ජනවාරි 20දා SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්ත සහ ටෙරටරි වල බූස්ටර් එන්නත ගැනීමේ කාලය තවත් අඩු කෙරේ

People are seen at a Cohealth pop-up vaccination clinic at the State Library Victoria, in Melbourne, Monday, December 20, 2021

People are seen at a Cohealth pop-up vaccination clinic at the State Library Victoria, in Melbourne, Monday, December 20, 2021 Source: AAP Image/Con Chronis

ජනවාරි 20 වන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න


Highlights
  • ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්ත සහ ටෙරටරි වල බුස්ටර් එන්නත ලබාගැනීමේ කාල පරාසය මාස 3ක් දක්වා අඩු කෙරේ.
  • මෙරට ශ්‍රම බලකායේ හිඟය පියවීම සඳහා ජාත්‍යන්තර සිසුන් සහ බැක්පැකර් වරුන් සඳහා වීසා අයදුම් කිරීමේ ගාස්තු අඩු කිරීමට මධ්‍යම රජය තීරණය කරයි.
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට එන අන්තර්ජාතික සංචාරකයින්, ප්‍රාන්තයට පැමිණීමෙන් පසු නිරෝධායනයට ලක්වීමෙන් නිදහස් කෙරේ.
  • අද ජාතික කැබිනට්ටුව රැස්වේ. පාසැල් නැවත ආරම්භය සහ ඇන්ටිජන් පරීක්ෂණ පිළිබඳව විශේෂ අවධානයක්.
  • කොවිඩ් එන්නත ලබාදීම සඳහා ඖෂධවේදීන් සහ GP වෛද්‍යවරුන් හට ගෙවන මුදලෙහි විෂමතාව පිළිබඳව අර්බුදයක්
  • ශ්‍රී ලංකා නව වැනි පාර්ලිමේන්තුවේ කමිටු පත්කිරීම සඳහා වගකියන තේරීම් කාරක සභාව පත්කෙරේ.
  • පාස්කු ප්‍රහාරයේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ සාක්ෂි විභාගය
  • ගිනිකඳු පිපිරීමෙන් සහ සුනාමියෙන් ආපදාවට ලක්වූ ටොංගා රාජ්‍යයට ආධාර කිරීමට ලොව රටවල් පෙළ ගැසේ
  • ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ ඊයේ පැවති තරඟ වලින් රෆායල් නඩාල් සහ නයෝමි ඔසාකා තෙවැනි වටයට සුදුසුකම් ලබා ගනී.
  • පළමු වරට පැවැත්වෙන ලෙජන්ඩ්ස් ක්‍රිකට් ලීග් හෙවත් LLC ක්‍රිකට් තරගාවලිය අද ඕමානයේදී ආරම්භ වේ.
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න පිටුවට



 


Share