සරණාගතයින්ව නැවත පදිංචි කරවීම සඳහා කැනඩාව අනුගමනය කරන ආකෘතියක කොටසක් සලකා බැලීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අවධානය යොමුව තිබේ.
නමුත් ඒ සඳහා ප්‍රජාවේ සාමාජිකයින් අනුග්‍රහය දැක්විය යුතුවේ.
Highlights
- ඔස්ට්‍රේලියාවට සරණාගතයින් බාර ගැනීමේදී කැනඩාව අනුගමනය කරන community sponsorship වැඩසටහනට සමාන ආකාරයේ වැඩසටහනක් අනුගමනය කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අවධානය යොමුව ඇත.
- සරණාගතයින්ව ඔස්ට්‍රේලියාවේ යළි පදිංචිකිරීමේ මාර්ගයන්හි සිදුකළ හැකි සංශෝධන පිළිබඳව තමා අවධානය යොමු කරන බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke පැවසීය.
- සරණාගත වීසා අයදුම්පත් සඳහා වන ගාස්තුව ඉතා ඉහළ බව Peter Shergold ගේ වාර්තාව කියා සිටියි.
කැනඩාව සරණාගතයින්ව පිළිගනියි
1970 වසරේ පටන් මේ දක්වා community sponsorship හෙවත් ප්‍රජා අනුග්‍රාහකත්වය වැඩසටහන යටතේ සරණාගතයින් 300,000 කැනඩාව විසින් බාරගෙන තිබේ.
ඊට අමතරව රජයේ අරමුදල් සහිත සරණාගත වැඩසටහන් යටතේ තවත් බොහෝ පිරිසක් කැනඩාවට පැමිණ ඇත.
ඔස්ට්‍රේලියාවට සරණාගතයින් බාර ගැනීමේදී කැනඩාව අනුගමනය කරන community sponsorship හෙවත් ප්‍රජා අනුග්‍රාහකත්වය වැඩසටහනට සමාන ආකාරයේ වැඩසටහනක් අනුගමනය කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අවධානය යොමුව ඇති බව SBS පුවත් සේවය අනාවරණය කරයි.
ඔස්ට්‍රේලියාවේ වර්තමාන සරණාගත උපකාරක විධිවිධාන පිළිබඳ සමාලෝචනයේ සොයාගැනීම් පසුගිය සතියේදී සංක්‍රමණ සේවා සඳහා මධ්‍යම රජයේ සම්බන්ධීකාරක ජනරාල් Alison Larkins විසින් ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke වෙත බාරදෙන ලදී.
අදාළ සමාලෝචනය පදනම් වී ඇත්තේ සරණාගතයින් හා සම්බන්ධ දේශීය පාර්ශවකරුවන් හා කැනඩාවේ ජාත්‍යන්තර පාර්ශවකරුවන් මෙන්ම එක්සත් රාජධානිය සහ අයර්ලන්තය වැනි ඊට සමාන ආකෘතීන් ස්ථාපනය කළ පාර්ශව සහ UNHCR වෙතින් ලද ප්‍රතිචාර මත ය.
වසර 2017 දී ඔස්ට්‍රේලියාවේ රැකියා අපේක්ෂාවන් සහිත සරණාගතයින් නැවත පදිංචි කරවීම සඳහා මූල්‍ය ආධාර සැපයීමට පුද්ගලයන්ට, ව්‍යාපාරවලට හෝ ප්‍රජා කණ්ඩායම්වලට ඉඩ සැලසෙන පරිදි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් "community support program" හෙවත් “ප්‍රජා උපකාරක වැඩසටහනක්” හඳුන්වා දෙන ලදී.සරණාගතයින්ව ඔස්ට්‍රේලියාවේ යළි පදිංචිකිරීමේ මාර්ගයන්හි සිදුකළ හැකි සංශෝධන පිළිබඳව තමා අවධානය යොමු කරන බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke පැවසීය.
Turkish Coast Guard operation on the Aegean sea between Turkish resort town of Bodrum and the Greek island of Kos on November 15, 2019. Source: Burak Kara/Getty Images
"ඔස්ට්‍රේලියාවට පැමිණෙන සරණාගතයින්ට සහ මානුෂීය හේතු මත පැමිණෙන්නන් හට ප්‍රයෝජනවත් ප්‍රතිඵල ලබා දීම සඳහා මෙම සරණාගත වැඩසටහන ඔස්ට්‍රේලියානු ප්‍රජාව, ව්‍යාපාර සහ රජය අතර අව්‍යාජ, සාර්ථක හවුල්කාරිත්වයක් බවට පත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා." යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
මීට පෙර සිදුකළ සමාලෝචනය
සරණාගතයින් සඳහා වූ ඔස්ට්‍රේලියාවේ වර්තමාන ක්‍රමය වන "shared cost model" හෙවත් "හවුල් පිරිවැය ආකෘතිය" වෙනස් කිරීමට හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන Peter Shergold විසින් මීට පෙර සිදුකළ සමාලෝචනයකදී නිර්දේශ කර තිබුණි.
ඒ වෙනුවට ප්‍රජාව, රැකියා සහ විශ්ව විද්‍යාල අනුග්‍රාහක මාර්ග කෙරෙහි අවධානය යොමු කරමින් මාර්ග තුනක් හඳුන්වා ඔහු හඳුන්වා දුන්නේය.
සරණාගත වීසා අයදුම්පත් සඳහා වන ගාස්තුව ඉතා ඉහළ බව Peter Shergold ගේ වාර්තාව කියා සිටියි.
"එය සරණාගත වැඩසටහනේ අරමුණ විකෘති කරයි. කුඩා හා ප්‍රාදේශීය ප්‍රජාවන්ට වැඩසටහනේ අවශ්‍යතා සපුරාලීමට සම්පත් නොමැත." යනුවෙන් එම වාර්තාව වැඩි දුර පවසා තිබේ.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ වර්තමාන ප්‍රජා උපකාරක ක්‍රමයට සැලකිය යුතු ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ඔස්ට්‍රේලියාවේ සරණාගත කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී Paul Power පැවසීය.
ඔස්ට්‍රේලියාවේ වර්තමාන සරණාගත වැඩසටහන සරණාගතයින්ට අනුග්‍රහය දැක්වීමේ ලෝකයේ වඩාත්ම අකාර්යක්ෂම ආකෘතිය බවද ඔහු පෙන්වා දුන්නේය.
සරණාගතයින් බාර ගැනීමේදී යන පිරිවැය සහ ප්‍රජාවේ අනුග්‍රහය නිසි පරිදි කළමනාකරණය කර ගැනීමේ ආකෘති අතරින් කැනඩාවේ ආකෘතිය වඩා ඵලදායී බව ද ඔහු පැහැදිලි කළේය.
කැනේඩියානු රජයේ සහයෝගය ඇති 40% ක සරණාගතයින්ට වඩා පුද්ගලිකව අනුග්‍රහය දැක්වූ සරණාගතයින් 60% ට තම පළමු වසරේදීම රැකියාවක් සොයාගැනීමට හැකිවී ඇති බව සංක්‍රමණ සේවා සඳහා මධ්‍යම රජයේ සම්බන්ධීකාරක ජනරාල් Alison Larkins පැවසුවාය.