ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් නායිකා චමරි අතපත්තු, මේ දිනවල ඕස්ට්‍රේලියාවේ Women's Big Bash League සඳහා Sydney Thunder කණ්ඩායම යටතේ ක්‍රීඩා කරමින් සිටී.
චමරි අතපත්තු ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ 10 වැනි නායිකාව වශයෙන් මේ වනවිට කටයුතු කරන අතර ඇයගේ දක්ෂතා හේතුවෙන් චමරි අතපත්තු මේ වනවිටත් සම්මාන රැසකට පත්‍ර වී තිබේ.
එමෙන්ම ඇය ශ්‍රී ලංකා කණ්ඩායමෙන් පිටත franchise cricket හෙවත් ව්‍යාපාරික අරමුණු සඳහා සිදු කරන තරඟ සඳහා සහභාගී වන එකම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩිකාවද වේ.
SBS සිංහල සේවය Women's Big Bash League සඳහා චමරි සහභාගී වී සිටින අතරතුරදී ඇයව සාකච්ඡාවකට සම්බන්ද කරගැනීමට සමත්වුනා. පහතින් දැක්වෙන්නේ SBS සිංහල සේවයේ දිනේෂා දිල්රුක්ෂි විජේසූරිය සහ චමරි අතපත්තු අතර සිදුවුනු සාකච්චාවයි.
————————————————————————————————————————————————————————
මෙවර පැවැත්වෙන BBL හෙවත් Big Bash League තරඟාවලිය සම්බන්ධයෙන් ඔබේ තිබෙන අත්දැකීම කුමක්ද?
ඇත්තටම WBBL Auction එකේදී කිසිම කණ්ඩායමක් මාව තෝරාගත්තේ නැහැ, ඉතින් මම හිතුවේ නැහැ මේ අවස්ථාව මට ලැබේවි කියලා.
මම හොඳටම ක්‍රීඩා කරද්දීත් ඒ අය මාව තෝරා නොගැනීම ගැන ඒ වෙලාවේ මට කණගාටුවක් ඇති වුනා.
හැබැයි මම හිතුව මට අවස්ථාවක් ලැබුනොත් මගේ දක්ෂතා හොඳටම පෙන්නනවා කියලත්.
Sydney Thunder කණ්ඩායම මාව අමතර ක්‍රීඩිකාවක් විදියට තමයි මුලින්ම තෝරාගත්තේ.
නමුත් පලවෙනි තරගයේදී අපේ කණ්ඩායමේ දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාව අසනීප තත්වයක් නිසා ක්‍රීඩා කලේ නැහැ, ඒ නිසා මට අවස්ථාවක් ලැබුනා ඒ තරඟයට සහභාගී වෙන්න.
මම අමතර ක්‍රීඩිකාවක් වුනත් ඒ තරඟයේදී මම හොඳින් දක්ෂතා දැක්වුව නිසාම මම ඒ තරඟයේ හොඳම ක්‍රීඩිකාව වුනා.
Chamari Atapattu of Sri Lanka celibates scoring a century during the Cricket T20 International Game One between Australia Women and Sri Lanka Women at North Sydney Oval in Sydney, Sunday, September 29, 2019. (AAP Image/Craig Golding) NO ARCHIVING, EDITORIAL USE ONLY, IMAGES TO BE USED FOR NEWS REPORTING PURPOSES ONLY, NO COMMERCIAL USE WHATSOEVER, NO USE IN BOOKS WITHOUT PRIOR WRITTEN CONSENT FROM AAP Source: AAP / CRAIG GOLDING/AAPIMAGE
ඒ නිසා මට ඊළඟ තරඟයටත් සහභාගී වෙන්න අවස්ථාව ලැබුනා.
දෙවෙනි තරඟයේදී මම ලකුණු 80ක් ලබාගෙන එක් කඩුල්ලක් දවාගත්ත නිසා මම ඒ තරඟයේත් හොඳම ක්‍රීඩිකාව වුනා.
දැන් මම නිත්‍ය ක්‍රීඩිකාවක් විදියට මේ තරඟාවලිය පුරා Sydney Thunder කණ්ඩායට ක්‍රීඩා කරනවා.
මම සතුටු වෙනවා ශ්‍රී ලංකික ක්‍රීඩිකාවක් විදියට මේ තරඟයට සහභාගී වෙන්න ලැබුන එක ගැන, මොකද මම මෙහේ franchise cricket තරඟ වලට සහභාගී වුනත් මම ලංකාව නියෝජනය කරනවා හා සමානයි.
Sydney Thunder කණ්ඩායම ගැන බැලුවම, මේ කණ්ඩායම මාව හොඳින් බලාගන්නවා, කණ්ඩායම් නායිකාව වගේම කණ්ඩායම් පුහුණුකාරිනියත් මට ලොකු සහයෝගයක් ලබා දෙනවා.
හොඳම පිතිකාරිනිය වශයෙන් සහ සැප්තැම්බර් මාසයේ හොඳම ක්‍රීඩිකාව වශයෙන් ඔබව ICC ය මගින් හඳුනාගෙන තිබුනා, ඔබ මෙතරම් දක්ෂතා පෙන්වද්දීත් මෙවර ඔබව WBBL තරඟාවලිය සඳහා තෝරා නොගැනීම ගැන ඔබට මොනවද හිතෙන්නේ
මට WBBL එක විතරක් නෙමෙයි, IPL තරඟාවලිය සහ එංගලන්තයේ 100 ball League කියන තරඟාවලි දෙකම ගිලිහුනා.
කොහොම නමුත් මේ WBBL තරඟාවලියට අමතර ක්‍රීඩිකාවක් විදියට මට එන්න ලැබුනා.
මේ කිසි දෙයක් ගැන මට දුකක් ඇතිවෙන්නේ නැහැ මොකද මම මගේ රට වෙනුවෙන් උපරිමයෙන් ක්‍රීඩා කරනවා.
මට එක්දින ලෝක ශ්‍රේණිගතකිරීම් වල ලොව අංක 1 ක්‍රීඩිකාව වෙන්න හැකියාව ලැබුනා. ඒ වගේම මේ මාසයේත් හොඳම ක්‍රීඩිකාව වශයෙන් නම් කෙරුනා.
මම ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳින් ජයග්‍රහණ කරා පහුගිය කාලය පුරාම රැගෙන ගියා, ඉතිහාසයේ පළමු වරට එක්දින තරඟයකදී නවසීලන්ත කණ්ඩායම පරාජයට පත් කරන්නත් අපට හැකියාව ලැබුනා. ඒ වගේම T20 තරඟයකිනුත් ඔවුන්ව පරාජයට පත් කලා.
ඒ වගේම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එංගලන්තයේදී එංගලන්ත කණ්ඩායම පරාජයට පත් කළා.
මේ හැම තරඟයකදීම මම තරඟයේ සහ තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවටත් පත් වුනා.
ඒ වගේම මට ලැබුණු League තරඟ වලත් මම තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව සහ වැඩිම ලකුණු ලාභිනිය වුනා.
මේ හැම දක්ෂතාවයක්ම තිබුනත්, IPL තරඟාවලිය සහ එංගලන්තයේ 100 ball League කියන තරඟාවලි වලදී මාව තෝරාගත්තේ නැහැ. කොහොම වුනත් මට දුකක් නැහැ, මට හැමදෙයක්ම පාලනය කරන්න බැහැනේ.
League තරඟ වලට සහභාගී වීමෙන් ඔබ මොනවගේ අත්දැකීම්ද ලබාගන්නේ? ඒ වගේම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට මොනවගේ අත්දැකීම්ද ඔබෙන් ලැබෙන්නේ
League තරඟ වලදී ගොඩක් සල්ලි ලැබෙනවා කියල ගොඩක් අය කියනවා, එකේ මුල්‍යමය වටිනාවක පමණයි ගොඩක් දෙනා හිතන්නේ.
නමුත් ඊට එහා ගිය දෙයක් මෙතන තියෙනවා.
මෙවැනි තරඟාවලි අතරතුර විශේෂයෙන්ම විවිධ රටවල විවිධ සමාජ මට්ටම් වල දක්ෂ ක්‍රීඩිකාවන් එක්ක කතා කරන්න අදහස් හුවමාරු කරගන්න අපට අවස්ථාව ලැබෙනවා.
ඒ වගේම ඔවුන්ගේ අත්දැකීම් අපට දැනගන්නත් අපි දන්නා දේවල් ඔවුන් සමග කතා බහ කරන්නත් හොඳ අවස්ථාවක් ලැබෙනවා.
———————————————————————————————————————————————————————-
ඩිජිටල ් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Audio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
——————————————————————————————————————————————————————-
මට විශේෂයෙන්ම මේ ඔස්සේ ලබාගන්න අත්දැකීම් සහ දැනුම බෙදාහදාගන්න හැකියාවක් තියෙනවා අපේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමත් එක්ක.
මුදල් ලැබෙනවා තමයි නමුත් එත් එක්කම අපට ගොඩක් දේවල් අපේ ක්‍රීඩාව සම්බන්ධයෙන් ඉගෙන ගන්න පුළුවන්.
ඔබට මෙවැනි ආකාරයට විවිධ League තරඟ වලට ක්‍රීඩා කලත්, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සෙසු සාමාජිකාවන් මෙවැනි තරඟ වලට සහභාගී නොවන්නේ ඇයි? කණ්ඩායම් නායිකාව වශයෙන් මේ සම්බන්ධයෙන් ඔබේ මතය කුමක්ද?
ඇත්තටම මෙවැනි League තරඟ සඳහා ඔවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විවිධාකාරයෙන් තේරීම සිදු කරනවා. ඒවා අපට පාලනය කරන්න බැහැ.
අපි ක්‍රීඩා කරන්නන් වශයෙන් අඛණ්ඩව අපේ දක්ෂතා පෙන්වීම ඉතාමත් වැදගත් වෙනවා කියල තමයි මම හිතන්නේ.
ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් ඇතැම් අවස්ථා වලදී හොඳ දක්ෂතා පෙන්වුවත් ඇතැම් අවස්ථා තියෙනවා දක්ෂතා නොපෙන්වන. මම හිතන්නේ මේක තමයි ප්‍රධානතම හේතුව අපිව මගහැරෙන්න.
මම පෞද්ගලිකව අඛණ්ඩව දක්ෂතා පෙන්වලත්, ලොව අංක 1 ක්‍රීඩිකාව වෙලත් මට අවස්ථාව නොලැබුණු තැන් තියෙනවා, මට හිතෙන්නේ මේකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා.
කොහොම නමුත් දක්ෂ ක්‍රීඩිකාවන් රැසක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්නවා, ඉතින් මම හිතනවා අනාගතයේදී ඔවුන්ට අවස්ථාව ලැබෙයි කියලා.
ඒ වගේම මම හිතන්නේ තරඟ වලට ක්‍රීඩා කරද්දී, රට ගැන හිතල ඒ වෙනුවෙන් තරඟ කිරීම තමයි වැදගත් වෙන්නේ.
මෙවැනි ආකාරයට League තරඟ සඳහා ලාංකික ක්‍රීඩිකාවන් සහ විශේෂයෙන්ම ඇතැම් තරඟ සඳහා ඔබ තෝරා නොගැනීම සම්බන්ධයෙන් ඔබ සිතන්නේ කුමක්ද?
මම හිතන්නේ ගොඩක් වෙලාවට ඔවුන් ආසියානු කණ්ඩායම් කෙරෙහි අවධානයක් යොමු කරනවා අඩුයි කියල. විශේෂයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට.
කොහොම නමුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෑත කාලීනව තමයි ගොඩක් දක්ෂතා පෙන්නුම් කලේ, ඉතින් ඒක ලොකු හේතුවක් වෙන්න ඇති කියලත් මම හිතනවා.
ප්‍රධානවම ඉන්දීය ක්‍රීඩිකාවන් තමයි මෙවැනි League තරඟ සඳහා ක්‍රීඩා කරන්නේ, ශ්‍රී ලංකාවෙන් මම විතරයි ඒ වගේම බංගලාදේශය, පාකිස්ථානය වගේ රටවල් ක්‍රීඩා කරන්නේ නැහැ.
එංගලන්තය සංවිධානය කරන League තරඟ වලදී ඔවුන් ප්‍රධාන තැනක් දෙන්නේ, ඕස්ට්‍රේලියානු, ඉන්දියානු, දකුණු අප්‍රිකානු, බටහිර ඉන්දීය කොදෙව් සහ නවසීලන්ත ක්‍රීඩිකාවන්ට.
Chamari Atapattu of Sri Lanka bats during the Cricket T20 International Game Two between Australia Women and Sri Lanka Women at North Sydney Oval in Sydney, Monday, September 30, 2019. (AAP Image/Craig Golding) NO ARCHIVING, EDITORIAL USE ONLY, IMAGES TO BE USED FOR NEWS REPORTING PURPOSES ONLY, NO COMMERCIAL USE WHATSOEVER, NO USE IN BOOKS WITHOUT PRIOR WRITTEN CONSENT FROM AAP Source: AAP / CRAIG GOLDING/AAPIMAGE
මේ තරඟාවලිය ගත්තොත්, මේ තරඟ සඳහා ක්‍රීඩා කරන්නේ මමයි බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිලේ නායිකාවයි ඉන්දීය කණ්ඩායමේ නායිකාවයි.
අපි තුන්දෙනා විතරයි මේ තරඟාවලියේ අපේ පාටින් ඉන්න ක්‍රීඩිකාවෝ, අනික් හැම ක්‍රීඩිකාවක්ම සුදු අය.එතන පොඩි ගැටළුවක් තියෙනවා. නමුත් මම කැමති නැහැ ඒ ගැන කතා කරන්න.
කොහොම වුනත් අඛණ්ඩව අපි දක්ෂතා දැක්වුවොත් අපට පුළුවන් මේ මතය වෙනස් කරන්න.
ක්‍රිකට් සම්බන්ධයෙන් ගත් විට ශ්‍රී ලංකාව සමග සැසඳීමේදී, ඕස්ට්‍රේලියාවෙන් මොනවගේ තාක්ෂණයක් මේ සඳහා භාවිත කරනවාද
මේ WBBL තරඟාවලිය තමයි ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම League තරඟාවලිය. මේකට ලොකුම හේතුවක් තමයි ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ගේ තිබෙන දක්ෂකම වගේම ඔවුන් තාක්ෂණය මේ සඳහා හොඳින් භාවිත කිරීම.
සෑම ක්‍රීඩිකාවකටම හොඳින් පහසුකම් සපයනවා, ඒ වගේම ක්‍රීඩිකාවන්ගේ වැඩකටයුතු කළමනාකරණය කරගන්න හොඳ තාක්ෂණික සහයක් ලබාදෙනවා.
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර මේ තාක්ෂණික පහසුකම් සසඳද්දී, ශ්‍රී ලංකාව ඉන්නේ ගොඩක් පසුපසින්, නමුත් තාක්ෂණික පහසුකම් එහෙම වුනත් අපේ ලාංකික ක්‍රීඩිකාවන් දක්ෂතා අතින් ගොඩක් ඉදිරියෙන් සිටිනවා.
මේ වනවිට ඔබ ක්‍රීඩා කරන Sydney Thunder කණ්ඩායම් නායිකාව වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම මින් කලින් පැවැත්වුන තරඟ වලදී පරාජයට පත් කල එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව වන Heather Knight, ඉතින් මේ තරඟාවලියේදී ඇයත් සමග තිබෙන සඹඳතාවය කෙසේද?
අපි බොහෝ කලක් තිස්සේ දන්නා නිසා, එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නායිකාව Heather සහ මා අතර හොඳ සඹඳතාවයක් තිබෙනවා.
රටවල් වශයෙන් ක්‍රීඩා කරද්දී අපි ඔවුන්ව පරාජයට පත් කලත් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ඉතාමත් සුහදශීලි කණ්ඩායමක්.
ඒ වගේම විශේෂයෙන්ම එංගලන්ත නායිකාව අත්දැකීම් බහුල නායිකාවක් සහ ඉතා සුහදශීලි ක්‍රීඩිකාවක්.
ඇය මේ තරඟාවලියේදී හොඳ සහායක් මට ලබා දෙනවා, ඒ වගේම ඇතැම් අවස්ථා වලදී මම කියන දේවල් වලටත් හොඳින් ඇහුම්කන් දෙනවා.
මට පෞද්ගලිකව ඇගේ නායකත්වය යටතේ ක්‍රීඩා කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා.
ඔබට මේ Women's Big Bash League තරඟාවලිය පුරා ඔබේ නිසි දක්ෂතා පෙන්වීමට ඕස්ට්‍රේලියානු පසුබිම, තාක්ෂණය සහ උපක්‍රම කොයි ආකාරයෙන් දායක වුනාද?
ඕස්ට්‍රේලියාවේ තිබෙන ක්‍රිකට් තණතිලි ඉතා හොඳ මට්ටමක තිබෙනවා, පිතිකරණයට ඉතා යෝග්‍ය තණතිලි මේ තරඟාවලියේදී අපට ලැබිල තියෙනවා.
විශේෂයෙන්ම North Sydney වල තියෙන තණතිල්ල සහ Cricket Central එකේ තිබෙන තණතිල්ල ගොඩක් හොඳයි කියල මට කියන්න පුළුවන්.
Erin Burns and Beth Mooney of Australia shake hands with Chamari Atapattu of Sri Lanka at the end of the Cricket T20 International Game Two between Australia Women and Sri Lanka Women at North Sydney Oval in Sydney, Monday, September 30, 2019. (AAP Image/Craig Golding) NO ARCHIVING, EDITORIAL USE ONLY, IMAGES TO BE USED FOR NEWS REPORTING PURPOSES ONLY, NO COMMERCIAL USE WHATSOEVER, NO USE IN BOOKS WITHOUT PRIOR WRITTEN CONSENT FROM AAP Source: AAP / CRAIG GOLDING/AAPIMAGE
මම ශ්‍රී ලංකා කණ්ඩායමත් සමග ක්‍රීඩා කරද්දීත් මේ North Sydney වල තියෙන ක්‍රීඩාංගනයේදී හොඳින් ලකුණු ලබාගත්තා, Sydney Thunder කණ්ඩායම එක්ක එකතු වෙද්දීත් ඒක ලොකු හේතුවක් වුනා.
ක්‍රීඩා තාක්ෂණය බලද්දී, අනෙක් පන්දු යවන්නන් ගැන නිසි ආකාරයට විශ්ලේෂණය කරන එක ඉතාමත් වැදගත්.
ඔස්ට්‍රේලියාව ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන විශ්ලේෂණය කරන්න වගේම recovery වලටත් තාක්ෂනය හොඳින් භාවිත කරනවා කියල මම දැක්කා.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතා බොහෝ දුරට ඔබ මත රැඳී තිබෙන්නේ, කාන්තා ක්‍රිකට් නායිකාව වශයෙන් ඔබට මේ සම්බන්ධයෙන් තිබෙන හැඟීම සහ ඉදිරි සැලසුම් මොනවද?
මම ඇත්තෙන්ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පැමිණිලා මාස 6ක් හෝ එක් වසරක් පමණ තමයි සැහැල්ලුවෙන් ක්‍රීඩා කලේ. ඊට පස්සේ මට ලොකු වගකීමක් පැවරුණා.
කණ්ඩායමේ පිතිකරණය ගැන තියෙන වගකීම ගොඩක් මට තියෙනවා.
පහුගිය වසර ගැන බලද්දී බොහොමයක් ධනාත්මක කරුණු මම දකිනවා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තුල,
හර්ෂිකා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, කවීෂා දිල්හාරි වැනි තරුණ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් ඉතා හොඳින් ක්‍රීඩා කරනවා සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක් වශයෙන් නිලක්ෂි සිල්වා ලකුණු අතර ඉන්නවා කියල මම දකිනවා.
ඒ වගේම හොඳ ජ්‍යෙෂ්ඨ පන්දු යවන්නියන් පිරිසකුත් කණ්ඩායමේ සිටිනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙනුත් මේ වනවිට මේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් පියවර රැසක් ගෙන තිබෙනවා.
ක්‍රීඩිකාවන් 60 දෙනෙකු මේ වෙද්දී ඔවුන් හඳුනාගෙන තියෙනවා ශ්‍රී ලංකාවෙන්.
විශේෂයෙන්ම ක්‍රීඩිකාවන්ගේ වැටුප් ඉහල දැමීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සිදු කළා.
මේ දිරිගැන්වීම් එක්ක ඉදිරියේදී ඉතා දක්ෂ කාන්ත ක්‍රිකට් කණ්ඩායම අපට නිර්මාණය කරගන්න හැකියාව ලැබෙයි සහ ලෝක කුසලනයක අවසාන මහා තරඟයකට ශ්‍රී ලංකාව ගෙන්න ලැබෙයි කියල මම විශ්වාස කරනවා.
කණ්ඩායම් නායිකාව විදියට මම උපරිමයෙන් ඒ සඳහා කටයුතු කරනවා.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පහුගිය කෙටි කාලය තුලදී, මේ ආකාරයට හදිසියේ දක්ෂතා දැක්වීමට ප්‍රධානතම හේතුව කුමක්ද?
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ විශාල වෙනසක් සිදු කිරීම තමයි මේ සඳහා ප්‍රධානතම හේතුව වශයෙන් මම දකින්නේ.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රොමේෂ් රත්නායක මහතා කණ්ඩායමට හොඳ ශක්තියක්.
ඔහුත් සමගම තරිඳු පෙරේරා, මලින්ද වර්ණපුර සහ කාමන් මාපටුන වැනි තවත් නව පුහුණුකරුවන් රැසක් පැමිණියා.
ඒ වගේම ප්‍රධාන පුහුණුකරු අපේ ක්‍රීඩිකාවන්ට සෘණාත්මක දේවල් ගැන කතා කරන්න දෙන්නේ නැහැ, මම හිතන්නේ එක ඉතාමත් වැදගත් දෙයක්.
මම දකින විදියට, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමත් සමග සිටින සෑම කාර්යමණ්ඩල සාමාජිකයකුගේම සහාය සහ ශක්තිය මත තමයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ තරම් ඉක්මනින් ඉදිරියට පැමිණිලා තිබෙන්නේ.
___________________________*************************__________________________******************__________________
SBS සිංහල සේවයේ දිනේෂා දිල්රුක්ෂි විජේසූරිය සහ චමරි අතපත්තු අතර සිදුවුනු සාකච්චාව ඇසුරින් සැකසිනි .