Highlights
ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 44 ක් වාර්තා වී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 22 ක්ද, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් 11 ක්ද සහ ක්වීන්ස්ලන්තයෙන් කොවිඩ් මරණය 06 ක්ද ඊට ඇතුලත්වේ. බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් පෙර සිදුවූ කොවිඩ් මරණ 06 ක් වාර්තා විය.
Omicron හි BA.2 උප ප්‍රභේදය ප්‍රාන්තයේ බොහෝ නව ආසාදන සඳහා වගකිව යුතු බව NSW Health පැවසුවේය.
කෙසේ වෙතත්, BA.4 සහ BA.5 ලෙස හඳුනාගෙන ඇති නිදර්ශකවල අනුපාතය මෑත සතිවල වැඩි වී ඇති අතර, BA.5, BA.4 ට වඩා වැඩි වේ.
මේ අතර NSW ප්‍රාන්තයෙන් යුරෝපයේ සිට ආපසු පැමිණි සංචාරකයෙකු තුළ monkeypox රෝගය හඳුනාගෙන ඇති අතර අදාළ පුද්ගලයා monkeypox තුන්වන ආසදිතයා ලෙස වාර්තා වේ.
ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත ලබාගත හැකිය.
ජුනි 6 සිට සති හතරක් සඳහා ටස්මේනියා ප්‍රාන්තය තම වැසියන්ට නොමිලේ flu එන්නත් ලබා දෙනු ඇත.
මේ නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්තය, වික්ටෝරියා, බටහිර ඔස්ට්‍රේලියා සහ දකුණු ඔස්ට්‍රේලියා යන ප්‍රාන්ත තම වැසියන්ට නොමිලේ flu එන්නත් ලබා දීම අරඹා තිබේ.
COVID ආශ්රිත වංචාවන් පිළිබඳව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අනතුරු අඟවා තිබේ.
කොරෝනා වයිරසය ආශ්රිත වංචා පැමිණිලි 6,415 කට වැඩි ප්‍රමාණයක් සහ වසංගතය ආරම්භ වූ දා සිට වාර්තා වූ පාඩුව ඩොලර් මිලියනයකට ආසන්න ප්‍රමාණයක් බව Scamwatch වාර්තා කරයි.