ඔස්ට්‍රේලියාවේ ජාතික ගීය වන Advance Australia Fair ගීතය නිල වශයෙන් සංශෝධනය කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ ජාතික ගීයේ මෙතෙක් පැවති දෙවැනි පේළිය වූ "For we are young and free" යන්න "For we are one and free." යනුවෙන් සංශෝධනය කර ඇත.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
1984 න් පසු ප්‍රථම වතාවට ඔස්ට්‍රේලියාවේ ජාතික ගීය සංශෝධනය කිරීමේ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ නිර්දේශය ආණ්ඩුකාර ජෙනරාල් David Hurley විසින් අනුමත කරන ලදී.
මෙම සංශෝධනය අද සිට බලාත්මක වන බව ද සඳහන්.
Source: Getty Images AsiaPac
ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් ගේ උරුමය පිළිගැනීම
ඔස්ට්‍රේලියාවේ ස්වදේශික ජනයා වන ඇබෝර්ජීනියානුවරුන් සහ ටොරස් දූපත් වාසීන් ගේ උරුමය පිළිගැනීම සඳහා ජාතික ගීය සංශෝධනය කරන ලෙස සිදුකළ ඉල්ලීම් සලකා බලා සියලු ඔස්ට්‍රේලියානුවන් වෙනුවෙන් මෙම වෙනස සිදු කළ බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison පැවසීය.
"අපේ ජාතිය ගොඩනඟා ඇති පදනම්වලට සහ අනාගතය සඳහා අප බෙදාගන්නා අපේක්ෂාවන්ට ගරු කරන අතරේම ලෝකයේ පැරණිතම ප්රජාතන්ත්රවාදයක් ලෙස එය නැවත තහවුරු කරයි" යනුවෙන් ද අගමැති මොරිසන් පැවසීය.
Recognition in Anthem නම්වූ ඔස්ට්‍රේලියානු ජාතික ගීයෙහි පද රචනය වෙනස් කිරීමට උත්සාහ කරන ඔස්ට්‍රේලියානු කමිටුවක් විසින් මෙහි දෙවැනි පේළියේ පැමිණෙන "young" වචනයට "one" වචනය යෙදිය යුතු බවට මුල් වරට යෝජනා කෙරුණි.
ඔස්ට්‍රේලියානු ජාතික ගීය සංශෝධනය කිරීම සඳහා තමන් ප්‍රසිද්ධියේ සහයෝගය ලබා දෙන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පසුගිය නොවැම්බර් මාසයේදී පැවසුවාය.
"මම හිතන්නේ මේ මහාද්වීපයේ පළමු ජාතීන් ගේ අවුරුදු දස දහස් ගණනක ඉතිහාසය අපි හඳුනාගත යුතු අතර ඊට ගරු කළ යුතුයි. සාමුහිකත්වය ඉතා වැදගත්" යනුවෙන් ඇය ප්‍රකාශ කළාය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
ඔස්ට්‍රේලියානු ජාතික ගීය සංශෝධනය කිරීම වසර 65,000 ක් පැරණි ඔස්ට්‍රේලියාවේ ආදිවාසී උරුමය ද පිළිබිඹු කරන අතර එය ලෝකයේ පැරණිතම අඛණ්ඩ ජීවන සංස්කෘතියක් ලෙසද සැලකෙන බව අගමැති මොරිසන් පෙන්වා දුන්නේය.
"නූතන ජාතියක් ලෙස ඔස්ට්‍රේලියාව සාපේක්ෂව තරුණ විය හැකි නමුත් අපේ රටේ කතාව ඉතා පැරණියි. ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් මෙම භූමියට දක්වන භාරකාරත්වය අප නිවැරදිව පිළිගෙන ඊට ගරු කළ යුතුයි." යනුවෙන්ද ඔහු වැඩි දුරටත් පැහැදිලි කළේය.
Australia's Prime Minister Scott Morrison Source: AAP
ඔස්ට්‍රේලියාවේ නව ජාතික ගීය
Australians all let us rejoice,
For we are one and free;
We’ve golden soil and wealth for toil;
Our home is girt by sea;
Our land abounds in nature’s gifts Of beauty rich and rare;
In history’s page, let every stage Advance Australia Fair.
In joyful strains then let us sing, Advance Australia Fair.
Beneath our radiant Southern Cross We’ll toil with hearts and hands;
To make this Commonwealth of ours Renowned of all the lands;
For those who’ve come across the seas We’ve boundless plains to share;
With courage let us all combine To Advance Australia Fair.
In joyful strains then let us sing, Advance Australia Fair.