ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හදාරන ජාත්‍යන්තර සිසුන්ගෙන් 40% කට වඩා තම පාඨ මාලා හැදෑරීම කල් දැමීමට කැමති බව ප්‍රකාශ කර තිබේ.
කොරෝනා වසංගතය හේතුවෙන් 100% ක්ම විශ්ව විද්‍යාල තුළදී තම පාඨ මාලා හැදෑරීමට නොහැකිවීම සම්බන්ධයෙන් සිදුකළ නවතම සමීක්ෂණයකින් මේ බව හෙළිවී ඇත.
Highlights
- පසුගිය වසරේ මාර්තු මාසයේදී ඔස්ට්‍රේලියානු දේශ සීමා වසා දැමීමත් සමග බොහෝ ජාත්‍යන්තර සිසුන්ට ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට අවසර නොලැබුණි.
- විශ්ව විද්‍යාල තුළ යළි මුහුණට මුහුණ අධ්‍යන කටයුතු සම්පූර්ණයෙන් ආරම්භ වන තෙක් තමාගේ පාඨ මාලාව කල් දැමීමට කැමති බව මෙම සමීක්ෂණයේදී ජාත්‍යන්තර සිසුන්ගෙන් 43% ක් පවසා ඇත.
- විශ්ව විද්‍යාල වලට ලියාපදිංචි වන ජාත්‍යන්තර සිසුන් ගේ සංඛ්‍යාව සාපේක්ෂව 12% කින් පහත වැටී ඇත.
Online අධ්‍යාපනයට මනාපද?
කොරෝනා වසංගතය පැමිණීමත් සමග ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන Online අධ්‍යාපන ක්‍රමයට පිවිස තිබේ.
මෙම Online අධ්‍යාපන ක්‍රමය පිළිබඳ ජාත්‍යන්තර සිසුන්ගේ මතය දැනගැනීම සඳහා පසුගියදා සමීක්ෂණයක් සිදු කෙරුණි.
තම පාඨ මාලාව සම්පූර්ණයෙන් Online ක්‍රමයට සිදුවුවද තමා එම අධ්‍යන කටයුතු සිදු කරගෙන යාමට කැමති බව එයට සහභාගී වූ ජාත්‍යන්තර සිසුන්ගෙන් 7% ක් පමණක් කියා තිබේ.
නමුත් විශ්ව විද්‍යාල තුළ යළි මුහුණට මුහුණ අධ්‍යන කටයුතු සම්පූර්ණයෙන් ආරම්භ වන තෙක් තමාගේ පාඨ මාලාව කල් දැමීමට කැමති බව අදාළ සමීක්ෂණයේදී ජාත්‍යන්තර සිසුන්ගෙන් 43% ක් පවසා ඇත.
ජාත්‍යන්තර සිසුන් 6,000 කට අධික සංඛ්‍යාවක් යොදාගෙන සිදුකළ මෙම සමීක්ෂණය IDP Connect ආයතනය විසින් සිදුකර තිබේ.
මේ අතර මුහුණට මුහුණලා ඉගෙනීමට මාරුවිය හැකි නම් Online ක්‍රමයට අධ්‍යාපනය ආරම්භ කිරීමට කැමැත්තෙන් සිටින බව සමීක්ෂණයට සහභාගී වූ 38% ක පිරිසක් කියා සිටියේය.
එමෙන්ම තවත් 11% ක පිරිසක් මේ වන විටත් කිසිදු තීරණයක් ගෙන නොමැති බවද දැනුම් දුන්නේය.
Applications for Australia Awards Scholarships will open from next week Source: Getty Images/urbazon
ජාත්‍යන්තර සිසුන්ට සිදුවූ කොවිඩ් බලපෑම
කොරෝනා වසංගතය ඔස්ට්‍රේලියාව තුළ පාලනය කිරීම සඳහා පසුගිය වසරේ මාර්තු මාසයේදී ඔස්ට්‍රේලියානු දේශ සීමා වසා දැමීමත් සමග බොහෝ ජාත්‍යන්තර සිසුන්ට ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට අවසර නොලැබුණි.
මේ තත්ත්වය මත විශ්ව විද්‍යාල වලට ලියාපදිංචි වන ජාත්‍යන්තර සිසුන් ගේ සංඛ්‍යාව සාපේක්ෂව 12% කින් පහත වැටී ඇති බව පසුගිය පෙබරවාරි මාසයේ දත්ත සලකා බලා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.
බොහෝ ජාත්‍යන්තර සිසුන් තම උසස් අධ්‍යාපන කටයුතු නොකඩවා කරගෙන යාමට උනන්දුවක් දක්වන නමුත් තමන් ගෙවූ මුදලට online අධ්‍යාපනය ප්‍රමාණවත් නොවන්නේ යයි ඔවුන් සිතන බව ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්ගේ සභාවේ ජාතික ලේකම් Kevin Tanaya පැවසීය.
"කාලයත් සමග බොහෝ සිසුන් සඳහා ඔවුන් වෙනත් විකල්ප සලකා බැලීමට පටන් අරගෙන, එහිදී online අධ්‍යාපනය විකල්පයක් නොවන බව සිසුන් විශ්වාස කරනවා." යනුවෙන් Kevin Tanaya, SBS පුවත් වෙත පැවසීය.
ඔස්ට්‍රේලියාවේ, කැනඩාවේ, නවසීලන්තයේ, එක්සත් රාජධානියේ සහ ඇමෙරිකාවේ උසස් අධ්‍යාපනය ලැබීම පිළිබඳ ජාත්‍යන්තර සිසුන්ගේ චිත්‍රය පිළිබඳ මෙම සමීක්ෂණයෙන් මැන බැලීම තවත් එක් අරමුණක් විය.
2020 ඔක්තෝබර් සිට අදාළ රටවල උසස් අධ්‍යාපනය පිළිබඳ ජාත්‍යන්තර සිසුන්ගේ විශ්වාසය 5% කින් පහත වැටී ඇති බව එහිදී පෙන්නුම් කෙරිණි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
ජාත්‍යන්තර සිසුන්ට පැහැදිලි කිරීමක් කළ යුතුයි
තමන් විශ්ව විද්‍යාල තුළ අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්නේ කෙදිනද යන්න සහ කෙසේද යන්න පිළිබඳ මාර්ගෝපදේශ ජාත්‍යන්තර සිසුන්ට ඉදිරිපත් කළ යුතු බව IDP Education ආයතනයේ ප්‍රධාන විධායක Andrew Barkla පැවසුවේය.
"නිරෝධායනය වීමට සහ කොරෝනා එන්නත ලබාගැනීමට ජාත්‍යන්තර සිසුන් උනන්දුවක් දක්වන බවද ඔහු පැවසීය.
විශේෂ නිරෝධායන ක්‍රියාවලියකට යටත්ව යම් සීමාවක් සහිතව ජාත්‍යන්තර සිසුන්ව ගෙන්වා ගැනීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය පසුගියදා යෝජනාවක් මධ්‍යම රජයට ඉදිරිපත් කළේය.
වික්ටෝරියානු ප්‍රාන්තය මෙන් අනෙක් ප්‍රාන්ත ද ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීමට යම් වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බව ජාත්‍යන්තර සිසුන්ගේ සභාවේ ජාතික ලේකම් Kevin Tanaya පැවසීය.
ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සිසුන් නිරෝධායනය කිරීමේදී ඒ සඳහා යන වියදම දැරීමට යම් සහයක් ඔවුන්ගෙන් බහුතරයක් අපේක්ෂා කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
මේ අතර ඔස්ට්‍රේලියානු දේශසීමා වසා දැමීමෙන් පීඩාවට පත් ජාත්‍යන්තර අධ්‍යාපන සැපයුම්කරුවන්ට ආධාර කිරීම සඳහා මොරිසන් රජය ඩොලර් මිලියන 53 කට වැඩි මුදලක් ලබාදීමට පසුගිය සිකුරාදා (30/04) පොරොන්දු විය
ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල සඳහා ජාත්‍යන්තර සිසුන්ගේ ලියාපදිංචිය 12% කින්ද විශ්ව විද්‍යාල නොවන උසස් අධ්‍යාපන ආයතන සඳහා ලියාපදිංචිය 17% කින්ද පහත බැස ඇති බව පසුගිය පෙබරවාරි මාසයේ දත්ත පෙන්වා දෙයි.
එමෙන්ම ඉංග්‍රීසි භාෂාව උගන්වන ආයතන වල ජාත්‍යන්තර සිසුන්ගේ ලියාපදිංචිය 67% කින් අඩුවී තිබේ.