විදෙස් සංචාරකයින් ඔස්ට්‍රේලියාවට පැමිණීමේදී ලබාගත යුතු කොවිඩ් එන්නත් අතරට තවත් කොවිඩ් එන්නත් වර්ග දෙකකට ඔස්ට්‍රේලියාව අවසර ලබා දී තිබේ.
ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය විසින් අද (01/11) දිනයේ මේ බව දැනුම් දුන්නේය.
Highlights
- ඉන්දියාවේ නිෂ්පාදිත Covaxin සහ චීනයේ නිෂ්පාදිත BBIBP-CorV හෙවත් Sinopharm යන කොවිඩ් එන්නත් වර්ග දෙක ඔස්ට්‍රේලියාව පිළිගන්නා බව අද ප්‍රකාශයට පත් කළේය.
- ඔස්ට්‍රේලියාවට පැමිණිය හැක්කේ ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබා දුන් හෝ පිළිගත් හෝ කොවිඩ් එන්නත්වල මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ට පමණි.
- ඔස්ට්‍රේලියාව විසින් අනුමැතිය ලබා දුන් හෝ පිළිගත් හෝ කොවිඩ් එන්නත් වර්ග 8 ක් මේ වන විට තිබේ.
කොවිඩ් එන්නත් වර්ග දෙකකට අලුතින් අවසර
තම ආයතනය ඉන්දියාවේ නිෂ්පාදිත Covaxin සහ චීනයේ නිෂ්පාදිත BBIBP-CorV හෙවත් Sinopharm යන කොවිඩ් එන්නත් වර්ග දෙක පිළිගන්නා බව ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය විසින් අද ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව යම් පුද්ගලයකු එම එන්නත් වර්ග දෙකින් එකක මාත්‍රා දෙකම ලබා ඇත්නම් ඔහුට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලැබේ.
ඔස්ට්‍රේලියාවට පැමිණිය හැක්කේ ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබා දුන් හෝ පිළිගත් හෝ කොවිඩ් එන්නත්වල මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ට පමණි.
Source: Getty
ඔස්ට්‍රේලියාව විසින් අනුමැතිය ලබා දුන් හෝ පිළිගත් හෝ කොවිඩ් එන්නත්
ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබා දී ඇති කොවිඩ් එන්නත් වර්ග 4 කි.
ඒවා පහත පරිදි වේ.
01. Pfizer
02. AstraZeneca
03. Moderna
04. Johnson and Johnson
ඊට අමතරව ඔස්ට්‍රේලියාවට පැමිණීමේදී සංචාරකයින් විසින් ලබා ඇති තවත් කොවිඩ් එන්නත් වර්ග 4 ක් මේ වන විට ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය විසින් පිළිගෙන තිබේ.
ඒවා පහත පරිදි වේ.
01. ඉන්දියාවේ නිෂ්පාදිත Covishield
02. ඉන්දියාවේ නිෂ්පාදිත Covaxin
03. චීනයේ නිෂ්පාදිත Sinovac
04. චීනයේ නිෂ්පාදිත Sinopharm
Chinese-made Sinopharm Covid-19 coronavirus vaccine (ISHARA S. KODIKARA-AFP via Getty Images) Source: ISHARA S. KODIKARA-AFP via Getty Images
මෙය බලපාන්නේ කාහටද?
මෙම තීරණය ජාත්‍යන්තර සිසුන් ඔස්ට්‍රේලියාවට නැවත පැමිණීමට සහ පුහුණු සහ නුපුහුණු ශ්‍රමිකයින් ඔස්ට්‍රේලියාවට පැමිණීමට සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇතැයි ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරියේ නියෝජිතයෙකු පැවසීය.
"ඉහත කොවිඩ් එන්නත් වර්ග බහුලව ලබා ඇති චීනයේ සහ ඉන්දියාවේ මෙන්ම අපගේ කලාපයේ අනෙකුත් රටවල පුරවැසියන් දැන් ඔස්ට්‍රේලියාවට ඇතුළු වනවිට සම්පූර්ණයෙන්ම එන්නත් කළ අය ලෙස සලකනු ලබනවා." යනුවෙන් ද ඔහු සඳහන් කළේය.
කොවිඩ් වසංගතය හේතුවෙන් මාස 18 ක් වසා දමා තිබූ ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර දේශ සීමා අද (01/11) දිනයේ යළි විවෘත කෙරුණි.
ඒ අනුව විදෙස් රටවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට සහ ස්ථිර පදිංචිය හිමි පුද්ගලයින්ට මධ්‍යම රජයේ අවසරයකින් තොරව ඔස්ට්‍රේලියාවට පැමිණීමටත් ඔස්ට්‍රේලියාවෙන් බැහැර වීමටත් අද සිට අවසර ලැබේ.
එමෙන්ම ඔස්ට්‍රේලියානුවන්ගේ සහ ස්ථිර පදිංචිය හිමි පුද්ගලයින්ගේ දෙමාපියන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට අද සිට හැකියාව ලැබේ.
නමුත් ඔවුන් ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබා දුන් හෝ පිළිගත් හෝ කොවිඩ් එන්නත්වල මාත්‍රා දෙකම ලබාගෙන තිබීම අනිවාර්ය වේ.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.