Highlights
- කොරෝනා වසංගතය ආරම්භ වූ දින සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවූ ඉහළම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වේ.
- කොරෝනා ආසදිතයෙකුට වයිරසය ආසාදනය වූ අයුරු පිළිබඳ වික්ටෝරියා ප්‍රාන්ත රජය තවමත් විමර්ශනය කරමින් සිටියි.
- දකුණු ඔස්ට්‍රේලියාවෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක්.
- ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වැසියන්ට තවත් සතියක් මුව ආවරණ පැළඳීම අනිවාර්ය කෙරේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් 239 ක් හමුවී තිබේ.
ඊට අමතරව කොරෝනා මරණ දෙකක්ද වාර්තා වී ඇත.
වයස අවුරුදු 90 පසුවූ කාන්තාවක් සහ 80 වන වියෙහි පසුවූ පිරිමි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති අතර ඔවුන් දෙදෙනාම නිරිතදිග සිඩ්නි කලාපයේ වැසියන් බව සඳහන්.
ආසාදිතයින් 239 දෙනාගෙන් 126 කට වයිරසය ආසාදනය වූයේ කෙසේදැයි විමර්ශනය කරමින් සිටින අතර 81 කට වයිරසය වැළදී ඇත්තේ ඔවුන්ගේ නිරෝධායන කාලය තුළදීමය.
Fairfield, Canterbury-Bankstown, Liverpool, Cumberland, Blacktown, Parramatta, Campbelltown සහ George's River නගර සභා කලාප වල වැසියන්ට තම නිවසේ සිට කිලෝ මීටර් 5 කට වඩා ගමන් කිරීම තහනම් බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.
මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මුව ආවරණ පැළඳ නොසිටින පුද්ගලයින් වෙත නිකුත් කරන දඩ මුදල $200 සිට $500 දක්වා වැඩි කර තිබේ.
යළි යළිත් කොරෝනා නීති උල්ලංඝණය කරන ව්‍යාපාර වසා දැමීමට පොලිසියට හෙට සිට (30/07) බලය ලබා දෙනු ඇත.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
වික්ටෝරියා ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් 7 ක් හමුවී තිබේ.
එම සියලු දෙනාම දැනට හඳුනාගෙන ඇති Delta ප්‍රභේදයේ කොරෝනා පොකුරට සම්බන්ධ බව සඳහන්.
මේ අතර ඊයේ දිනයේදී (28/07) වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වූ එක් කොරෝනා ආසාදිතයෙකු මෙල්බර්න් නුවර COVID-19 පරීක්ෂණ සිදුකරන මධ්‍යස්ථානයක සේවය කරන අයෙක් බව වාර්තා විය.
අදාළ පුද්ගලයා Moonee Valley තුරඟ තරඟ පිටියේ ඇති COVID-19 පරීක්ෂණ සිදුකරන මධ්‍යස්ථානයේ රථවාහන පාලකයෙකු ලෙස කටයුතු කරන අයෙක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පැවසීය.
මේ අතර එක් කොරෝනා ආසදිතයෙකුට වයිරසය ආසාදනය වූ අයුරු පිළිබඳ වික්ටෝරියා ප්‍රාන්ත රජය තවමත් විමර්ශනය කරමින් සිටියි.
වික්ටෝරියා ප්‍රාන්තයේ බලාත්මක කොරෝනා නීති පිළිබඳ විස්තර
පසුගිය පැය 24දී ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති තොරතුරු:
- ගතවූ පැය 24 තුළ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හමුවී ඇති අතර ඔවුන් දෙදෙනාටම වයිරසය ආසාදනය වී ඇත්තේ නිරෝධායනය වෙමින් සිටියදීය.
- ගිනිකොනදිග ක්වීන්ස්ලන්තයේ නගර සභා 11 ක වැසියන්ට තවත් සතියක් යනතෙක් මුව ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ.
නිරෝධායනය, සංචාරක, පරීක්ෂණ සායන සහ වසංගත ආපදා ගෙවීම්
ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.
- නිව් සවුත් වේල්ස් සහ
- වික්ටෝරියා , සහ
- ACT සහ
- NT සහ
- ක්වීන්ස්ලන්තය සහ
- දකුණු ඔස්ට්‍රේලියාව සහ
- ටස්මේනියා සහ
- බටහිර ඔස්ට්‍රේලියාව සහ
ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් කළ යුතුය.
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : , , , , , , .
පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:
එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න
එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න