ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් තවත් නව කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හමුවී තිබේ.
ඒ අනුව පසුගිය දෙසැම්බර් 30 වන දා සිට මේ දක්වා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් හමුවූ ආසාදිතයින් සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම විදෙස් රටවල සිට පැමිණ මෙල්බර්න් නුවර හෝටල් නිරෝධායනයේ නියුතු පිරිසෙන් 12 දෙනෙකුට ද වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 36 කි.