Highlights
- විවිධ ප්‍රාන්ත වල පවතින විශ්වවිද්‍යාල ප්‍රවේශ මධ්‍යස්ථානවල ATAR ලබා ගැනීම සඳහා විවිධ සුදුසුකම් අවශ්‍යතා පවතී
- ඕස්ට්‍රේලියාවේ, සමස්තයක් වශයෙන් සාමාන්‍ය ATAR ලකුණු සාමාන්‍යය වන්නේ 99.95 න් 70.00 ක් පමණ වේ
- ඇතැම් විශ්ව විද්‍යාල කලින් ඇතුළත් වීමේ ක්‍රමයක් හෝ වෙනත් විශ්ව විද්‍යාල මාරුවක් වැනි විකල්ප මාර්ග ඉදිරිපත් කරයි
ඕස්ට්‍රේලියාව තුල රජයේ අධ්‍යාපන ක්‍රමයක් පවතී. සෑම ප්‍රාන්තයකම, විශ්ව විද්‍යාල ප්‍රවේශ මධ්‍යස්ථාන මගින් සිසුන් ඉහළම ලකුණු ලබාගන්නා ඒකක දහය ගණනය කිරීම ඔස්සේ ATAR Rank එක ගණනය කිරීම සිදු කරයි.
UAC නොහොත් විශ්ව විද්‍යාල ප්‍රවේශ මධ්‍යස්ථානයේ අලෙවිකරණය පිළිබඳ සාමාන්‍යාධිකාරීවරිය වන Kim Paino සඳහන් කොට සිටින්නේ, යම් සිසුවකු තම සම වයස් කාණ්ඩයේ සෙසු සිසුන් සමග සැසඳීමේදී, කුමන ආකාරයේ ඉගෙනුම් මට්ටමක සිටීද යන්න පිළිබඳව මෙම ATAR Rank එක හරහා මනින බවයි.
එමෙන්ම ඇය පෙන්වා දෙන්නේ ATAR යනු "ශ්‍රේණියක්" මිස "ලකුණක්" නොවන අතර එය විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා පමණක් භාවිතා කිරීම සිදු වන බවයි.
ATAR සඳහා සුදුසුකම් ලැබීම
ATAR ලබා ගැනීම සඳහා සුදුසුකම් ලැබීමට වික්ටෝරියා ප්‍රාන්ත සිසුන් Victorian Certificate of Education හෙවත් වික්ටෝරියානු අධ්‍යාපන සහතිකය (VCE) සම්පූර්ණ කළ යුතුය. ටස්මේනියාවේ සිසුන් හට Tertiary Entrance හෙවත් තෘතියික ප්‍රවේශ (TE) ලකුණු මත පදනම්ව මෙම ATAR Rank එක ලබා දේ.
නිව් සවුත් වේල්ස් හි Universities Admissions Centre හෙවත් විශ්ව විද්‍යාල ප්‍රවේශ මධ්‍යස්ථානය (UAC) මගින් උසස් පාසල් සහතිකය (HSC) පිරිනමන ද්විතීයික පාසල් සිසුන්ට ATAR Rank එක සපයයි.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
කෙසේ නමුත් Kim Paino පවසන්නේ සෑම ප්‍රාන්තයක්ම තමන්ගේම ද්විතීයික අධ්‍යාපන ක්‍රමයකට අනුව ස්වාධීනව ATAR ගණනය කළද, ප්‍රාන්ත අතර ATAR Rank එක පිළිගන්නා සමස්ත යාන්ත්‍රණයක් පවතින බවයි. එමෙන්ම ඇය පෙන්වා දෙන්නේ ATAR Rank එක සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශ මධ්‍යස්ථාන විවිධ සුදුසුකම්ද අපේක්ෂා කරන බවයි.
උදාහරණ වශයෙන් ඇය පවසන්නේ, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල, ඔබේ හොඳම ඒකක දහය අතර ඉංග්‍රීසි නොමැති වුවද, ATAR සඳහා අවම වශයෙන් ඉංග්‍රීසි ඒකක දෙකක් ඇතුළත් විය යුතු වන බවයි.
Image
සිඩ්නිහි Nicole Lenoir-Jourdan පවසන්නේ, අයගේ දරුවා සහ දරුවාගේ මිතුරන් මීට වසර කිහිපයකට පෙර ඔවුන්ගේ දොළොස්වන වසර අවසන් කල බවයි. බොහෝ සිසුන් හට ඔවුන් සිහින දකින ගමන් මගට පිවිසීම සඳහා මෙම ATAR මගින් ඉහල Rank එකක් ලබාගැනීමට උත්සාහ දරන බව ඇය පවසයි. නමුත් මේ හේතුවෙන් බොහෝ සිසුන් ඔවුන්ට ඉගෙනීමට වැඩි කැමැත්තක් නොදක්වන විෂයයන් වන, ඒකක තුනක් පවතින "භෞතික විද්‍යාව" හෝ ඒකක හතරැක පවතින "ගණිතය" වැනි විෂයයන් හැදෑරීමට පෙළඹෙන බවත් ඇය පවසයි.
ATAR ගණනය කිරීම සිදුවන්නේ කෙසේද?
UAC හි Kim Paino පවසන්නේ, ATAR සාමාන්‍යය 50.00 ක් වුවහොත් සෑම ද්විතියික පාසල් සිසුවෙකුම විශ්ව විද්‍යාලයට ඇතුල් වන බවයි. නමුත්, මෙම ATAR සාමාන්‍යය 70.00 ක් පමණ වන බව ඇය පවසයි.
ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට
පරිමාණ කිරීමේ ක්‍රියාවලියකට අනුව ATAR ප්‍රතිඵල ලැබෙන අතර ඒකක 2,000 ක් ATAR 99.95කට සමාන වේ. ඒ අනුව ATAR 99.95 සිට 0.00 දක්වා පහතට මෙම ශ්‍රේණිගත කිරීම සිදු වේ. මේ අනුව යම් සිසුවකු ATAR 80.00 තත්වයට පැමිණිය හොත් ඔවුන් 12 වසර වයස් කාණ්ඩයේ සිසුන්ගෙන් ඉහළම 20% අතරට පැමිණේ.
සිඩ්නි හි Nicole මේ වනවිට University of New South Wales හි ඉගැන්වීම පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හදාරමින් සිටී. ඇය පවසන්නේ ATAR ගණනය කරන ආකාරය තේරුම් ගැනීමට අපහසු විය හැකි අතර මෙය යම් දුරකට සංකීර්ණ වන බවයි.ATAR ප්‍රතිපල ලබා ගැනීමට, සුදුසුකම් ලත් සිසුන් online හරහා ලියාපදිංචි විය යුතුය. Paino පවසන්නේ 12 වසර සිසුන් සඳහා වන අයදුම්පත සංකීර්ණ නොවන බවයි. ඔවුන් අයදුම් කරන්නේ කුමන පාඨමාලා සඳහාද යන්න පිරවීම සහ ගාස්තු ගෙවීම මගින් ඔවුන්ට මේ සඳහා අයදුම් කල හැක.
The medium ATAR is usually around 70.00 out of 99.95. Source: Getty Images/MoMo Productions
විශ්ව විද්‍යාල සඳහා වන විකල්ප මාර්ග
Nicole පවසන පරිදි, අවසාන විභාග සඳහා සුදානම් වීම සහ උසස් පාසලෙන් උපාධිය ලබා ගැනීම යම් පීඩාකාරී තත්වයක් විය හැක. එය, තමන්ට හැකි ඉහළම ලකුණු ලබා ගැනීමට උත්සාහ කරන සිසුන්ට දැඩි ආතතියක්ද ගෙන දිය හැක.
නමුත් ඇතැම් විශ්ව විද්‍යාල විකල්ප මාර්ග ඉදිරිපත් කරන අතර, මේ සඳහා කලින් ඇතුළත් වීමේ ක්‍රම හෝ ඔබේ විශ්ව විද්‍යාලයේ පළමු වසර අවසානයේදී එක් විශ්ව විද්‍යාලයකින් තවත් විශ්ව විද්‍යාලයකට මාරු වීමේ ක්‍රම ඇතුලත් වේ.Nicole පෙන්වා දෙන්නේ සෑම දේ සඳහාම විකල්ප මාර්ග පවතින අතර, යම් සිසුවකු හට වෛද්‍ය විද්‍යාව හැදෑරීමට විශ්ව විද්‍යාලයට ඇතුළුවීමට ලකුණු අඩු වුවත් විද්‍යා උපාධිය හොඳින් හැදෑරීමකින් අනතුරුව වෛද්‍ය විද්‍යාව සඳහා වෙනත් විශ්වවිද්‍යාලයකට මාරු විය හැකි බවයි. එමෙන්ම කලා උපාධියක් හොඳින් සිදු කිරීමෙන් අනතුරුව නීති උපාධියක් සඳහා මාරු විය හැකි බවත් ඇය පවසයි.
To find out if applications for ATAR are open and how the scaling process will work for you, speak with the authority in your state or territory. Source: Getty Images/Hill Street Studios
එමෙන්ම ඇය අවසාන වශයෙන් අවධාරණය කොට සිටින්නේ තමන්ට මෙවැනි දේ වෙත පිවිසීම සඳහා හොදින් පර්යේෂණ සිදු කලයුතු අතර යමක් අවශ්‍ය නම් කිසිසේත්ම එය අත් නොහරින ලෙසයි.
දකුණු ඕස්ට්‍රේලියාව සහ නොදෙර්න් ටෙරිටරිය සඳහා වෙත පිවිසෙන්න.
ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට
SBS සිංහලගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
- ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
- අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
- SBS Radio APP (නොමිලේ Download කරගන්න