Highlights
- ඔස්ට්‍රේලියාව තුල සිටින ජාත්‍යන්තර සිසුන් තමන්ට ලැබෙන ඉදිරි තාවකාලික වීසා කාලය සුදුසු ලෙස භාවිත කිරීම සඳහා කුමක් කල යුතුද?
- ඕස්ට්‍රේලියාවෙන් පිටත සිටින ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීම සඳහා මේ වනවිට විශ්වවිද්‍යාල වැඩපිළිවෙල රැසක් සිදු කරමින් පවතින අතර ඒ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජයේ මතය
- මේ වනවිට තාවකාලික උපාධි වීසා මත සිටින පිරිස, පවතින අවිනිශ්චිත තත්වය මත තම වීසා කාලයෙන් ප්‍රයෝජන ලබාගැනීම සඳහා කෙලෙස කටයුතු කල යුතුද?
ඔස්ට්‍රේලියාව තුල සිටින ජාත්‍යන්තර සිසුන් තමන්ට ලැබෙන ඉදිරි තාවකාලික වීසා කාලය සුදුසු ලෙස භාවිත කිරීම සඳහා කුමක් කල යුතුද?
ඔස්ට්‍රේලියාව තුල ඉගෙනීම් කටයුතු අවසන් කල පිරිසට ඉන් අනතුරුව තාවකාලික උපාධි වීසා බලපත් (Temporary Graduate visa 485) යන වීසා ඛාණ්ඩය ඔස්සේ, ඔස්ට්‍රේලියානු රැකියා ක්ෂේස්ත්රයේ සිය රැකියා අත්දැකීම ලබාගැනීම සඳහා හැකියාව හිමි වන අතර ඒ ඔස්සේ ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමේ හැකියාව හිමි වේ.
Temporary Graduate visa වීසා කාණ්ඩය යටතේ Graduate Work stream සහ Post-Study Work stream වශයෙන් කොටස් දෙකක් පවතී.
Graduate Work stream ඔස්සේ, ඔස්ට්‍රේලියාවට අවශ්‍ය වෘත්තීන්ට අදාළ කුසලතා හා සුදුසුකම් සහිතව උපාධියක් ලබා ගත් ජාත්‍යන්තර සිසුන් සඳහා, තාවකාලිකව ඔස්ට්‍රේලියාව තුල ජීවත් වීම සඳහා හැකියාව පවතී. මෙම වීසා සාමාන්‍යයෙන් මාස 18ක පමණ කාලයක් සඳහා ලබා දේ.
Post-Study Work stream ඔස්සේ, ඔස්ට්‍රේලියානු අධ්‍යාපන ආයතනයකින් උපාධිය ලබා ගත් ජාත්‍යන්තර සිසුන් සඳහා තාවකාලිකව ඔස්ට්‍රේලියාව තුල ජීවත් වීම සඳහා හැකියාව පවතී. මෙම වීසා සාමාන්‍යයෙන් වසර 2 සිට 4 පමණ කාලයක් දක්වා ලබා දේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියාව තුල සිටින ජාත්‍යන්තර සිසුන් ඉගෙනීමෙන් පසු ලැබෙන මෙම තාවකාලික වීසා කාලය කෙලෙස භාවිත කල යුතුද යන අප නැගූ පැනයට පිළිතුරු දෙමින් සංජී කල්දේරා මහතා සඳහන් කොට සිටියේ, මෙම ජාත්‍යන්තර සිසුන් සිය අධ්‍යාපන කාලය අවසන් වූ වහාම හෝ ඊට පෙර සුදුසු සංක්‍රමණ නිලධාරීන් හමුවී තම ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීම සුදුසු බවයි.
ඔහු පෙන්වා දෙන්නේ මෙම උපදෙස් ලබාගැනීම සඳහා තාවකාලික වීසා ලැබීමෙන් යම් කාලයකට පසුව පෙළඹීම මගින් තමන්ට ලැබී ඇති තාවකාලික වීසා කාලය මදි වීමේ අවදානමක්ද මතුවිය හැකි බවයි.(Temporary Graduate visa 485) තාවකාලික වීසා ලබාගන්නා පිරිස සිය අධ්‍යාපන කටයුතු සිදු කල ක්ෂේස්ත්රයේ රැකියාවක් ලබාගැනීම සඳහා උත්සාහ කිරීම අනිවාර්ය කරුණක් වේ.
Source: Supplied by Sanji Caldera
එමෙන්ම රැකියා සඳහා අයදුම්පත් යොමු කිරීමේදී තමන් මෙට්‍රොපොලිටන් ප්‍රදේශයක සිටී නම් එම ප්‍රදේශයේ සහ ප්‍රාදේශීය ප්‍රදේශ වල රැකියා සඳහා සම සම ලෙස අයදුම් පත් යොමු කල යුතුය.මෙලෙස ප්‍රාදේශීය ප්‍රදේශ වල රැකියා සඳහා අයදුම් කිරීම ඔස්සේ රැකියා තරඟය අඩු වීම සහ සුදුසුකම් ලත් සේවකයින් එම ප්‍රදේශ වල අඩු වීම මත වාසි හිමි වන බව සංක්‍රමණ උපදේශක සංජී කල්දේරා මහතා SBS සිංහල සේවයට පැවසීය.
Source: Pixabay / naassomz1
කෙසේ නමුත් ඔහු අවධාරණය කොට සිටින්නේ තමන් ප්‍රාදේශීය ප්‍රදේශයකට යාමට තීරණය කරන්නේ නම් රැකියාවක් නොමැතිව එම ප්‍රදේශ වෙත යොමු වීම සිදු නොකරන ලෙසයි.
හැකි සෑම ප්‍රාදේශීය ප්‍රදේශයකම රැකියා සඳහා අයදුම් පත් යොමු කිරීමත් ඉන් අනතුරුව රැකියාව ලැබුනහොත් තමන් එම ප්‍රදේශ වෙත පැමිණීමට කැමති බව ඔවුනට පැවසීමත් මේ සඳහා පිලියමක් වශයෙන් සංජි මහතා පෙන්වා දෙයි.
ඕස්ට්‍රේලියාවෙන් පිටත සිටින ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීම සඳහා මේ වනවිට විශ්වවිද්‍යාල වැඩපිළිවෙල රැසක් සිදු කරමින් පවතින අතර ඒ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජයේ මතය
ඇතැම් විෂයන් හදාරන සිසුන් සඳහා ප්‍රායෝගික පුහුණු කටයුතු සිදු කිරීම අනිවාර්ය වන අතර මේ වන විට පවතින තත්වය මත ඔවුනගේ අධ්‍යාපන කටයුතු සඳහා දැඩි බාධා එල්ලව තිබේ. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල සහ අධ්‍යාපන ආයතන මෙම ජාත්‍යන්තර සිසුන් ඔස්ට්‍රේලියාවට ගෙන්වාගැනීම සඳහා ඕස්ට්‍රේලියානු රජය සමග සාකච්චා සිදු කරමින් සිටී.
කෙසේ නමුත් මේ වන විට ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට හැකියාව පවතිනුයේ ඕස්ට්‍රේලියානු ස්ථිර පදංචිකරුවන් හට, ඔස්ටේලියානු පුරවැසියන් හට සහ ව්‍යාපාර නවෝත්පාදන හා ආයෝජන වීසා (Subclass 188) කාණ්ඩය යටතේ පැමිණෙන පිරිස සඳහා පමණි.මේ සම්බන්ධයෙන් අදහස් පළකරමින් සන්ජි මහතා SBS සිංහල සේවයට සඳහන් කොට සිටියේ ඕස්ට්‍රේලියානු තාවකාලික වීසා හිමියන් සහ ජාත්‍යන්තර සිසුන් ඔස්ට්‍රේලියාවට ගෙන්වීම සඳහා අදාළ ආයතන රජය සමග සිදු කරන සකච්චවන්හි ප්‍රතිපලයක් වශයෙන් ඉතා ඉක්මනින් ඔවුනට ඔස්ට්‍රේලියාවට පැමිනීමට හැකි වෙතැයි බලාපොරොත්තු වන බවයි.
Source: Pixabay / Tumisu
මේ වනවිට (Temporary Graduate visa 485) වීසා කාණ්ඩය මත ඕස්ට්‍රේලියාවෙන් පිටත සිටින පිරිස සඳහා තම ක්ෂේස්ත්රයේ රැකියාවක් ඔස්ට්‍රේලියාව තුල සිදු කිරීමට නොහැකි වීම මත ඔවුනට බොහෝ අභියෝගයන් සඳහා මුහුණ දීමට සිදුවනු ඇති බවද සංජී මහතා පෙන්වා දෙයි.
මේ වනවිට තාවකාලික උපාධි වීසා මත සිටින පිරිස, පවතින අවිනිශ්චිත තත්වය මත තම වීසා කාලයෙන් ප්‍රයෝජන ලබාගැනීම සඳහා කෙලෙස කටයුතු කල යුතුද?
ඔස්ට්‍රේලියාව තුල පවතින වත්මන් තත්වය මත වීසා සඳහා අයදුම් කිරීමට සැපිරිය යුතු නිශ්චිත ලකුණු ප්‍රමාණය ලබා සිටින ඇතැම් පිරිස සඳහා සහ තම ක්ෂේස්ත්‍රය තුල අත්දැකීම් පවතින ඇතැම් පිරිස සඳහා තවමත් ආරාධනා පත්‍ර ලැබී නොමැත.
මේ සම්බන්ධයෙන් SBS සිංහල සේවයට අදහස් දක්වමින් සංක්‍රමණ උපදේශකවරයා අවධාරණය කොට සිටියේ, පවතින දැඩි අභියෝගාත්මක තත්වය මත අනුග්රහකයකු ඔස්සේ ස්ථිර පුරවැසිභාවය සඳහා යොමු වීම වඩාත් යෝග්‍ය වන බවයි.මෙලෙස අනුග්රාහකයකු හරහා වීසා ඉල්ලුම් කිරීම සඳහා ඔස්ට්‍රේලියාව තුල වීසා කාණ්ඩ රැසක් පවතී.
Source: Pixabay / StockSnap
මේ හේතුවෙන්, වත්මන් තත්වය මත අනුග්රාහකයකු හරහා වීසා අයදුම් කිරීම වඩාත් සුදුසු වන අතර මේ ඔස්සේ තමන් හට ආරාධනා පත්‍ර පැමිණෙන තුරු බලා සිටීමට සිදු නොවන බව සන්ජි මහතා පෙන්වා දෙයි.
මෙය යම්දුරකට අපහසු තත්වයක් බවට ඇතැම් පිරිසක් පැවසුවද, සංජී කල්දේරා මහතා අවසාන වශයෙන් තාවකාලික උපාධි වීසා හිමියන් වෙත සඳහන් කොට සිටියේ දක්ෂ සහ සුදුසු සේවකයින් හට අනුග්රහකතත්වයක් ලබා දීමේ අපේක්ෂාවෙන් බොහෝ ඕස්ට්‍රේලියානු සේවා යෝජකයින් සිටින අතර ඒ සඳහා හැකි උපරිමයෙන් කටයුතු කරන ලෙසයි.