LISTEN TO
විදෙස් රටක සිට Northern Territory nominations සඳහා අයදුම් කරන අයට අවශ්‍ය සුදුසුකම් මෙන්න
SBS Sinhala
23/09/202405:38
මෙම Australia Awards Fellowship වැඩසටහන සඳහා ආයතන මට්ටමින් අයදුම් කිරීම අවශ්‍ය වනවා. මේ සඳහා ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි ආයතන සහ ව්‍යාපාර සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතිනවා. මෙහිදී මෙම ආයතන විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල ආයතන හරහා අයදුම් කරුවන්ගේ අයදුම්පත් මෙම වැඩසටහන වෙත යොමු කිරීම සිදුකලයුතු වනවා. එහිදී විදෙස් රටක පවතින එම ආයතනය හා ඇති බැඳීම මෙන්ම අයදුම් කරුගේ ශිෂ්‍යත්වය සඳහා මූල්‍යමය හෝ වෙනත් අයුරකින් දායකත්වයක් ලබාදෙන බවට තහවුරු කලයුතු වනවා.
මෙම වැඩසටහන සඳහා අග්නිදිග ආසියානු කලාපය, දකුණු ආසියාතික සහ මැදපෙරදිග කලාපය, පැසිෆික් කලාපය, අප්‍රිකානු මහාද්වීපය, කැරිබියන් දූපත් සහ යුරෝපා යන කලාප වල තෝරාගත් රටවල් සඳහා අවස්තාව හිමිවනවා.
මෙහිදී ශ්‍රී ලංකාව අයත්වන දකුණු ආසියාතික සහ මැදපෙරදිග කලාපයෙන් ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, ඉරාකය, ජෝර්දානය, මාලදිවයින, මොංගෝලියාව, නේපාලය, පකිස්ථානය සහ පලස්තීනයේ ඇතැම් ප්‍රදේශ මේ සඳහා තෝරාගෙන තිබෙනවා .
Australia Awards Fellowship ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අවශ්‍ය සුදුසුකම්
මෙහිදී නම් කරනු ලබන අයදුම් කරුවන් පහත දැක්වෙන සුදුසුකම් සහ අවශ්‍යතා සපුරාලන බවට අයදුම් පත් යොමුකරන ඕස්ට්‍රේලියානු ආයතනය විසින් සහතික විය යුතුය
- වයස අවුරුදු 18හෝ ඊට වඩා වැඩිවිය යුතුය.
- ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ඇති හෝ ඒ සඳහා අයදුම් කර සිටින අයකු නොවිය යුතුය.
- මේ සඳහා තෝරාගෙන ඇති රටක පුරවැසියකු විය යුතු වේ.
- වර්තමානය වනවිට හමුදා සේවයේ යෙදී සිටින අයකු නොවිය යුතුවේ.
- Subclass 500 ඕස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා අවශ්‍යතාවය සපුරාලීමේ හැකියාව තිබිය යුතු වේ.
- ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යාංශය අයදුම් කරුගේ විදම් සඳහා පමණක් මුදල් වෙන්කරන අතර ඔහුට හෝ යට පමණක් වීසා ලබා ගැනීම සඳහා අවශ්‍ය සහය ලබාදීම සිදුකරයි.
- ශිෂ්‍යත්ව ලාබියා යම් ආබාදිත තත්වයකින් පෙලෙන්නේනම් ඔහු හෝ ඇය රැකවරණය සපයන්නකු සමග ඔස්ට්‍රේලියාවට පැමිණිය යුතු වේ.
මෙම වැඩසටහන සඳහා ප්‍රමුඛතා ක්ෂේශ්ත්‍ර 6ක් නම් කර ඇති අතර ඒවා පහත පරිදි වනවා
- Climate change, adaptation, resilience and green energy transition (include critical mineral mining)
- Gender equality, disability equity and social inclusion
- Health
- Digital Economy, cyber resilience, and media engagement
- Maritime and the Blue Economy
- Infrastructure and connectivity
මේ සඳහා අයදුම් කිරීම සඳහා ඇති අවසන් දිනය ඔක්තෝම්බර් 13 වේ.
මේ සඳහා අයදුම් කල අයදුම් කරුවන් අතරින් තෝරාගත් අයදුම් කරුවන් පිලිබඳ තොරතුරු 2025 මැයි මාසයෙදී දැනුම්දීමට නියමිත වේ. 2025 වසරේ මයි මාසයේ සිට මෙම ශිෂ්‍යත්ව සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම ආරම්භ වේ.
මේ පිලිබඳ වැඩිදුර තොරතුරු පහත වෙබ් ලිපිනයෙන් ලබාගත හැක
********************************************************************************
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.
*********************************************************************************