්ටම සපුරාලිය යුතු වේ.
- මෙහිදී අධ්‍යාපන සුදුසුකම් සපුරාලීමෙන් පසුව අවසන් වසර 5ක කාලය තුල වසර දෙකක අවම රැකියා පළපුරුද්දක් තිබීම අවශ්‍ය වේ.
- දිගුකාලීනව නොදරන් ටෙරිටරියේ වාසය කිරීමට ඇති අවශ්‍යතාවය සනාත කර සිටිය යුතු වනවා.
නොදරන් ටෙරිටරියේ පදිංචි වීමට අවශ්‍ය අවම මූල්‍යමය අවශ්‍යතාවයන් සපුරාලිය යුතු වනවා. එම අවශ්‍යතාවයන් පහත දැක්වෙන පරිදි වනවා.
- තනි අයදුම් කරුවකු AU$35 000
- යුවලක් සඳහා AU$50 000
- එක් දරුවකු සිටින යුවලක් සඳහා AU$60 000
- දරුවන් දෙදෙනෙකු සිටින යුවලක් සඳහා AU$65 000
නොදර්න් ටෙරිටරියේ වීසා අයදුම් කිරීම කාණ්ඩ තුනක් පවතිනවා. මෙහිදී අවම වශයෙන් ඔබ එක කාණ්ඩයක් යටතේ හෝ අවශ්‍ය සුදුසුකම් සපුරාලිය යුතු වනවා.
1. Priority occupation stream
මේසඳහා අයදුම් කිරීම සඳහා Northern Territory Offshore Migration Occupations ලැයිස්තුවේ (NTOMOL) සඳහන්ව ඇති රැකියාවක් සඳහා නිපුනතා ඇගයීම skills assessment එක ලබා තිබිය යුතු වනවා. මීට අමතරව එක එක රැකියාව සඳහා සඳහන් කර ඇති අතිරේක සුදුසුකම්ද සපුරාලිය යුතු වනවා.
2. NT Family Stream
නොදර්න් ටෙරිටරියේ තම පවුලේ ය ජීවත් වන්නේනම් ඔබට මෙම වීසා කාණ්ඩය යටතේ අයදුම් කිරීමේ හැකියාව පවතී.
මෙහිදී ඔබගේ පවුලේ සාමාජිකයා ඕස්ට්‍රේලියානු පුරවැසියකු වීම හෝ පහත වීසා කාණ්ඩයක සිටින අයකු වියයුතු වේ.
- Skilled Work Regional (Provisional) visa subclass 491
- Skilled Employer Sponsored Regional (Provisional) visa subclass 494
- Skilled Regional (Provisional) visa subclass 489
මීට අමතරව Skilled Regional Visa subclass 887 හෝ subclass 190 සඳහා අයදුම් කර Bridging වීසා යටතේ සිටින පවුලේ සාමාජිකයකු සිටින අයකු සඳහාද මේ සඳහා අයදුම් කල හැකිවේ.
මීට අමතරව ඔබගේ සහකරුවා හෝ සහකාරිය ඔබගේ වීසා අයදුම් පත්‍රයට ඇතුලත් වන්නේනම් ඔහු හෝ ඇයගේ නොදර්න් ටෙරිටරියේ ජීවත්වන පවුලේ අයකුට සිටීමද මේ සඳහා සුදුසුකමක් ලෙස සැලකේ.
මෙහිදී එම පවුලේ සාමාජිකයා නොදර්න් ටෙරිටරියේ පදිංචි අයකු වියයුතු අතර අවම වශයෙන් මාස 12 ක කාලයක් ජීවත්ව සිට තිබිය යුතු වේ. මීට අමතරව ඔවුන් විසින් නොදර්න් ටෙරිටරියේ පදින්චිවීමෙදී අයදුම්කරුට අවශ්‍ය සහය ලබාදෙනබවට සහතික කර දිවුරුම් ප්‍රකාශයක් ලබාදී තිබිය යුතු වේ.
3. NT Job Offer Stream
මෙම කාණ්ඩය යටතේ අයදුම් කිරීමට ඔබට නොදර්න් ටෙරිටරිය තුල ඔබගේ ක්ෂේශ්ත්‍රයේ රැකියාවක් පිරිනමන බවට ආයතනයකින් සහතික කිරීමක් අවශ්‍ය වේ. මෙම ආයතනය නොදර්න් ටෙරිටරියේ මාස 12ක කාලයක් තුල සක්‍රීයව පවතින ආයතනයක් වීමද මෙහිදී අවශ්‍ය වේ.
අද දින විදෙස් රටක සිට නොදර්න් ටෙරිටරි වීසා සඳහා අයදුම් කිරීමේ දී සපුරාලිය යුතු සුදුසුකම් පිළිබඳව තොරතුරු අප ඔබවෙත ගෙන එනු ලැබුවා. නොදර්න් ටෙරිටරිය තුල සිට අයදුම් කරන අයදුම් කරුවන් සඳහා සපුරාලිය යුතු සුදුසුකම් පිළිබඳව තොරතුරු මෙහි පළමු කොටස ලෙස අපගේ වෙබ් අඩවියේ සඳහන් කොට තිබෙනවා.
මෙම ලිපිය මගින් මූලික තොරතුරු සපයා ඇති අතර එක් එක් අපේක්ෂකයාගේ පුද්ගලික සුදුසුකම් අනුව අදාළ වන කොන්දේසි වෙනස් විය හැක. වැඩිදුර විස්තර සඳහා කරුණාකර ඔබේ සංක්‍රමණ නියෝජිතයා ඇමතීම හෝ ලියාපදිංචි සංක්‍රමණ නියෝජිතයෙකුගෙන් විමසන්න.
********************************************************************************
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.
*********************************************************************************