Highlights
- වික්ටෝරියා ප්‍රාන්තයේ 6 වන කොවිඩ් lockdown කිරීම අද රාත්‍රී 8 සිට ආරම්භ වේ.
- අද (05/08) පස්වරු 5 සිට Hunter Valley කලාපයත් lockdown
- බ්‍රිස්බේන් නුවරින් වාර්තා වූ සියලුම ආසාදිතයින් දැනට හඳුනාගෙන ඇති කොරෝනා පොකුරට සම්බන්ධ බව සඳහන්.
- වික්ටෝරියා ප්‍රාන්තයෙන් ප්රභවය හඳුනා නොගත් ආසාදිතයෙක්.
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සඳහා අමතර Pfizer එන්නත් මාත්‍රා ලබාදීම අගමැති මොරිසන් තහවුරු කරයි.
වික්ටෝරියා ප්‍රාන්තය
වික්ටෝරියා ප්‍රාන්තය අද - අගෝස්තු 5 වන බ්‍රහස්පතින්දා රාත්‍රී 8 සිට දින 7 ක කාලයක් සඳහා lockdown කරන බව ප්‍රාන්ත අගමැති Daniel Andrews මිට සුළු මොහොතකට පෙර නිවේදනය කොට සිටියේය.
ප්‍රාන්තය තුල අද දිනයේදී නව කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු අලුතින් වාර්තා වීමත් සමඟ ප්‍රාන්ත රජය මෙම තීරණයට එළඹ තිබේ. වික්ටෝරියා ප්‍රාන්තය මෙලෙස නැවතත් lockdown තත්වයට පත්කෙරෙනුයේ 6 වන වතාවට වේ. වික්ටෝරියා ප්‍රාන්තයේ මීට පෙර තිබූ lockdown කාලය අවසන් වී සති දෙකකටත් අඩු කාලයකට පසු නැවතත් lockdown තත්වයට පත්ව තිබේ.
පසුගියවර lockdown කිරීමේදී අදාල වුනු නීති එලෙසම බල පැවැත්වේ .
- නිවසින් පිටතට යාමට හැකි වන්නේ හේතු 5 ක් සඳහා පමණි. (ආහාර පාන මිලදී ගැනීමට, කොවිඩ් එන්නත ලබා ගැනීමට හෝ වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට, අත්‍යවශ්‍ය සේවා සඳහා, කෙනෙකු සඳහා රැකවරණ සේවා සැපයීමට, ව්‍යායාම කිරීමට)
- කිලෝමීටර් පහක ගමන් සීමාව නැවතත් බල පැවැත් වේ.
- ගෘහස්ථව සහ එළිමහනේ අනිවාර්යයෙන් මුව ආවරණ පැළඳ සිටිය යුතුයි.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් 262 ක් හමුවී තිබේ.
ඊට අමතරව කොරෝනා මරණ 5 ක්ද වාර්තා වී ඇත.
මරණයට පත්වූ පුද්ගලයින්ගෙන් සිව් දෙනෙකු කොරෝනා එන්නත ලබා නොගෙන තිබූ අතර 5 වන පුද්ගලයා AstraZeneca එන්නතෙන් පළමු මාත්‍රාව පමණක් ලබා සිටි බව වාර්තා වේ.
මේ අතර Newcastle, Lake Macquarie, Maitland, Port Stephens, Singleton, Dungog, Muswellbrook සහ Cessnock යන ප්‍රදේශ අද (05/08) පස්වරු 5 සිට අගෝස්තු 13 දා අලුයම 12:01 දක්වා lockdown කෙරේ.
එමෙන්ම අපජල පද්ධති වල වයිරස් මට්ටම ඉහළ ගොස් ඇති වහාම එම ප්‍රදේශ වල වෙසෙන පුද්ගලයින් කොරෝනා පරීක්ෂාවක් සිදුකරගන්නා ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීනි වෛද්‍ය Kerry Chant, Armidale සහ Dubbo යන ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 16 ක් හමුවී තිබෙන අතර එම සියලු ආසාදිතයින් දැනට හඳුනාගෙන ඇති කොරෝනා පොකුරට සම්බන්ධ බවට වාර්තා වේ.
එම ආසාදිතයින්ගෙන් 12 දෙනෙකු තමන්ට වයිරසය ශරීරගතව තිබියදී එම මුළු කාලයම නිරෝධායනය වෙමින් සිටි බව ක්වීන්ස්ලන්ත නියෝජ්‍ය ප්‍රධාන ප්‍රාන්ත අගමැති Steven Miles පැවසීය.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මේ වන විට සිටින සක්‍රිය ආසාදිතයින් ගණන 79 ක් වන අතර එහි ගිනිකොණ දිග කලාපයේ lockdown කිරීම අගෝස්තු 08 වනදා තෙක් පවතී.
පසුගිය පැය 24දී ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති තොරතුරු:
- ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් 6 ක් හමුවූ බව වාර්තා වේ. එයින් එක් ආසාදිතයෙකු Truganina ප්‍රදේශයේ පිහිටි Al-Taqwa පාසලේ ගුරුවරියක් වන අතර ඇයට වයිරසය ආසාදනය වූයේ කෙසේදැයි තවමත් සොයා ගැනීමට නොහැකිවී ඇත.
- අගෝස්තු 16 වන දිනෙන් ඇරඹෙන සතියේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වෙත Pfizer එන්නත් මාත්‍රාවන් 180,000 ක් ලබා දෙන බව අග්‍රාමාත්‍ය Scott Morrison තහවුරු කරයි.
නිරෝධායනය, සංචාරක, පරීක්ෂණ සායන සහ වසංගත ආපදා ගෙවීම්
ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.
- නිව් සවුත් වේල්ස් සහ
- වික්ටෝරියා , සහ
- ACT සහ
- NT සහ
- ක්වීන්ස්ලන්තය සහ
- දකුණු ඔස්ට්‍රේලියාව සහ
- ටස්මේනියා සහ
- බටහිර ඔස්ට්‍රේලියාව සහ
ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් කළ යුතුය.
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : , , , , , , .
පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:
එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න
එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න