ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නොමැත.
ඒ අනුව සතියකට පසුව වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවූ ප්‍රථම අවස්ථාව මෙය ලෙසද සටහන් වේ.
එමෙන්ම ගතවූ පැය 24 තුළ විදෙස් රටවල සිට වික්ටෝරියානු ප්‍රාන්තයට පැමිණි කිසිවෙකුට හෝ වයිරසය ආසාදනය වී නොමැති බවද වාර්තා වේ.
ඒ අනුව අද වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 38 කි.