ඕස්ට්‍රේලියාවේ ගිම්හාන කාලයේදී ආරක්ෂිතව සහ සිසිල්ව සිටීමට ඔබට උපදෙස් පහක් : SBS සිංහල AUSTRALIA EXPLAINED

Loving couple at the beach

tips to keep safe and cool during an Australian summer - Getty Credit: andresr/Getty Images

ඔබේ ශරීරයට අවශ්‍ය දේට ඔබ ලබා දීම ඉතා වැදගත් වේ, එමෙන්ම ගැටලුකාරී කාලගුණය ක් පැවතියදී එය වඩාත් තීරණාත්මක වේ. ඕස්ට්‍රේලියාවේ ගිම්හාන කාලය සාර්ථකව ගත කිරීමට අත්‍යවශ්‍ය උපදෙස් කිහිපයක් මෙම ලිපිය ඔස්සේ ගෙන එයි.


Key Points
  • උණුසුම් ගිම්හාන දිනයකදී ජලය හෝ electrolytes ලබාගැනීම ඔස්සේ ඔබ විජලනය නොවී සිටීම වැදගත් වේ.
  • ඔබ එළිමහනේ සිටින සෑම විටම SPF 50 හෝ ඊට වැඩි sunscreen ආලේපන භාවිතා කිරීමද වැදගත් වේ.
  • නිවසින් පිටතට යාමට පෙර සෑම විටම UV දර්ශකය පරික්ෂා කිරීම වැදගත් වේ.
අපේ ශරීරය සියුම්ව සකස් කරන ලද යන්ත්‍රයකි.

සිඩ්නි හි වෛද්‍යවරියක වන Angelica Scott කියා සිටින්නේ අපගේ ශරීර උෂ්ණත්වය ස්ථාවර කිරීමේ හැකියාවක් අප සතුව පවතින බවයි.

උණුසුමට පුද්ගල ශරීරිය දක්වන ප්‍රතිචාරය

කාලගුණය උණුසුම් වන විට, අපගේ ශරීරය සිසිල් කිරීම සඳහා පුද්ගලයින් විවිධ යාන්ත්‍රණ භාවිතා කරයි;

දහඩිය දැමීම මෙයින් ප්‍රධාන ස්ථානයක් ගන්නා අතර ශරීරය උණුසුම් වන විට, අපගේ දහඩිය ග්‍රන්ථි, ජලය හෝ දහඩිය මුදා හහැරීම සිදු කරයි.

දහඩියට අමතරව, අපගේ සමේ රුධිර වාහිනී ද පුළුල් වීම හෝ විවෘත වීම නිසා සම හරහා තාපය මුදා හැරීමට අපට ඉඩ සලසයි.

මේ හේතුවෙන් පුද්ගල සම රතු පැහැයක් ගනී.

ශරීරය තාපය ඔබෙන් ඉවතට ගෙන යාමේදී ඔබේ අත්ල, අත් සහ කකුල් වලට දහඩිය දැමීම සිදු වේ.

දහඩිය සහ රතු වන සම හැරුණු විට වේගවත් හා නොගැඹුරු හුස්ම ගැනීමද දැකිය හැක.

වෛද්‍ය Angelica අනතුරු අඟවා සිටින්නේ අධික උනුසුම හේතුවෙන් පුද්ගලයින්ට සෞඛ්‍ය තර්ජන ගෙන දෙන අතර අධික උණුසුම යනු බොහෝ විට වෛද්‍ය හදිසි අවස්ථාවක් විය හැකි බවයි.

අධික දහඩිය දැමීම,ශරීර දුර්වලතාවය, ඔක්කාරය, කරකැවිල්ල, දුර්වල හෘද ස්පන්දනය හෝ වේගවත් හෘද ස්පන්දනය මෙවැනි සෞඛ්‍ය ගැටලුවලදී දැකිය හැක.

හි ජාතික චර්ම පිළිකා කමිටුවේ සභාපති මහාචාර්ය Ann Cust යෝජනා කරන්නේ පුද්ගලයින් උණුසුම් ගිම්හානයකට සූදානම් විය යුතු බවයි.

දේශගුණික විපර්යාස සමඟ, ඕස්ට්‍රේලියානුවන්ට එළිමහනේ කාලය ගත කිරීම වඩ වඩාත් දුෂ්කර වනු ඇති බවත් ලැව්ගිනි සහ ගංවතුර වැනි දේ සහ දේශගුණික විපර්යාස වැඩි වශයන් සිදු වන බවත් Ann පවසයි.

සිසිල්ව සහ ආරක්ෂිතව සිටීමට උපදෙස්

උණුසුම් ගිම්හාන දිනවලදී අධික උණුසුමින් බේරීමට සහ උණුසුම ආශ්‍රිත සෞඛ්‍ය ගැටළු වළක්වා ගැනීම සඳහා, වෛද්‍ය ස්කොට් පහත උපදෙස් පිළිපැදීමට උපදෙස් දෙයි:

1. ජලය හෝ electrolytes පානය කිරීම මගින් විජලනයට ලක්වීම වලක්වාගතයුතු වේ

ශරීරයෙන් පිටවූ දියර වෙනුවට ජලය ලබා ගැනීමට වග බලාගත යුතු අතර සෑම විටම ඔබ සමඟ වතුර බෝතලයක් තිබීම වැදගත් වේ.

මේ අනුව දිනකට පුද්ගලයකු ජලය ලීටර් තුනක් පානය කලයුතු වේ.

සෝඩා කෑන් එකකින් පිපාසය සංසිඳුවන බව මිනිසුන් සිතුවද කෙසේ නමුත් අධික සීනි හේතුවෙන් විජලනයෙන් ආරක්ෂා වීමට එය හොඳ ක්‍රමයක් නොවේ.

2. ඇතැම් ආහාර ගැනීමෙන් වළකින්න

උණුසුම් කාලගුණය තුළ පලතුරු සහ එළවළු ආහාරයට ගැනීම ඉතා යහපත් වේ, විශේෂයෙන් කොමඩු සහ පිපිඤ්ඤා වැනි ජලය පොහොසත් දේ ආහාරයට ගැනීම වැදගත් වේ,

වෛද්‍ය ඇන්ජලිකා ස්කොට් කියා සිටින්නේ ශරීරය සිසිල්ව පවත්වා ගැනීම සඳහා බර හා තරබාරු ආහාරවලට වඩා සැහැල්ලු සහ පහසුවෙන් ජීර්ණය කළ හැකි ආහාර තෝරා ගැනීම සිදු කල යුතු බවයි.

බර ආහාර සහ සීනි අධික ආහාර ඔබේ ශරීරය වෙහෙස කිරීමට සහ ඒ හේතුවෙන් ඔබේ ශරීර උෂ්ණත්වය ඉහළ දැමීමට හේතු වේ.
Cheerful woman gardening in backyard
Stay hydrated throughout the day as a critical preventive measure against heat exhaustion. Credit: The Good Brigade/Getty Images
3. protective clothing, hat, sunglasses, sunscreen, and shade යන කරුණු පහ මතක තබා ගන්න

හි ප්‍රධානී Emma Glassenbury ට අනුව, සූර්යයාගෙන් සහ UV කිරණවලින් මිනිසුන් ආරක්ෂා කරන වැදගත් කරුණු පහක් තිබේ

සුර්ය ආරක්ෂණ ක්‍රම පහම භාවිතා කරන්න - ආරක්ෂිත ඇඳුම්, පුළුල් තොප්පියක්, හිරු ආවරණ සහ, අමතර ආරක්ෂාව සඳහා අව් කන්නාඩි පළඳින ලෙස ඇය පවසයි..

මුහුදට යන විට හෝ ජල ක්‍රියාකාරකම්වල යෙදෙන විට sun protection එකක් භාවිතා කිරීම සාමාන්‍ය දෙයක් වන අතර, කෙසේ නමුත් Emma පවසන්නේ ඒවා මිනිසුන්ගේ දෛනික චර්යාවන් සමඟ ඒකාබද්ධ කළ යුතු බවයි.

"SunSmart Victoria විසින් නව ව්‍යාපාරයක් දියත් කර තිබේ

සමේ පිළිකා වැළැක්වීම සහ හිරු එළියෙන් සම ආරක්ෂා වීම පිළිබඳව තොරතුරු මේ ඔස්සේ සිදු කරයි..


4. දවසේ කාලගුණය සහ UV මට්ටම් මත ඔබේ ක්‍රියාකාරකම් සිදු කිරීමට සැලසුම් කිරීම

එළිමහනට යාමට හෝ ව්‍යායාම කිරීමට පෙර, වෛද්‍ය Angelica නිර්දේශ කරන්නේ දවසේ කාලගුණ අනාවැකිය පරීක්ෂා කරන ලෙසයි.

අධික UV විකිරණවලට නිරන්තරයෙන් නිරාවරණය වීම සමේ පිළිකා සඳහා මූලික හේතුව වේ.

මධ්‍යහනේ සිට සවස 3 දක්වා දැඩි හිරු රශ්මියක් තිබෙන අතර එම කාලය තුළ පිටත සිටීමෙන් වැළකී සිටීමට උත්සාහ කරන ලෙස වෛද්‍ය Angelica කියා සිටී.

Angelica පවසන්නේ ඕස්ට්‍රේලියාවේ වඩා තීව්‍ර වූ පාරජම්බුල කිරණ නිරාවරණයක් පවතින අතර එය ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සමේ පිළිකා අනුපාතය ඉහළ දමා තිබෙන බවයි.

සිසිල් දිනයකදී වුවත් UV දර්ශකය තරමක් ඉහළ විය හැක. කෙසේ නමුත් සියුම් සුළඟක් තිබේ නම්, එය පිටත තරමක් සිසිල් බවක් ද දැනිය හැක, මේ හේතුවෙන් Angelica කය සිටින්නේ එය ඔබට නොදැනෙන නමුත් UV මට්ටම ඉතා ඉහල විය හැකි බවයි.

ඕස්ට්‍රේලියාවේ බොහෝ ස්ථානවල UV දර්ශකය ග්‍රීෂ්ම මාසවලදී 12 සිට 14 දක්වා ඉහළ යයි.

Asian mother applying sunscreen lotion to protect her daughter's face before exercise while setting on floor in the park at outdoors
Most places in Australia have a UV index that peaks at around 12 to 14 in the summer months Credit: Six_Characters/Getty Images
5. ඔබේ සීමාවන් දැනගෙන අධික වෙහෙසෙන් වළකින්න.

වෛද්‍ය Angelica පවසන්නේ, ඔබ පහසුවෙන් වෙහෙසට පත්වන බව ඔබ දන්නවා නම්, උණුසුම් කාලගුණය තුළ වැඩි වේලාවක් ව්‍යායාම සිදු නොකරන ලෙසයි.

එමෙන්ම අසනීප බවක් දැනේ නම්, ඔබේ ශරීරයට විවේකයක් ලබා දී උපකාර ලබා ගන්න ලෙසත් Emma කියා සිටිනවා

නමුත් ඔබ ඇත්තටම හිරු රැස් විඳීමට , ඇවිදීමට හෝ එළිමහනේ ව්‍යායාම කිරීමට කැමති වුවත්, ඔබේ ශරීරය ඔබට ලබාදෙන විවිධ සංඥා ගැන ඉතා සැලකිලිමත් විය යුතු වේ.

Emma කියා සිටින්නේ අලංකාර එලිමහනක් තිබෙන රටක අප ජිවත් වන අතර කෙසේ නමුත් සමේ පිළිකා ඇති කළ හැකි UV මට්ටමක්ද මෙරට තිබෙන බවයි.

ඔබේ ප්‍රදේශයේ තිබෙන UV මට්ටම් ගැන තොරතුරු දැන ගැනීමට

ඔබට Australian Radiation Protection and Nuclear Safety Agency හෙවත් ඕස්ට්‍රේලියානු විකිරණ ආරක්ෂණ සහ න්‍යෂ්ටික ආරක්ෂණ ඒජන්සිය වෙතද.

Share