ඕස්ට්‍රේලියාවේ රියදුරු බලපත්‍ර සම්බන්ධ නීතිය වෙනස් වේ.
LISTEN TO
ඕස්ට්‍රේලියාවේ රියදුරු බලපත්‍ර සම්බන්ධ නීතියක් වෙනස් වේ
SBS Sinhala
18/11/202404:59
මෙම නීතිය කුමක්ද, එය බලපාන්නේ කාටද යන්න පිලිබදව දැනුවත් වෙමු.
ඕස්ට්‍රේලියාවේ රියදුරු බලපත්‍ර සම්බන්ධ මෙම වෙනස්කම්, මෙරට ජිවත් වන කිසියම් පුද්ගලයෙකු සතුව ඇති විදේශ රටකින් නිකුත් කර ඇති රියදුරු බලපත්‍රය ප්ස්ට්රෙලියානු රියදුරු බලපත්‍රයකට පරිවර්තනය කිරීමේදී බලපාන බව සදහන් වේ
මුලික කරුණු
• විදේශයන්හි නිකුත් කරන ලද බලපත්‍ර පරිවර්තන ක්‍රියාවලිය 2025 වර්ෂයේ දී වෙනස් වනු ඇත.
• සමහර රටවල විදේශ බලපත්‍රලාභීන්ට වැඩිදුර පුහුණු සහ පරීක්ෂණවලට මුහුණ දීමට සිදුවේ.
• විදේශීය බලපත්‍රයක් ඇති ඕස්ට්‍රේලියාවේ visitor visa යටතේ සිටින අයට මෙම වෙනස්කම් බලපාන්නේ නැත.
විදේශීය රටකින් නිකුත් කර ඇති රියදුරු බලපත්‍රයක් ඕස්ට්‍රේලියානු බලපත්‍රයකට පරිවර්තනය කිරීමට අපේක්ෂා කරන සමහර පදිංචිකරුවන්ට මෙම නීති වෙනස් වීමත් සමගම ඉක්මනින් අමතර සුදුසුකම් සපුරාලීමට සිදුවනු ඇත.
ප්‍රාන්ත සහ ටෙරිටරි වෙනුවෙන් ජාත්‍යන්තර රියදුරුබලපත්ර කළමනාකරණය කරන Austroads, ලබන වසරේ සිට ඕස්ට්‍රේලියානු රියදුරු බලපත්රට පරිවර්තන ක්‍රියාවලිය වෙනස් වන බව පසුගිය සතිය මුලදී නිවේදනය කරන ලදී.
මෙමගින් රියදුරු බලපත්‍රය පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය වඩාත් ශක්තිමත් කිරීම, වඩාත් හොඳින් පැහැදිලි කිරිමට අනිවාර්ය අවශ්‍යතා පිලිබදව වඩාත් පැහැදිලි කිරීමක් ලබා දෙන බව"Austroads ප්‍රධාන විධායක Geoff Allan නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
වත්මන් පද්ධතිය ක්‍රියාත්මක වන්නේ කෙසේද?
මේ වන විට, Recognised Country Scheme යටතේ, ඇතැම් රටවල පුරවැසියන් මේ රටට පැමිණි පසු විශේෂිත තත්වයන් යටතේ ඔවුන්ගේ රියදුරු බලපත්‍රය ඕස්ට්‍රේලියානු රියදුරු බලපත්‍රය ට පරිවර්තනය කළ හැකියාව තිබෙනවා.
ඕස්ට්‍රේලියානු මෝටර් රථ හෝ යතුරුපැදි බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේදී Recognised Country Scheme යටතේ පවතින රටක රියදුරු බලපත්‍රයක් ඇති පුද්ගලයින් ලිඛිත පරීක්ෂණයෙන් සහ ප්‍රයෝගික පරීක්ෂණයෙන් නිදහස් වනවා.
එම පුද්ගලයන් ට ඔවුන්ගේ විදේශීය රියදුරු බලපත්‍රය ඕස්ට්‍රේලියානු රියදුරු බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීමේදී ලිඛිත හා ප්‍රයෝගික පරීක්ෂණයකට මුහුණ දීමට අවශ්‍ය නොවේ.
ඒ අනුව ඔවුන්ගේ ඕස්ට්‍රේලියානු රියදුරු බලපත්‍රය experience drivers recognise status කාණ්ඩයට අයත් වේ.
මෙම Recognised Country Status කාණ්ඩයට අයත් නොවන රටකින් එන කෙනෙක්ට තම රියදුරු බලපත්‍රය ඕස්ට්‍රේලියානු රියදුරු බලපත්‍රයකට පරිවර්තනය කිරිමෙදී කිරීමේදී ලිඛිත හා ප්‍රයෝගික පරීක්ෂණයකට මුහුණ දීමට සිදුවේ.
කෙසේ නමුත් මෙම Recognised Country Scheme කාණ්ඩයට අයත් නොවන ඕනෑම රටකින් ඕස්ට්‍රේලියාව පමිනෙන පුද්ගලයන් වයස 25 ට අඩුනම් වෙනත් රටවලින් නිකුත් කර ඇති රියදුරු බලපත්‍ර ඇති පුද්ගලයින්ට මෙන්ම අදාල පරීක්ෂණයන්ට මුහුණ දීමට සිදු වනු ඇත.
ඇති විය හැකි නව වෙනස්කම් පිලිබදව තවදුරටත් විමසා බලමු
මේ සිදුවීමට නියමිත වෙනස්කම් මොනවාද ?
· නව වෙනස්කම් සමඟින්, Experienced Driver Recognition status යටතේ පවතින රියදුරු බලපත්‍රයකින් රිය පැදවීමට හිමි වන අවස්ථාව 2025 අප්‍රේල් 30 දින සිට අවසන් වනු ඇත".
· බොහෝ ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ ටෙරිටරි වලට අදාළව ජාතික නීතියක් වශයෙන් මෙම නිතිය ක්‍රියාත්මක වනු ඇත.
· මෙම දිනයට කලින් Experienced Driver Recognition status කාණ්ඩයට යටත් පවතින ඕස්ට්‍රේලියානු රියදුරු බලපත්‍ර ලබන වසරේ අප්‍රේල් 30 දිනට පෙර සාමාන්‍ය රියදුරු බලපත්‍රයකට මාරු කර නොගත හොත් ඔවුන්ට ලිඛිත හා ප්‍රයෝගික පරීක්ෂණයකට මුහුණ දීමට සිදුවන බව Austroads ප්‍රධාන විධායක Geoff Allan පවසා සිටි.
මෙම Recognised Country Scheme කාණ්ඩයට අයත් වන රටවල් වන්නේ:
බල්ගේරියාව, චෙක් ජනරජය, එස්තෝනියාව, හොංකොං, හංගේරියාව, ලැට්වියාව, ලිතුවේනියාව, පෝලන්තය, සයිප්‍රස් ජනරජය, දකුණු කොරියාව, සර්බියා ජනරජය, රුමේනියාව, ස්ලෝවැකියාව, ස්ලෝවේනියාව, දකුණු අප්‍රිකාව සහ තායිවානය යන රටවල්ය.
විදේශීය බලපත්‍රයක් ඇති ඕස්ට්‍රේලියාවේ visitor visa යටතේ සිටින අයට මෙම වෙනස්කම් වලින් බලපෑමක් සිදු නොවන බව බවත් ඔවුන් සතුව වලංගු විදේශීය රියදුරු බලපත්‍රයක් සහ ඔවුන් එම බලපත්‍රයේ සියලුම කොන්දේසි වලට අනුකූල නම්, ඕස්ට්‍රේලියානු මාර්ගවල රිය පැදවීමට ඉදිරියටත් ඔවුන්ට හැකි වනු ඇතිබව Allan මහතා තවදුරටත් පවසා සිටි.
ඔබ ශ්‍රී ලාංකිකයෙකු නම් මෙම Recognised Country Scheme කාණ්ඩයට ශ්‍රී ලංකාව අයත් නොවන බැවින් සාමාන්‍ය පරිදි ලිඛිත හා ප්‍රයෝගික පරීක්ෂණයකට මුහුණ දීමට සිදු වේ. නමුත් ඔබ සිටින්නේ visitor visa යටතේ නම් ඔබට මෙමගින් කිසිදු බලපෑමක් ඇති නොවේ.
********************************************************************************
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.
*********************************************************************************