ඕස්ට්‍රේලියාවේ ශ්‍රම වෙළඳපොලේ ඉහලම ඉල්ලුමක් එන රැකියා මෙන්න

MixCollage-22-Nov-2024-06-49-PM-3545.jpg

Jobs and Skills Australia (JSA) has conducted research to identify emerging roles in the Australian labour market Credit: Pixabay - geralt / This_is_Engineering

Jobs and Skills Australia මගින් සිදු කල නවතම පර්යේෂණයක් ඔස්සේ ඕස්ට්‍රේලියාවේ ශ්‍රම වෙළඳපොලේ මේ වනවිට ඉහලම ඉල්ලුමක් තිබෙන රැකියා සම්බන්ධයෙන් වන නවතම තොරතුරු මෙම විශේෂාංගය ඔස්සේ ඔබට ගෙන එනවා


ඕස්ට්‍රේලියානු රැකියා වෙළඳපොලේ මේ වනවිට ඉහල ඉල්ලුමක් පවතින රැකියා සම්බන්ධයෙන් නවතම පර්යේෂණයක් හෙළි කොට තිබේ.

Jobs and Skills Australia මගින් සිදු කල මෙම නවතම පර්යේෂණය ඔස්සේ නැගී එන රැකියා 37ක් මේ අනුව හඳුනාගෙන තිබේ.

මෙම නව රැකියා භූමිකාවන් ඕස්ට්‍රේලියානු ශ්‍රම වෙළඳපොළට අලුත් විය හැකි අතර ඒවා ප්‍රධාන කාණ්ඩ 04ට Jobs and Skills Australia මගින් කාණ්ඩගත කර ඇත:
  • Net Zero
  • Health, Care and Medical
  • Data and Technologies
  • Science and Engineering
යනු එම කාණ්ඩ වේ.

මෙම රැකියා කාණ්ඩ ඔස්සේ ශීඝ්‍ර වර්ධනයන් සිදුවන රැකියා ක්ෂේස්ත්‍ර නියෝජනය කරයි.

ඒ සඳහා නව රැකියා සහ විකාශනය වන කුසලතා අවශ්‍යතාද ඇතුලත් වේ.

එම කාණ්ඩ යටතේ පහත පරිදි රැකියා පවතී:

Net Zero:
  • Electric Vehicle Technician
  • Sustainability Consultant
  • Battery Design Specialist
  • Energy Engineer
  • Geographic Information Systems Analyst
  • Climate Change Analyst
  • Recycling Coordinator
  • Solar Energy Systems Engineer
  • Energy Broker
emerging-roles-in-net-ze.jpeg
Credit: Lightcast data 2022, Jobs and Skills Australia’s analysis.
Health, Care and Medical:
  • Community Mental Health Worker
  • Mental Health Practitioner
  • Allied Health Assistant
  • Clinical Research Associate
  • NDIS Support Coordinator
  • Lifestyle Assistant
  • Pallative Care Nurse
  • Pallative Care Physician
  • Health Information
  • Clinical Trial Design Coordinator
  • Home Support Assessor
  • Music Therapist
  • Genetic Counsellor
emerging-roles-in-health.jpeg
Credit: Lightcast data 2022, Jobs and Skills Australia’s analysis.
Data and Technologies:
  • Cloud Developer
  • Solutions Architect
  • Automation Engineer
  • BI Developer
  • Machine Learning Engineer
  • Data Integration Consultant
  • AI Engineer
  • Blockchain Engineer
  • Quantum Computing Scientist
  • Remote Sensing Specialist
emerging-roles-in-data-a.jpeg
Credit: Lightcast data 2022, Jobs and Skills Australia’s analysis.
Science and Engineering:
  • Reliability Engineer
  • Logistics Engineer
  • Molecular Biologist
  • Robotics Engineer
  • Bioinformatician
emerging-roles-in-scienc.png
Credit: Lightcast data 2022, Jobs and Skills Australia’s analysis.
Jobs and Skills Australia මගින් සිදු කල මෙම නවතම පර්යේෂණ වාර්තාව, ඕස්ට්‍රේලියානු රැකියා වෙළඳපල ඉල්ලුම සහ සේවා යෝජකයින් අපේක්ෂා කරන නිපුණතා පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරමින්, විකාශනය වන ශ්‍රම වෙළඳපොළ පිළිබඳ සවිස්තරාත්මක අවබෝධයක් ලබා දීම සිදු කරයි.

නැගී එන Artificial Intelligence (AI) හෙවත් කෘතිම බුද්ධිය


Artificial Intelligence (AI) හෙවත් කෘතිම බුද්ධිය සඳහා නව යෙදුම් සෑම දිනකම මතුවෙමින් පවතින අතර, එය වර්තමාන කර්මාන්තවල විප්ලවයක් ඇති කිරීමට, කාර්යයන් විධිමත් කිරීමට සහ නව අවස්ථා නිර්මාණය කිරීමට හැකියාව සකසයි.

එමෙන්ම Artificial Intelligence (AI) හෙවත් කෘතිම බුද්ධිය, නිපුණතා තාක්ෂණික ක්ෂේත්‍රවල වඩාත් ප්‍රචලිත වූ අතර මේ වනවිට එය වෙළඳ ප්‍රචාරණ සහ අලෙවිකරණ වෘත්තිකයන් සහ ගණකාධිකාරීවරුන් වැනි වඩාත් සාමාන්‍ය භූමිකාවන් සම්බන්ධයෙන්ද ප්‍රචලිත වෙමින් තිබේ.


මෙමෙ නවතම වාර්තාව සඳහා online රැකියා දැන්වීම් සහ 2021 ජන හා නිවාස සංගණනය උපයෝගිකොටගෙන තිබේ.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************

Share