Highlights
- ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය මධ්‍යස්ථානයක හෝ ප්‍රාදේශීය ප්‍රදේශයක අධ්‍යාපනය ලබන සහ ජීවත්වන ජාත්‍යන්තර සිසුන් හට දෙවන 485 වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කළ හැකිය.
- Melbourne, Sydney සහ Brisbane හැර සමස්ත ඕස්ට්‍රේලියාවම ප්‍රාදේශීය ඕස්ට්‍රේලියාව ලෙස සැලකේ
- 2020 වසරේ පෙබරවාරි සිට ඕස්ට්‍රේලියාවෙන් පිටත සිටින ජාත්‍යන්තර සිසුන් සඳහාද Post-study work visa සඳහා අයදුම් කල හැක
තාවකාලික උපාධි වීසා (485 ) කාණ්ඩය යනු
ඕස්ට්‍රේලියානු අධ්‍යාපන ආයතනයක් මගින් උපාධියක් ලැබූ ජාත්‍යන්තර සිසුන් හට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටිමින් සේවා පළපුරුද්ද ලබාගැනීම සඳහා ලබාදෙන වීසා කාණ්ඩයකි.
තාවකාලික උපාධි වීසා (485 ) ඉල්ලුම් කල හැක්කේ කා හටද?
ඕස්ට්‍රේලියානු අධ්‍යාපන ආයතනයක් මගින් සාමාන්‍ය උපාධිය, ශාස්ත්‍රපති හෝ ආචාර්ය උපාධිය සම්පුර්ණ කල පිරිස සඳහා එම උපාධිය අවසන් කොට මාස 6ක කාලයක් ඇතුලත මෙම වීසා කාණ්ඩය සඳහා අයදුම් කල හැක.
සිඩ්නි හි සංක්‍රමණ නියෝජිත Alice Wang පෙන්වා දෙන්නේ සාමාන්‍ය උපාධිය හෝ ශාස්ත්‍රපති උපාධිය අවසන් කල ජාත්‍යන්තර සිසුන් හට වසර 2ක කාලයක් සඳහා වීසා ලබාගත හැකි අතර අදාල පුද්ගලයා සම්පුර්ණ කරන ලද පාඨමාලාව අනුව මෙම කාලසීමාව වැඩි විය හැකි බවයි.එමෙන්ම පර්යේෂණ මගින් වූ ශාස්ත්‍රපති උපාධියක් (Master degree by research) සම්පූර්ණ කළහොත් එම ජාත්‍යන්තර සිසුන් සඳහා වසර 3ක කාලයක් දක්වා මෙම වීසා ලබා දීම සිදුවන අතර ආචාර්ය උපාධියක් සම්පුර්ණ කළහොත් එම ජාත්‍යන්තර සිසුන් සඳහා වසර 4ක කාලයක් දක්වා මෙම වීසා ලබා දීම සිදු වන බවද Alice Wang සඳහන් කොට සිටී.
Source: Getty Images
ප්‍රාදේශීය ප්‍රදේශයන්හි ජාත්‍යන්තර සිසුන් සඳහා වැඩි කලසීමාවක්
ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව මගින් සිදු කල වෙනස්කම් වලට අනුව ප්‍රාදේශීය ප්‍රදේශයන්හි සිටින ජාත්‍යන්තර සිසුන් සඳහා, ඔවුන්ගේ සාමාන්‍ය උපාධිය හෝ ශාස්ත්‍රපති උපාධිය මත පදනම්ව තාවකාලික උපාධි වීසා (485) කාණ්ඩය තුල වසර 4ක කාලයක් රැඳී සිටිය හැකි වේ. මෙය ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශීය ප්‍රදේශයන්හි වෙසෙන ජාත්‍යන්තර සිසුන් සඳහා කෙරෙන දිරිගැන්වීමක් ලෙස සැලකේ.
මෙම වෙනස්කම් ඔස්සේ Post-Study Work stream හරහා දෙවන වීසා බලපත්රයක්ද නිකුත් කෙරේ. ඒ සඳහා සුදුසුකම් ලැබීමට, අයදුම්කරු ඕස්ට්‍රේලියානු ප්‍රාදේශීය අධ්‍යාපන ආයතනයකින් සිය අධ්‍යාපනය සම්පුර්ණ කිරීම සහ දෙවන වීසා බලපත්‍රය සඳහා අයදුම් කිරීමේදී ප්‍රාදේශීය ප්‍රදේශයක වාසය කිරීම අනිවාර්ය වේ.Neil Consultancy හි සංක්‍රමණික නියෝජිත Niraj Shrestha සඳහන් කොට සිටින්නේ, තම සේවා දායකයින් බොහෝ විට නේපාලය, බංග්ලාදේශය, ඉන්දියාව සහ පාකිස්තානය යන රටවලින් පැමිණෙන අතර ඔවුන් ඕස්ට්‍රේලියානු ප්‍රාදේශීය ප්‍රදේශයන්හි අධ්‍යාපනය ලැබීම පිළිබඳව අවධානය යොමු කරන බවයි.
Source: Getty Images
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ 2021 වසරේ ජනවාරි මස සිට ප්‍රාදේශීය ප්‍රදේශයක අඛණ්ඩව වාසය කල පිරිස සඳහා දෙවන 485 වීසා බලපත්‍රය සඳහා ඉල්ලුම් කල හැකි බවයි.
ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශ යනු කුමක්ද?
Melbourne, Sydney සහ Brisbane හැර සමස්ත ඕස්ට්‍රේලියාවම ප්‍රාදේශීය ඕස්ට්‍රේලියාව ලෙස සැලකේ.
දෙවන 485 වීසා බලපත්‍රය සඳහා මෙම ප්‍රාදේශීය ප්‍රදේශ "ප්‍රාදේශීය මධ්‍යස්ථාන" සහ "වෙනත් ප්‍රාදේශීය ප්‍රදේශ" ලෙස බෙදා තිබේ.
Alice Wang සඳහන් කොට සිටින්නේ Adelaide, Perth සහ Canberra වැනි ප්‍රාදේශීය මධ්‍යස්ථාන වල ඉගෙනුම ලබා එහි ජීවත්වන ජාත්‍යාන්තර සිසුන් සඳහා දෙවන 485 වීසා බලපත්‍රය ඔස්සේ වසර 2ක අමතර කාලයක් ලබාගත හැකි බවයි. එමෙන්ම Wollongong, Newcastle, Geelong සහ Hobart ද ප්‍රාදේශීය මධ්‍යස්ථාන ලෙස සැලකේ.
Representational image of an international student in Australia. Source: Getty Images
COVID-19 සහන
ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව මගින් 485 වීසා කාණ්ඩයේ සිදු කල නවතම සංශෝධන මාලාවට පෙර, 485 වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කල හැකි වුයේ ඕස්ට්‍රෙලියාව තුල සිටියදී පමණි. මේ ඔස්සේ කොරෝනා වසන්ගතයත් සමග ඕස්ට්‍රේලියාවට නැවත පැමිණීමට නොහැකිව රටින් පිටත සිටි ජාත්‍යන්තර සිසුන් දහස් ගණනකට මේ සඳහා අයදුම් කිරීමට නොහැකි විය.
ඊට සහනයක් වශයෙන් ඕස්ට්‍රේලියාවට නැවත පැමිණීමට නොහැකිව රටින් පිටත සිටි ජාත්‍යන්තර සිසුන් සඳහා 485 වීසා බලපත්‍රය අයදුම් කිරීමට අවසර ලබාදී තිබේ.
මෙම සහන 485 වීසා කාණ්ඩයේ පවතින, මාස 18ක කාලයක් සඳහා 485 වීසා ලබාදෙන Graduate Work Stream සඳහා ද බලපැවැත්වේ. මේ සඳහා අයදුම් කිරීමට නිපුණතා රැකියා ලයිස්තුවේ (skilled occupation list) වෘත්තියක් නම් කලයුතු අතර නිපුණතා තක්සේරුවක් (skills assessment) ලබාගතයුතු වේ.
තාවකාලික උපාධි වීසා බලපත්‍රය පිළිබඳ වැඩි විස්තර සඳහා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ පිවිසෙන්න. නැතහොත් ලියාපදිංචි සංක්‍රමණික නියෝජිතයෙකු අමතන්න.